BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ප්‍රසන්නගේ 'පැරඩයිස්' චිත්‍රපටය මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එක්වර තිරගත වේ

T

The Leader

June 29, 2024 • 11:33 AM

ප්‍රසන්නගේ 'පැරඩයිස්' චිත්‍රපටය මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එක්වර තිරගත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනගිය එයින් ජාත්‍යන්තර සම්මාන දිනා ලංකාවට කීර්තිය අත්කර දුන් විශිෂ්ට ගණයේ
  • ඔහු ඉන්දියාවත් සමඟ එක්වී ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය නිර්මාණය කළ අතර එය අද (28) සිට මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එක්වර තිරගත කෙරේ.
  • භාෂා 5කින් සමන්විත මේ චිත්‍රපටය පිළිබඳවත් මෙරට සිනමාවේ ප්‍රශ්න පිළිබඳවත් ඔහු සමඟ කතා බහ කෙළෙමු.
  • ඇත්තටම එය ඉන්දියාව හා සමගාමී ප්‍රදර්ශනයක් නොව ලංකාව, කටාර්, සිංගප්පූරුව, සවුදි අරාබිය, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලත් ප්‍රදර්ශනය වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමා අධ්‍යක්ෂවරයෙකි. ලාංකේය සිනමාව මේ රටට පමණක් සීමා නොකොට ජාත්‍යන්තරයේද සහයෝගයෙන් තම නිර්මාණ ඉදිරිපත් කිරීමට වෙහෙසුණු, ඒ වෙනුවෙන් කැපවුණු නිර්මාණශීලී අදහස් ඇති  දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු හැඳින්විය හැකිය.


ඔහු ඉන්දියාවත් සමඟ එක්වී ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය නිර්මාණය කළ අතර එය අද (28) සිට මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එක්වර තිරගත කෙරේ. එය සැබැවින්ම ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලැබූ ඉහළම ජයග්‍රහණයකි. භාෂා 5කින් සමන්විත මේ චිත්‍රපටය පිළිබඳවත් මෙරට සිනමාවේ ප්‍රශ්න පිළිබඳවත් ඔහු සමඟ කතා බහ කෙළෙමු. ලාංකේය සිනමාව වෙනුවෙන් නිතරම විවෘතව කතා කරන ඒ වෙනුවෙන් කැපවෙන මේ නිර්මාණකරුවා නමින් ප්‍රසන්න විතානගේය. මේ ඔහුගේ හඬයි.

jhf45sd
‘‘පැරඩයිස්’’ චිත්‍රපටය තවමත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසක ප්‍රදර්ශනය වෙනවා. ඒ අතරතුර තමයි  සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙන්නේ. ඇත්තටම එය ඉන්දියාව හා සමගාමී ප්‍රදර්ශනයක් නොව ලංකාව, කටාර්, සිංගප්පූරුව, සවුදි අරාබිය, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලත් ප්‍රදර්ශනය වෙනවා. එය අද (28) සිට ලොව පුරා තිරගතවීම සතුටක්.

මෙහි ප්‍රධාන නළු නිළි යුවල ඉන්දීය මලයාලම් ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන්. මෙහි කතාව පාදක වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී සමයක ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් දෙදෙනකු වටායි. මම දකින්නේ මෙය මලයාලම් කුසලතාව ආනයනයක් පමණක් නොවෙයි දේශීය කුසලතාවය අපනයනයක් හැටියටයි.

zdfs525
ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් මේ චිත්‍රපටය ප්‍රදර්ශනයක් නරඹලා කැමැත්ත ප්‍රකාශ කළා ඔහුගේ නිෂ්පාදන සමාගමක් වන ‘‘මැඩ්රාස් ටෝකිස්’’ ධජය යටතේ ඉදිරිපත් කරන්න. එහෙත් ලොව පුරා බෙදා හරින්නේ ඊ.පී.අයි. සමාගමයි. මෙහි කිසිම වෙළෙඳ ගනුදෙනුවක් නෑ. මෙය මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමක් පමණයි. කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ‘‘පැරඩයිස්’’ චිත්‍රපටයේ නෑ.

මෙහි මූලික සිදුවීමත් ශ්‍රී ලංකාවේ. රූගත කිරීම් සම්පූර්ණයෙන්ම සිදුවන්නෙත් ශ්‍රී ලංකාවේ. ඒ වගේම මෙය ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ ප්‍රකාශනයක්. එක අතකින් එය ලාංකීයයි. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදනයට මූල්‍ය දායකත්වය ලැබුණේ කේරළයේ  නිව්ටන් සමාගමයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. තවදුරටත් අපි භාෂා හෝ දේශ සීමාවලින් හිරවෙන්නේ නැතුව ලෝකයත් සමඟ ගනුදෙනු කරනවිට මෙවැනි තත්ත්ව ඇතිවෙනවා. ඉතින් ඒ තත්වය මම විශ්වාස කරනවා. අපේ සිනමාවේ ජයග්‍රහණයක් කියලා.

dfw45gvv

මම කියන්නේ අපි සිරවී සිටීම ගැන වසර ගණනාවක් තිස්සේ ඔබ සමග සාකච්ඡා කරලා තිබෙනවා. පුවත්පත් කලාවේදියෙක් ලෙස රටේ තිබෙන සිනමාවේ ගැටලු සම්බන්ධයෙන් ඔබ ඒ සඳහා පුවත්පතෙන් විශාල දායකත්වයක් දී තිබෙනවා. මෙය පෞද්ගලික ජයග්‍රහණයක් බව ඇත්ත. මම විශ්වාස කරනවා. පුද්ගලික ජයග්‍රහණය තව කෙනකුට කිසියම් විදිහකට ‘‘මටත් මෙය කළ හැකියි කියා’’ උත්තේජනයක් ඇති කරාවි කියලා.

අපේ අතීතයේ උරුමය සුරකිමින් වර්තමාන සිනමාව ප්‍රවර්ධනය කරමින්  අනාගතයේ සිනමාකරුවන්  බිහිකිරීමට අවශ්‍ය, තැනින්ම එය පදනම් කරගත් ජාතික ප්‍රතිපත්තියක් විය යුතුයි කියලා. ඒ වගේම බිහිවෙන එවැනි සිනමාකරුවන්ට එවැනි ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ඔවුන්ට තනිවම මෙහි පිහිනන්න වෙනවා කියලත් මා ඔබට මීට පෙර කියා තිබුණා. එය ඇත්ත. මට කළ හැක්කේ මගේ ප්‍රකාශනය පවත්වාගෙන යන අතර ඒ ප්‍රකාශනය පුළුල් කරන අතරම මේ අරමුණුවලට පෙනී සිටීමයි. අපේ  හඬගෑම දිගටම කළ යුතුයි, කර්මාන්තයක් වශයෙන් සිනමාව ඉදිරියට යන්න නම් ලංකාවේ.

hdlkfrec565


අපි අප දෙසත් හැරී බැලිය යුතුයි. අපේ සැබෑ අරමුණු මොනවාද? අප කොතෙක් දුරට ඒ අරමුණු සඳහා පෙනී සිටිනවාද? ඒ සඳහා අපි මුළු ජීවිතයම කැප කරන්න සුදානම්ද? මම හිතන්නේ අපට එවැනි කැක්කුමක් සහිත ඒ සඳහාම  ජීවිතය කැපකළ සිනමාකරුවන් පිරිසකුත් අවශ්‍යයි. ඒ අය කළ යුතුයි. මේ මොහොතේ චිත්‍රපටයක් වෙනුවෙන් සිනමාකරුවෙක් ලබන ජයග්‍රහණය වෙලාවක මේ හැමදා අඬන අඳෝනාවෙන් අවතක්සේරු කරන්න එපා. මොකද අපි කමිටු ගණනාවක වාඩිවෙලා තිබෙනවා. ඒ කමිටුවලින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සිනමාකරුවන්ට ප්‍රතිපත්ති යෝජනා කළ හැකියි. එහෙත් එය නිර්දේශ කළ හැක්කේ රජයකට පමණයි.  මෑතකදී මේ සිනමාව සම්බන්ධයෙන් පැවති කමිටුවකදී මම අදහස් ඉදිරිපත් කරමින් ඒ යෝජනා නැවත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන මම දකින ලොකුම අඩුව තමයි හැමෝම හිඟන්නාගේ තුවාලය විකුණන් කනවා මිසක ඇත්තම ප්‍රශ්නයට උත්තර දෙන්න ගියාම ඒ කිසිදු කෙනෙක් කැපකිරීමක් කරන්න සුදානම් නෑ.


බෙදාහැරීමේ සමාගම්, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමා අධ්‍යක්ෂවරුන් යම් කැපකිරීමක් කරලා පොදු අරමුණක් වෙනුවෙන් එක තැනකට පැමිණිය යුතුයි. කකුලෙන් ඇදීම පක්ෂ දේශපාලනය, තව කෙනෙක්ට ගෞරවය යයි කියලා අකුල් හෙළීම යනාදිය නැවැත්විය යුතුයි. ලංකාවේ කරුමෙ තියෙන්නේ මේ අෙඬා්වැඩියාවයි. මගේ මුළු ජීවිතයම සිනමාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් තමයි ‘‘පැරඩයිස්’’. සිනමාව කෙරෙහිම යොමුවෙලා සතත්‍යාභ්‍යාසයන් ලබමින් තමයි මෙතැනට ඇවිත් ඉන්නේ. ‘‘එවැනි නිර්මාණකරුවෙක් නිර්මාණයක් කළාම දුර්මුඛ කරන්න එපා. කරුණාකරලා ඒක කරන්න එපා.’’

(සටහන - සමන්ත යහම්පත්)
lankadeepa.lk
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...