BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මම කැමතියි දුෂ්ටයාගෙ පැත්ත බලන්න - කුමුදු කුමාරසිංහ (වීඩියෝ)

T

The Leader

August 18, 2024 • 12:11 AM

මම කැමතියි දුෂ්ටයාගෙ පැත්ත බලන්න - කුමුදු කුමාරසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුමුදු කුමාරසිංහ නමැති චරිතය මීට වසර දෙක තුනකට පෙර අපි හඳුනාගෙන සිටියේ නිළියක් ලෙසිනි.
  • ඉක්බිතිව ඇය, මායා ශක්ති පළමු කණ්ඩායමට ඇතුළත් වී රංගනය නිල වශයෙන් හදාරන්නී ය.
  • ඇය ඊළඟ සම්මානයට හිමිකම් කියන්නී 1992 වසරේ ‍පැවති කෙටි නාට්‍ය උලෙළෙදී ‘ප්‍රේමලාල් ආවට පස්සෙ’ නාට්‍ය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලබාගනිමිනි.
  • ඉන් නොනැවතුණු ඇය 97 වසරේ ‘තහනම් අඩවිය’ නාට්‍යයේ රඟපෑ චරිතය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සම්මානය ද ලබන්නී ය .
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය, සිය රංගන දිවිය අරඹන්නේ සොළොස් වියේ දී ය.

ඉක්බිතිව ඇය, මායා ශක්ති පළමු කණ්ඩායමට ඇතුළත් වී රංගනය නිල වශයෙන් හදාරන්නී ය. අනතුරුව ඇය මැක්බත් නාට්‍යයේ රඟපැම වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළෙහි දී කුසලතා සම්මානයක් ලබා ගන්නී ය.

ඇය ඊළඟ සම්මානයට හිමිකම් කියන්නී 1992 වසරේ ‍පැවති කෙටි නාට්‍ය උලෙළෙදී ‘ප්‍රේමලාල් ආවට පස්සෙ’ නාට්‍ය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලබාගනිමිනි. ඉන් නොනැවතුණු ඇය 97 වසරේ ‘තහනම් අඩවිය’ නාට්‍යයේ රඟපෑ චරිතය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සම්මානය ද ලබන්නී ය.

ඇය සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නී ඉන් අනතුරුව ය. ඒ, ආරියවංශ ධම්ම අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයක් සමගිනි. නමුදු අවාසනාවකට එම සිනමා නිර්මාණය කොතැනක හෝ විකාශනය කිරීමට අවස්ථාව උදා වී නොමැත. දෙවනුව ඇය සිනමාවට සම්බන්ධ වන්නේ විසාකේස චන්ද්‍රෙස්කරම්ගේ ‘සයපෙති කුසුම’ සිනමා නිර්මාණයේ ය. තෙවනුව ඔහුගේ ම පාංශු චිත්‍රපටයේ ද ඇය රංගනයෙහි නියැලුණා ය.

ඒ, ඇගේ රංගන භූමිකාව ය. ඊට අමතරව ඇය හඬකැවීම් ශිල්පිණියක් ලෙස ද කටයුතු කරන්නී ය.

අශෝක හඳගමගේ ‘තනි තටුවෙන් පියාඹන්න’, මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’, මැතිව් පීරිස්ගේ සිද්ධිය අළලා චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ (According to Mathew) සිනමාපටය, සහ විදෙස් රූපවාහිනි නාට්‍ය බොහෝමයක ඇය හඬ කැවීම් ශිල්පිණියක ලෙස කටයුතු කළා ය.

නමුදු ඇය, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මුඛ වන්නී නිළියක ලෙස නොව ලේඛිකාවක ලෙසිනි. මතු පළ වන වීඩියෝව නැරඹීමෙන් ඔබට ඒ සියලු තොරතුරු, ශ්‍රවණය කිරීමට සහ නැරඹිමට හැකි වනු ඇත.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...