BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මහේෂ් කුමාර සමග හයිනර් මූලර් මුණ ගැසෙමු

T

The Leader

August 19, 2024 • 2:24 AM

මහේෂ් කුමාර සමග හයිනර් මූලර් මුණ ගැසෙමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2008 වසරේ දී ‘කවිය කම්බස්’’ යන මැයෙන් කාව්‍ය සංග්‍රහයක් ජනගත කළ මහේෂ් කුමාර නමැති කවියා කවියකු මතු නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි; නාට්‍ය පරිවර්තකයෙකි.
  • ඒ, ජර්මන් ජාතික නාට්‍යකරුවෙකු වන හයිනර් මූලර්ගේ නාට්‍ය පිටපත් එකතුවක් තනි කෘතියක් ලෙසින් ජනගත කිරීම ය.
  •   එය සිදුකෙරෙන්නේ 2024 අගෝස්තු මස 24වන දින සවස 03.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ය.
  • නාට්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින ඇතැම් අයට හයිනර් මුලර් යන නම හුරු පුරුදු නොවන්නට පිළිවන.
අකුරු ප්‍රමාණය (Font Size):

mahesh kumaraමහේෂ් කුමාර

 

ඔහු මේ වන විට නාට්‍යකරණය හදාරණ සහ එයට උනන්දුව දක්වන අය වෙනුවෙන් නවතම කාර්යයක් ඉටු කරන්නට සැරසේ. ඒ, ජර්මන් ජාතික නාට්‍යකරුවෙකු වන හයිනර් මූලර්ගේ නාට්‍ය පිටපත් එකතුවක් තනි කෘතියක් ලෙසින් ජනගත කිරීම ය.

 

IMG 20240813 WA0003

එය සිදුකෙරෙන්නේ 2024 අගෝස්තු මස 24වන දින සවස 03.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ය.

නාට්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින ඇතැම් අයට හයිනර් මුලර් යන නම හුරු පුරුදු නොවන්නට පිළිවන. එබඳු අය උදෙසා ම හයිනර් මුලර් සහ ඔහුගේ නාට්‍ය පිළිබඳ හඳුනාගැනීම සහ මහේෂ් කුමාරගේ පරිවර්තන කෘතිය පිළිබඳ කෙරෙන මෙම සාකච්ඡාවට සම්පත් දායකත්වය සපයන්නේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ සහ ආචාර්ය කංචුකා ධර්මසිරි යන දෙපළ ය.

 

mular1
එසේ නම් වේදිකා නාට්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන, මහේෂ් කුමාරගේ සාහිත්‍ය කලා (නාට්‍ය) දිවියට ඇලුම් කරන සියලු දෙනා ම එදින අදාළ වේලාවට අදාළ ස්ථානයට පැමිණෙන මෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි. 

(ජයසිරි අලවත්ත)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...