BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කාංචනමාලාගේ 'පතිනියකවී' ලෝක සංගීත අවසන් තරගයට

T

The Leader

July 18, 2024 • 11:13 PM

කාංචනමාලාගේ 'පතිනියකවී' ලෝක සංගීත අවසන් තරගයට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන වෛද්‍ය කාන්චනමාලා රණසිංහ ගායනා කළ ‘‘පතිනියක වී’’ ගීතය ‘‘ලෝක මහද්වීපික සංගීත
  • මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවැනි අවසන් වටයට ලාංකීය ගීතයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ.
  • එහි ආසියානු සම්භාව්‍ය අංශයේ (Asia region Classical) ඉහළම තැන මෙයට හිමි වී තිබීම විශේෂත්වයකි.  මෙහි ජයග්‍රාහකයන් අගෝස්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
  • ලෝක මහද්වීපික සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මාන – 2024’’ (World international Music Awards) උළෙලේ ආසියානු සම්භාව්‍ය අංශයෙන් අවසන් වටයට තෝරාගෙන තිබේ.

මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවැනි අවසන් වටයට ලාංකීය ගීතයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. එහි ආසියානු සම්භාව්‍ය අංශයේ (Asia region Classical) ඉහළම තැන මෙයට හිමි වී තිබීම විශේෂත්වයකි. 

මෙහි ජයග්‍රාහකයන් අගෝස්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ලෝක මහද්වීපික සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටය.

වෛද්‍ය කාංචනමාලා රණසිංහ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඇය එහි ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනියක ලෙස කටයුතු කරන්නීය. 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයේ රඟපෑ මාලිනී රණසිංහ හා ටෙරන්ස් රණසිංහ යුවළගේ දියණිය වන වෛද්‍ය කාංචනමාලා ද ‘‘සිංහබාහු’’ නාට්‍යයේ පුෂ්පා දේවිය ලෙස රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රැසක් ගායනා කර අන්තර්ජාලයට එක්කර ඇති අතර, ‘සඳ පහන් රෑ’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක්ද 2023 වසරේදී මෙරටදී පැවැත්වූවාය.

(lankadeepa.lk -සමන්ත යම්පත්)

 

image f3a0f32231

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...