එම කලාංගය ප්‍රගුණ කළ ඇතැම් අය චිත්‍රය පමණක් ම තම මාධ්‍යය කරගන්නා අතර තවකෙක් චිත්‍ර කලාවේ වෙනත් මාන ද ස්පර්ශ කරයි. ඒ හා සමග ම ඊට පරිබාහිර මාන ද ස්පර්ශ කරයි. ලාංකීය සිතුවම් කලාවේ ප්‍රකට අය අතර ද එවැන්නෝ සිටිති. ශාන්ත කේ. හේරත් යනු එබඳු කලා ශිල්පියෙකි; නිර්මාණකරුවෙකි.
ශාන්ත කේ. හේරත් එක් මොහොතක ගැඹුරු අරුත් දනවන සිතුවම් අඳින්නෙකි. තවත් මොහොතක කාටුන් නිර්මාණ ශිල්පියෙකි. ඊළඟ නිමේෂයේ පොත් කවර නිර්මාණ ශිල්පියෙකි; සම්මානලාභී පොත් කවර නිර්මාණ ශිල්පියෙකි. තවත් පසෙකින් මූර්ති ශිල්පියෙකි. එමෙන් ම පුවත්පත් පිටු සැලසුම් ශිල්පියෙකි. ළමුන් සඳහා චිත්‍ර කලාව උගන්වන ගුරුවරයෙකි.
පසුගිය දිනෙක මේ කලාකරුවා theleader TV ගෙන එන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග එක් විය. එහි දී හෙතෙම: චිත්‍ර කලාව, පිට කවර කලාව සහ චිත්‍ර කලාව සම්බන්ධයෙන් වූ වෙනත් කරුණු බොහොමයක් පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කළේ ය. පහත පළවන විඩියෝව නරඹන්නේ නම් ශාන්ත කේ. හේරත් නමැති කලාකරුවා/ සිතුවම් ශිල්පියා පිළිබඳ කිසියම් අදහසක් කියවා ගත හැකි වනවා නොඅනුමාන ය.
(සටහන - ජයසිරි අලවත්ත)
2024/06/30
පොත් කවරයෙන් ‘කලාව’ ගිලිහිලා: ප්‍රවීණ සිතුවම් ශිල්පී ශාන්ත කේ. හේරත් (වීඩියෝ)
T
The Leader
June 30, 2024 • 1:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- චිත්‍ර කලාව හෙවත් සිතුවම් යනු සෞන්දර්ය විෂයේ ම අංගයකි.
- තවත් පසෙකින් මූර්ති ශිල්පියෙකි.
- (සටහන - ජයසිරි අලවත්ත) 2024/06/30
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


