BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රතු කොම්රාදුවා දුටු විකාර සිහිනය - (චින්තන ධර්මදාස)

T

The Leader

June 24, 2024 • 12:37 AM

රතු කොම්රාදුවා දුටු විකාර සිහිනය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුදත් මහදිවුල්වැව ගෙ රතු සහෝදරයා චිත්‍රපටය ගැන මගේ අදහස් ලියන එක මං ප්‍රමාද කළා.
  • ඒ චිත්‍රපටය සිනමාවක් හෝ අන් කවරක් හෝ වෙනවාට වඩා සුදත්ගේ අවංක ප්‍රකාශනයක් කියන එක මං සමීපව දැක්කා.
  • කොහොම නමුත් තමන් විසින් අවුරුදු ගණනාවක් වැඩ කරමින් හිටපු මනෝරාණී තේමාව හඳයා විසින් අත්පත් කරගැනීම සුදත්ගේ නිර්මාණ ජීවිතයට ලොකු තුවාල ඇති කරන්නක් වුනා.
  •   ඒ වේදනාව, බිඳවැටීම ගැන ප්‍රකාශනයක් විදිහටයි ‘මයි රෙඩ් කොම්රේඩ්’ කියන කෙටි භූගත අත්දැකීම තිරයට එන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට හේතුව විදර්ශන එයාගෙ දේශනයක කියනවා වගේම මගේ අදහස් විසින් සුදත්ගේ වැඩේට යම් අගතියක් කරයිද යන සිතුවිල්ල. 

 



ඒක පදනම් වෙන්නෙ හුදු සුදත් එක්ක මගේ තියෙන මිත්‍රත්වය මත නෙමෙයි. ඒ වෙනුවට සුදත් සිනමාවට දක්වන අනුරාගය මතයි. ඒ චිත්‍රපටය සුදත් විසින් විශ්වාස කළ තරමට යම් ගෞරවයක් මගේ තිබුන. ඒ චිත්‍රපටය සිනමාවක් හෝ අන් කවරක් හෝ වෙනවාට වඩා සුදත්ගේ අවංක ප්‍රකාශනයක් කියන එක මං සමීපව දැක්කා.

සුදත් මේ චිත්‍රපටයට එළඹෙන්නෙ විශාල වේදනාවක් එක්කයි. ඒ අශෝක හඳගම විසින් තමන්ගේ තිර පිටපත හොරකම් කළා කියන විඳවීමත් එක්කයි. ඒක ඒ ආකාරයෙන්ම සත්‍යයක් වෙනවාට වඩා සුදත්ට ඒ සිදුවීම පෙනෙන ආකාරය වෙන්න පුළුවන්. කොහොම නමුත් තමන් විසින් අවුරුදු ගණනාවක් වැඩ කරමින් හිටපු මනෝරාණී තේමාව හඳයා විසින් අත්පත් කරගැනීම සුදත්ගේ නිර්මාණ ජීවිතයට ලොකු තුවාල ඇති කරන්නක් වුනා.

 

ඒ වේදනාව, බිඳවැටීම ගැන ප්‍රකාශනයක් විදිහටයි ‘මයි රෙඩ් කොම්රේඩ්’ කියන කෙටි භූගත අත්දැකීම තිරයට එන්නෙ. ඒක දවස් හතරක් වැනි කෙටි කාලයක් තුල සුදත් විසින් කරන සිනමා අභ්‍යාසයක්. අවුරුදු දා හතකට පස්සෙ සුදත් ආපහු ‘නෝ බජට්’ සිනමාවෙන් කතා කරනවා. නිර්මාණකරුවෙක් තමන්ගේ වේදනාව, පශ්චාත්තාපය තමන්ගේ සිනමාවෙන් පිටකිරීමට මං ආදරෙයි. එතනදි මං ඒ නිර්මාණය සහ නිර්මාණකරුවාගේ වේදනාව අතර තැනක නරඹන්නෙක් වෙනවා.

 

තිර පිටපත විසින් ඒ කෘතියේ ජීවත්වන චරිත දෙකට ජීවිතයක් නිර්මාණය කරලා දීලා නෑ

 

සුදත්ගේ චිත්‍රපටයේ ප්‍රධාන දුර්වලතා දෙකක් තියෙනවා. එකක් තිර පිටපත. තිර පිටපත විසින් ඒ කෘතියේ ජීවත්වන චරිත දෙකට ජීවිතයක් නිර්මාණය කරලා දීලා නෑ. ඒ හින්ද ඒ අයට රඟපාන්න පාදකයක් නෑ. කෘතිය හුදු වැහැරීමක් බවට පත්වෙනවා. එකිනෙක දෙබස් මත ගෙවෙන චරිත ගොඩ නොනැගෙන හිස්කමකට අහුවෙනවා.


දෙවෙනි දුර්වලතාවය සකසුරුවමයි. ඉතාම මැනවින් සැලසුම් කරන්න සිදුවීම නිසාම කෘතිය උපරිම පාලනයට ලක්වුනු ස්වභාවයක් ගන්නවා. හුස්ම ගන්න ඉඩකඩ ඇහිරෙනවා. ඒක නිර්මාණය බලෙන් හික්මවීමක් මිරිකීමක් බවට පත්වෙන නිසා අතිරික්තය අහිමි වෙනවා. ඒ කියන්නෙ පිටපතට වැඩිය එකතු වෙන මැජික් එක.

 

rc 57cfමේ දුර්වලතා දෙක හැරුනම චිත්‍රපටය සිනමාත්මකව පොහොසත්.

මේ දුර්වලතා දෙක හැරුනම චිත්‍රපටය සිනමාත්මකව පොහොසත්. කැමරාව ඉතා දක්ෂ විදිහට අතිශය කුඩා පරිසරයක විවිධත්වයන් මවනවා. සංස්කරණය විසින් ඊට අදාල රිද්මය ගොඩනගනවා. සංගීතය චිත්‍රපටයේ මිස් වුනු හැගීම් දනවන්න ලොකු කාර්යභාරයක් කරනවා. තරින්දි චරිතයක් නැති පිටපතක චරිතයක් මවන්න සෑහෙන වෑයමක් ගන්නවා. ආසිරි දක්ෂයෙක් වුනත් මෙතන රංගනයේදි අසමත් වෙනවා.

සිනමාව යනු කුමක්ද කියන ප්‍රශ්නය මට නෑ. ඒ හින්ද මං හැමතිස්සෙම උනන්දු වෙන්නෙ තිරය මත පතිත දෙය විසින් මාව උත්තේජනය කරනු ලබන්නේ කෙසේද කියන කාරණයටයි. එතනදි ලංකාවෙ මොනම චිත්‍රපටයක් වුනත් මට පොසිටිව් අත්දැකීමක්. ලාභයක් ඉපැයීම අතිශය අමාරු කලාපයක කවුරුන් හෝ කරන වික්‍රමයක්.

 

My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගමසුදත්ගේ චිත්‍රපටයේ තියෙනවා රතු සහෝදරවරුන්ගේ හීනයක්.
සුදත්ගේ චිත්‍රපටයේ තියෙනවා රතු සහෝදරවරුන්ගේ හීනයක්. ඒ හීනෙ අරං ඇවිදින රතු සහෝදරවරු ඕනතරං මට මුනගැහිලා තියෙනවා. මුලින්ම මං මේ හීනය ගැන තේරුම් ගත්තෙ මංජුල වෙඩිවර්ධනගෙන්. ඒක ෆැන්ටසියක්. ඒ ෆැන්ටසිය සුදත් මේ බිත්ති හතරෙ සිනමාවට අරං ඇවිත් තියෙනවා.

විප්ලවයක් නැතත් බිම්ගතව රුසියානු වීරයන්ගෙ පෝස්ටර් අතර ජීවත් වෙන, රාජ්‍ය රහස් ලුහුබඳින, දිගු රැවුල් කොන්ඩා වැවුනු අපිස් ජීවිතයක්. කවුරුන් හෝ නිතර තමන් ලුහුබඳිනවා යන සිතුවිල්ලෙන් බියපත් මනසක්. විප්ලවීය අනුහස ඇති සුන්දර යුවතියක් ඒ බිම්ගෙට පැමිණ තමන්ට සැබෑ මානුෂීය විප්ලවය පසක් කරනු ඇතැයි සිහිනයක්. මේ තමයි සුදත් කියන රතු කොම්රේඩ්.

MY RED COMRADE : 'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)මේ චිත්‍රපටියෙ තරින්දි නිරුවත් දර්ශනයකට පෙනී ඉන්නවා. ඒක සිනමාව පැත්තෙන් ලොකු පිම්මක් විදිහටයි මං සලකන්නෙ.

 

මේ චිත්‍රපටියෙ තරින්දි නිරුවත් දර්ශනයකට පෙනී ඉන්නවා. ඒක සිනමාව පැත්තෙන් ලොකු පිම්මක් විදිහටයි මං සලකන්නෙ. ගොඩක් අය කියන්න පුළුවන් ඇඳුම් ගලවන එක ඒ තරම් ලොකු දෙයක්ද කියල. ඔව්, කැමරාවක් ඉස්සරහ ඇඳුම් ගලවන එක ලොකු දෙයක් තමයි. ඒක ලොකු ‘කොස්ට්’ එකක්.

විශේෂයෙන් ජනප්‍රියත්වයේ ඉහලම තැනක ඉඳිද්දි නිරුවතින් රඟපෑම කියන්නෙ අභිනිෂ්ක්‍රමණයක් වෙන්න පුළුවන්. ඒ අහිංසකාවිය, යහපත් ගැහැණිය කියන සමාජ ප්‍රතිරූපය අත්හරිමින් ‘නිළියක්’ කියන භූමිකාව බාරගන්න එක ලොකු එඩිතර බවක් උවමනා වැඩක්. තරින්දි පවා පස්සෙ මං නිරුවතින් රඟපාන්නෙ නෑ ආදී කතා කියමින් අඩිය පස්සට ගන්න සම්මුඛ සාකච්ඡා මං දැක්කා. ඒ සංස්කෘතික අභියෝගය ලේසි එකක් නෙමෙයි.

 

සුදත්ගේ සිනමාව හරහා තරින්දිගේ නිරුවත රතු සහෝදරයෙකුගේ බිම්ගෙයක් ඇතුලෙ සටහන් වීම ලංකාවෙ සිනමාවෙ සළකුනක්. ගාඩි චිත්‍රපටය කරද්දිවත් ප්‍රසන්න විතානගේට ගාඩි නිරුවත් උඩුකයවත් පෙන්නන්න බැරි වුනා. ඒක ප්‍රසන්නගේ අසමත්කමක් නෙමෙයි. ඒ තමයි සංස්කෘතියෙ පීඩනය.

සුදත් රතු සහෝදරයාගේ කාමරේට වැස්සෙ තෙමීගෙන ඇතුල්වෙන මේ දේවතාවිය හරහා ලංකාවෙ සිනමාවට ‘manic pixie dream girl’ කෙනෙක් හඳුන්වා දෙනවා. ඒ තමයි රතු සහෝදරයන්ගේ ස්ත්‍රී ෆැන්ටසිය. ඇය විටෙක පිහිටක් සොයා එන මංමුලා සමනළියක්, විටෙක අනුරාගයේ අනුහස පතුරන ගණිකාවක්, විටෙක විප්ලවයේ අරුත් පසිඳලන රතු මුනිවරියක්. ඒ හිරු එළිය නොදකින බිම්ගත හුදකලා විප්ලවවාදියා සොයාගෙන මේ ගැහැණිය එනතුරා හැම රතු සහෝදරයෙක්ම බලාගෙන ඉන්නවා.

 

මයි රෙඩ් කොම්රේඩ්' : 'උඹලා හදන ඔය අලූත් ලෝකෙ අපට ඉඩක් නැද්ද' - (අජිත්  ගලප්පත්තිගේ සිනමා විචාරයක්)ඒ තමයි රතු සහෝදරයන්ගේ ස්ත්‍රී ෆැන්ටසිය
මේක ‍මට හිතුනෙ ජවිපෙට සුනිලා අබේසේකර එකතු වුනු කතාවෙ මෙටා‍ෆර් එකක් වගේ.

ඒක හරි ක්‍රින්ජ් වගේ කෙනෙකුට පේන්න පුළුවන්. ඒක වෙන්නෙ තිරපිටපතේ දුර්වලකම හින්ද. නැත්තං රතු සහෝදරයෙකුගේ ආදරය පිළිබඳ සිහිනය චිත්‍රපටියෙ තියෙනවා.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...