BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලංකාවෙ සාහිත්‍ය සම්මාන පිළිබඳ විවේචනයක් තියෙනවා - ජනක ඉණිමංකඩ (වීඩියෝ)

T

The Leader

August 11, 2024 • 12:29 AM

ලංකාවෙ සාහිත්‍ය සම්මාන පිළිබඳ විවේචනයක් තියෙනවා - ජනක ඉණිමංකඩ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ගෙවෙමින් පවතින්නේ අගෝස්තු මාසය යි; ඉක්බිතිව එළඹෙන්නේ සැප්තැම්බර් මාසය යි.
  • ලංකාවෙ පළමු වරට සාහිත්‍ය උත්සවයක් පැවැත්වූයේ 1957 වසරේ සැප්තැම්බර් 07 සහ 08 යන දිනවල කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ දී ය.
  • ඒ අනුව ලංකාවේ පළමුවෙන් ම සාහිත්‍ය සම්මාන උලෙළක් පැවැත්වූයේ 1959 වසරේ දී ය.
  • ඒ: මගේ මතකය නිවැරදි නම්1980 දශකයේ ඇරඹි ඩී.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් ආකාරයකට පවසන්නේ නම් සාහිත්‍ය මාසය යි. සාහිත්‍ය මාසය පිළිබඳ කතා කරන විට සාහිත්‍ය සම්මාන ද අමතක කළ නොහැකි ය. සාහිත්‍ය සම්මාන පිළිබඳව කතා කරන විට ලංකාවේ ප්‍රථම වරට පැවැත්වූ සාහිත්‍ය සම්මාන උලෙළ ද අමතක කළ නොහැකි ය.

ලංකාවෙ පළමු වරට සාහිත්‍ය උත්සවයක් පැවැත්වූයේ 1957 වසරේ සැප්තැම්බර් 07 සහ 08 යන දිනවල කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ දී ය. නමුත් එම වසරේ සාහිත්‍ය සම්මාන උලෙළක් නොපැවැත්වුණි. ඒ අනුව ලංකාවේ පළමුවෙන් ම සාහිත්‍ය සම්මාන උලෙළක් පැවැත්වූයේ 1959 වසරේ දී ය. එම සම්මාන උලෙළ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යි.

එතැන් සිට මේ දක්වා අපේ රටේ සාහිත්‍ය සම්මාන උලෙළ ගණනාවක් ම පැවැත්වුණි. පිළිවෙළට ම නොවුණ ද ඒ සම්මාන උළෙල මතු දැක්වෙන ආකාරයට මතකයට නගාගත හැකි ය. ඒ: මගේ මතකය නිවැරදි නම්1980 දශකයේ ඇරඹි ඩී. ආර්. විජයවර්ධන සම්මාන උළෙල, 1990 දශකයේ ඇරඹි (මගේ මතකයට අනුව ඒ 1997 වසරේ සිට විය යුතු ය) ස්වාධීන සාහිත්‍ය සම්මාන උලෙළ, 1998 වසරේ ඇරඹි ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ, 2000 වසරේ ඇරඹි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල, 2006 වසරේ ඇරඹි ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ, 2007 වසරේ ඇරඹි බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළ, 2011 වසරේ සහ 2015 වසරේ පැවති සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උලෙළ, 2015 වසරේ ඇරඹි ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන උලෙළ සහ 2018 සහ 2019 වසරවල පැවති නැණිල සාහිත්‍ය සම්මාන උලෙළ යි.

මේ මොහොතේ නම අමතක වුව ද මේ අතර තවත් සාහිත්‍ය සම්මාන උලෙළක් පැවැත්වූ බව සිහියට නැගේ. එම උලෙළෙහි දී සම්මානයට පාත්‍ර වූයේ ශාන්ති දිසානායක ලේඛිකාවගේ සාහිත්‍ය කෘතියකට බව ද මතකයේ රැඳී පවතී.

මේ සියලු සාහිත්‍ය උලෙළ අතුරෙන් දැනට පැවැත්වෙන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල, ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සහ ගොඩගේ ජාතික සම්මාන උලෙළ පමණි. නමුදු මේ වන විට ලැබෙන ආරංචිවලට අනුව මේ වසරේ සිට ගොඩගේ සම්මාන උළෙල ද නොපැවැත්වේ.

මෙබඳු වාතාවරණයක් තුළ පැවැත්වීමට සූදානම් වන නවතම සාහිත්‍ය ත්‍යාගොත්සවයක් පිළිබඳ දැනගන්නට ලැබිණ. ඒ විදර්ශන සාහිත්‍ය ත්‍යාගොත්සවය යි. මෙම ත්‍යාගොත්සවය සඳහා පුර්ණ අනුග්‍රහය දක්වන්නේ නුගේගොඩ, කළුබෝවිල, පන්සල පාරෙ පිහිටි විදර්ශන ප්‍රකාශන ආයතනය යි.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග, එම ත්‍යාගොත්සවය පිළිබඳ විදර්ශන ප්‍රකාශන ආයතනයේ අධිපති ජනක ඉනිමංකඩ කළ විඩියෝ සම්මුඛ සාකච්ඡාව ය.

(ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...