BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පළමු නවකතාවෙන් ම ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකකට පාත්‍ර වූ ශ්‍රී ලාංකික ලේඛකයා

T

The Leader

June 20, 2024 • 10:46 AM

පළමු නවකතාවෙන් ම ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකකට පාත්‍ර වූ ශ්‍රී ලාංකික ලේඛකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික තරුණ ලේඛකයෙකුට ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකක් හිමි වී තිබේ.
  • මෙහි සුවිශේෂත්වය වන්නේ, එම ලේඛකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සිය පළමු විද්‍යා ප්‍රබන්ධ නවකතාවට මෙම සම්මානය හිමි වීම ය.
  • ඇමෙරිකාවේ ගෞරවයට පාත්‍ර වූ මෙම සම්මාන දෙක ම හිමි වී ඇත්තේ, 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors කෘතියට ය.
  • මෙම නවකතාව "නූතන ජීවිතයේ ලෞකික අරගලවලට එරෙහිව දිව්‍යමය විප්ලවවාදීන්ගේ සහ ලෝකෝත්තර ඇදහිලි අතර ප්‍රබල ඝට්ඨනයක් නිර්මාණය කරන," බව කර්තෘවරයා වන වජ්‍ර චන්ද්‍රසේකර පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සම්මාන අතරින් එකක් වන්නේ, ඇමෙරිකාවේ මුද්‍රණය කෙරුණු විද්‍යා ප්‍රබන්ධ අතරින් 2023 වසරේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ නවකතාවට හිමි නෙබියුලා (Nebula) සම්මානය යි.

මෙහි සුවිශේෂත්වය වන්නේ, එම ලේඛකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සිය පළමු විද්‍යා ප්‍රබන්ධ නවකතාවට මෙම සම්මානය හිමි වීම ය.

දෙවැන්න, ලේඛකයෙකුගේ පළමු මනඃකල්පිත (fantasy) නවකතාව වෙනුවෙන් පිරිනැමෙන ක්‍රෝෆෝඩ් (Crawford) සම්මානය යි.

ඇමෙරිකාවේ ගෞරවයට පාත්‍ර වූ මෙම සම්මාන දෙක ම හිමි වී ඇත්තේ, 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors කෘතියට ය.

The Saint of Bright Doors කෘතියේ අන්තර්ගතය

The Saint of Bright Doors යනු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකර විසින් රචනා කරන ලද මනඃකල්පිත නවකතාවකි.

අද්භූත "දීප්තිමත් දොරවල්" සහිත ප්‍රබන්ධිත නගරයක, ප්‍රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයෙකු ඝාතනය කිරීමට කුඩා කාලයේ සිට ම පුහුණු වූ මිනිසෙකුගේ කතාව නවකතාවට වස්තු විෂය වී තිබේ.

මෙම නවකතාව "නූතන ජීවිතයේ ලෞකික අරගලවලට එරෙහිව දිව්‍යමය විප්ලවවාදීන්ගේ සහ ලෝකෝත්තර ඇදහිලි අතර ප්‍රබල ඝට්ඨනයක් නිර්මාණය කරන," බව කර්තෘවරයා වන වජ්‍ර චන්ද්‍රසේකර පවසයි.


The Saint of Bright Doors යනු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකර විසින් රචනා කරන ලද මනඃකල්පිත නවකතාවකි.

 

නෙබියුලා (Nebula) සහ ක්‍රෝෆෝඩ් (Crawford) සම්මාන

ඇමරිකාවේ විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි ලේඛකයින්ගේ සංගමය (SFWA) විසින් වාර්ෂිකව Nebula සම්මාන පිරිනමනු ලබන්නේ, පෙර වසර තුළ ප්‍රකාශයට පත් කරන ලද හොඳ ම විද්‍යා ප්‍රබන්ධය හෝ ෆැන්ටසි ප්‍රබන්ධය සඳහා ය.

ඊට සුදුසුකම් ලබන්නේ, ඇමෙරිකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි කෘති පමණි.

ලෝකයේ වෙනත් රටවල ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද කෘතීන් වෙබ් අඩවියක හෝ විද්‍යුත් සංස්කරණයකින් නිකුත් කර ඇත්නම් ඒවා ද සුදුසුකම් ලබයි.

1966 වසරේදී ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, 59 වන වරට ය.

William L. Crawford Fantasy Award හෙවත් Crawford Award යනු පෙර වර්ෂයේදී සිය ප්‍රථම ෆැන්ටසි කෘතිය ප්‍රකාශයට පත් කරන ලද ලේඛකයෙකුට පිරිනැමෙන සාහිත්‍ය සම්මානයකි.

එය ජාත්‍යන්තර කලාව සඳහා වූ ෆැන්ටාස්ටික් සංගමය (IAFA) විසින් පිරිනමන සම්මාන කිහිපයෙන් එකක් වන අතර සෑම මාර්තු මසක ම ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝහි පැවැත්වෙන ෆැන්ටාස්ට් ඉන් ආර්ට්ස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ප්‍රදානය කෙරේ.

එය 1985 වසරේදී ආරම්භ කෙරිණි.

2024 වසරේදී සම්මානය පිරිනමන ලද්දේ, ශ්‍රී ලාංකික ලේඛක වජ්‍ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors ප්‍රබන්ධය වෙනුවෙනි.

වජ්‍ර චන්ද්‍රසේකර යනු කවුද?

වජ්‍ර චන්ද්‍රසේකර තමන් ශ්‍රී ලාංකික ලේඛකයෙකු බවට හඳුන්වයි. ඔහු මේ වන විට ඉංග්‍රීසි නවකතා දෙකක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔහු ප්‍රකාශයට පත් කරන ලද පළමු ප්‍රබන්ධ නවකතාව වන්නේ, The Saint of Bright Doors කෘතිය යි. එය සම්මාන රැසක් හිමි කර ගැනීම විශේෂත්වයකි.
එම කෘතියට හිමි වූ සම්මාන මෙසේ ය.

  1. 2023 වසරේ නෙබියුලා සම්මානය
  2. 2024 වසරේ ක්‍රෝෆෝඩ් ෆැන්ටසි සම්මානය
  3. 2024 වසරේ හොඳ ම නවකතාවට පිරිනැමෙන හියුගෝ සම්මානයට නිර්දේශ වීම
  4. 2024 වසරේ හොඳ ම පළමු නවකතාවට පිරිනැමෙන ලූකස් සම්මානයට නිර්දේශ වීම


ඊට අමතරව, 2023 වසරේ විශිෂ්ට කෘතියක් ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් The Saint of Bright Doors කෘතිය නම් කරන ලදී.
ඔහුගේ දෙවන නවකතාව වන Rakesfall 2024 වසරේදී ප්‍රකාශයට පත් කෙරිණි.

වජ්‍ර චන්ද්‍රසේකර මේ වන විට කෙටිකතා 50කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ.

Rakesfallඔහුගේ දෙවන නවකතාව වන Rakesfall 2024 වසරේදී ප්‍රකාශයට පත් කෙරිණි.


විචාරක අදහස්

The Saint of Bright Doors නවකතාව සම්බන්ධයෙන් පළවූ විචාරක අදහස් කිහිපයක් පහත දැක්වේ.

"බොහෝ දක්ෂතා සහිත, වේගයෙන් ගලා යන, විස්මයජනක ස්වතන්ත්‍ර නිර්මාණයක් වන The Saint of Bright Doors, උපමා කතාවක සරල බව භාවිත නොකර, අප ජීවත් වන කුරිරුකමේ බන්ධන තේරුම් ගැනීමට වාක්‍ය ඉදිරිපත් කරයි." - නිව් යෝර්ක් ටයිම්ස් වෙනුවෙන් අමල් එල්-මොහ්ටාර්.

"මිථ්‍යාවේ සහ ලෞකිකත්වයේ අලංකාර සම්මිශ්‍රණයක්." - එරින් මෝර්ගන්ස්ටර්න්, වැඩි ම අලෙවියක් ඇති The Night Circus කෘතියේ කතුවරයා.

“The Saint of Bright Doors යනු, වීරයෙකු තමන් සැමවිට ම ජීවත් වීමට අදහස් කළ භූමිකාව දක්වා වර්ධනය වන ආකර්ෂණයක් ඇති කරන කෘතියක් වන අතර, පළමු පරිච්ඡේදයේ සිට මගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අනපේක්ෂිත අවසානයක් ද සහිත ය. චන්ද්‍රසේකර මීළඟට කුමක් කරයි ද? කියා මට ඇත්තට ම බලා සිටීමට ඉවසීමක් නැත. - ලිස් බ්‍රාස්වෙල්, The Wall Street Journal

"චන්ද්‍රසේකර ග්‍රන්ථ දහයකට ප්‍රමාණවත් අදහස් ඇති සංකීර්ණ ලෝකයක් ගොඩනගයි, ඔහුගේ තේමාව වන ජාතිවාදී ඒකාධිපතිවාදය සමග සම්බන්ධ වූ ආගමික අන්තවාදයේ අනතුරුදායක බව, ඔබ තුළට කාවැද්දීම විනෝදජනක ය." - වොෂින්ටන් පෝස්ට් වෙනුවෙන් චාලි ජේන් ඇන්ඩර්ස්.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...