BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මට වීරයෙක් වෙන්න වුවමනා නෑ - ගාමිණී මුතුකුමාරණ (විඩියෝ)

T

The Leader

August 4, 2024 • 12:35 AM

මට වීරයෙක් වෙන්න වුවමනා නෑ - ගාමිණී මුතුකුමාරණ (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රට සහ අපි 1948 දි නිදහස ලැබුවා යැයි පැවසුව ද සැබැවින් ම එය ඊනියා නිදහසකි.
  •  දණ්ඩනීති සංග්‍රහයේ 114 සහ 115 වගන්ති උල්ලංඝනය කිරීම සහ 1968 ආරම්භයේ පටන් 1971 අවසානය අතර කාලය ඇතුළත රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම.
  • 1971 අප්‍රියෙල් 04 සහ 1971 ජූලි මාසයේ අතර කාලය ඇතුළත දිවයිනේ බොහෝ පළාත්වල, රැජිනට එරෙහිව යුද වැදීම.
  • එනමින් කොමිසමක් පත් කර ‘‘අප්‍රියල් මහ නඩුව’’ යනුවෙන් හඳුන්වමින් 1971 අප්‍රියෙල් නැගිටීමට සම්බන්ධ නායකයින්ට එරෙහිව විශේෂ විභාගයක් පැවැත්වී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය එසේ නොවේ යැයි කිසිවකු විමසනවා නම් ඔවුන් පළමු පියවර ලෙස මතු දැක්වෙන වගන්ති කියවා, වටහා ගත යුතු ය.

01.  දණ්ඩනීති සංග්‍රහයේ 114 සහ 115 වගන්ති උල්ලංඝනය කිරීම සහ 1968 ආරම්භයේ පටන් 1971 අවසානය අතර කාලය ඇතුළත රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම.

02.  එම කාලය තුළ ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා සාපරාධීව කුමන්ත්‍රණය කිරීම.

03. 1971 අප්‍රියෙල් 04 සහ 1971 ජූලි මාසයේ අතර කාලය ඇතුළත දිවයිනේ බොහෝ පළාත්වල, රැජිනට එරෙහිව යුද වැදීම.

04.  එවැනි ක්‍රියාවන්ට අනුබල දීම.

රාජ්‍ය විසින් මෙම චෝදනා එල්ල කරන ලද්දේ කාටදැයි දෙවනුව විමසා බැලිය යුතු ය.

1971 අප්‍රියෙල් නැගිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලින් නිදහස් කළ සැකකරුවන් හැරුණ විට අනෙක් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවැසි බැවින් එවකට බලයේ සිටි ආණ්ඩුව 1972 අපරාධ යුක්ති කොමිෂන් සභා පනත යනුවෙන් අධිකරණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කළේ ය.

එනමින් කොමිසමක් පත් කර ‘‘අප්‍රියල් මහ නඩුව’’ යනුවෙන් හඳුන්වමින් 1971 අප්‍රියෙල් නැගිටීමට සම්බන්ධ නායකයින්ට එරෙහිව විශේෂ විභාගයක් පැවැත්වී ය. එම විභාගයේ දී හතළිස් එක් දෙනකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්නේ යට සදහන් වගන්ති ප්‍රකාරව ය.

එම තරුණ අරගලය ලෙයින් යකඩින් මර්දනය කළ ද පසු කලෙක දී තවත් තරුණ පරම්පරාවක් නැවත පිබිදුණි. එම පිබිදීම 1987 – 1989 දක්වා වර්ධනය විය. මෙම පිබිදිම් ද්විත්වයට ම සම්බන්ධ වූ සමහර අය තම තමන්ගේ අත්දැකීම් ලේඛන ගතකළහ.

අද සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාවෙන් ඔබ වෙත සම්මුඛ වන්නේ: මෙම දෙවන පිබිදීමෙ දී ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කළ, රෝහණ විජේවීර සොයුරා ඉතා සමීපව ම ඇසුරු කළ, මරණය පෙනි පෙනී ජීවිතය බෙරාගත් සහ එම අත්දැකීම් නොවළහා ම ලේඛන ගත සටන් සගයෙකි.

ඔහු සිය අත්දැකීම් ගොනු කළ කෘතිය හඳුන්වන්නේ‘‘නොනිමි අරගලයක මතක ගිනි පුපුරු’’ යන මැයෙනි. මතු පළ විඩියෝවෙහි අන්තර්ගත වන්නේ එම කෘතිය රචනා කළ ගාමිණී මුතුකුමාරණ සමග කළ සංවාදය යි.

(ජයසිරි අලවත්ත)
2024/08/04    

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...