BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සංකිත කවි යනු ‘ලිවිය’ නොහැකි, ‘ලියවෙන’ කවි වර්ගයක්: සුමින්ද කිත්සිරි ගුණරත්න (වීඩියෝ)

T

The Leader

July 21, 2024 • 2:36 AM

සංකිත කවි යනු ‘ලිවිය’ නොහැකි, ‘ලියවෙන’ කවි වර්ගයක්: සුමින්ද කිත්සිරි ගුණරත්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘කෙටි කවිය’ නමැති කාව්‍ය ප්‍රවර්ගය මේ වන විට සිංහල කාව්‍ය ක්ෂේත්‍රය තුළ බහුල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් පැවතිය ද තවත් පසෙකින් කෙටි කවිය අවප්‍රමාණයට ලක් වන තත්ත්වයක් ද දක්නට හැකි ය.
  • අද අපේ කතා නායකයා වන්නේ ද ‘කෙටි කවිය’ නිවැරැදිව හඳුනාගෙන, එහි ගුණ රුව රැකෙන පරිදි සිය නවතම කාව්‍ය සංග්‍රහය සමාජ ගත කර ඇති කවියෙකි.
  • ගුණරත්න හෙවත් සුමින්ද කිත්සිරි ගුණරත්න යනු 1996 වසරේ දී ‘චක්කරං කොටුව’ නමැති සිය කුලුඳුල් කාව්‍ය සංග්‍රහය පළ කර මේ වන විට හයවන කාව්‍ය සංග්‍රහය ද පාඨක ප්‍රජාව වෙත සමීප කර ඇති කවියෙකි.
  • මෙම කවියාගේ විශේෂත්වය වන්නේ ඔහු සිය කවි මගෙහි පියවර තබන විට කවියේ විවිධ මාන ස්පර්ශ කිරීමට සමත් වීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, කෙටි කවිය යනු කුමක්දැයි නිශ්චිතව වටහා නොගත් ඇතැම් කවි ලියන්නෝ සහ ලියන්නියෝ ‘කෙටි කවි’ නමින් හර සුන් පද්‍ය රචනා සමාජ ගත කරන බැවිනි; එසේ සමාජ ගත කළ ‘කෙටි කවි නොවන කවි’ මුද්‍රණද්වාරයෙන් නිකුත් කරන බැවිනි. එබඳු තත්ත්වයක් තුළ ‘කෙටි කවිය’ නිවැරැදිව හඳුනාගෙන කාව්‍යකරණයේ යෙදුණ සහ යෙදෙන කවි කිවිඳියෝ ද සිංහල කාව්‍ය ක්ෂේ ත්‍රය තුළ දකිත හැකි ය. අද අපේ කතා නායකයා වන්නේ ද ‘කෙටි කවිය’ නිවැරැදිව හඳුනාගෙන, එහි ගුණ රුව රැකෙන පරිදි සිය නවතම කාව්‍ය සංග්‍රහය සමාජ ගත කර ඇති කවියෙකි. ඔහු නමින් සුමින්ද කේ. ගුණරත්න හෙවත් සුමින්ද කිත්සිරි ගුණරත්න ය.
Chakkaran2
සුමින්ද කේ. ගුණරත්න හෙවත් සුමින්ද කිත්සිරි ගුණරත්න යනු 1996 වසරේ දී ‘චක්කරං කොටුව’ නමැති සිය කුලුඳුල් කාව්‍ය සංග්‍රහය පළ කර මේ වන විට හයවන කාව්‍ය සංග්‍රහය ද පාඨක ප්‍රජාව වෙත සමීප කර ඇති කවියෙකි.

මෙම කවියාගේ විශේෂත්වය වන්නේ ඔහු සිය කවි මගෙහි පියවර තබන විට කවියේ විවිධ මාන ස්පර්ශ කිරීමට සමත් වීම ය. එනම් නිසදැස් මෙන් ම සදැස් කවිය ද සිය කාව්‍ය මාර්ගය කරගත් හෙතෙම විසි වසරකට ආසන්න කාලයක් තුළ දී අගනා ආඛයාන කාව්‍යයක් මෙන් ම කෙටි කවි සංග්‍රහයක් ද නිකුත් කිරීමට සමත්ව තිබීම හේතුවෙනි.

Prismaඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය නම් කර ඇත්තේ ‘ප්‍රිස්ම’ යන මැයෙනි. එහි විශේෂත්වය වන්නේ කවියා සිය කවි නම් කර තිබෙන්නේ ‘සංකිත කවි’ ලෙසින් වීම ය.

මතු පළ වන්නේ සුමින්ද කේ. ගුණරත්න හෙවත් සුමින්ද කිත්සිරි ගුණරත්නගේ ‘ප්‍රිස්ම’ කාව්‍ය සංග්‍රහය නිමිති කරගනිමින් The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඔහු කළ සම්මුඛ සාකච්ඡාව ය. එම සාකච්ඡාව තුළ දී ඔහු සිය නවතම කාව්‍ය සංග්‍රහය ‘සංකිත කවි’ යනුවෙන් හැඳින්වූයේ ඇයි ද යන කරුණ ද පැහැදිලි කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...