BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මන්දෝදරී සත්‍ය කතාවක් - මොහාන් රාජ් මඩවල (වීඩියෝ)

T

The Leader

August 25, 2024 • 1:05 AM

මන්දෝදරී සත්‍ය කතාවක් - මොහාන් රාජ් මඩවල (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑ ම ප්‍රබන්ධ කෘතියක් (නවකතා, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා, ටෙලි නාට්‍ය වෙනත් ඕනෑ ම කලා නිර්මාණයක්) ප්‍රබන්ධ කිරීමේ දී:
  • කිසියම් කතුවරයකු හෝ කතුවරියක එලෙස ප්‍රබන්ධ කරන්නේ නම් ඒ කිසියම් පුද්ගලයකුගේ ජීවිත පවත ඇසුරින් කළ නිර්මාණයක් විය හැකි ය.
  • එහෙත් කිසියම් පුද්ගලයකුගේ සිහිනමය ක්‍රියාපටිපාටියක් ප්‍රබන්ධයක් ලෙස සමාජ ගතකිරීම පහසු ක්‍රියාවක් නොවේ.
  • ඔහු සිය ප්‍රබන්ධය නම් කර ඇත්තේ ‘‘මන්දෝදරී’’යන මැයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රබන්ධකරුවා හෝ ප්‍රබන්ධකාරිය සිය ප්‍රබන්ධ ශක්‍යතාව කෙතරම් උපස්තම්භක කර ගත්ත ද එහි මූල බීජය පැවතෙන්නේ එක් පුද්ගලයෙක් හෝ සිද්ධියක් අනුභූතියක් ලෙස පාදක කරගනිමිනි. එහෙත් එකී අනුභූතිය හෝ අනුභූති කිහිපයක් තනි කෘතියක් තුළින් පිළිබිඹු කළ ද කිසියම් කතුවරයකුගේ හෝ කතුවරියකගේ ප්‍රබන්ධ කතාවක් සපුරා ම සත්‍ය කතාවක් වෙතැයි කිසිවකු පිළි නොගන්නට පිළිවන.

කිසියම් කතුවරයකු හෝ කතුවරියක එලෙස ප්‍රබන්ධ කරන්නේ නම් ඒ කිසියම් පුද්ගලයකුගේ ජීවිත පවත ඇසුරින් කළ නිර්මාණයක් විය හැකි ය. එහෙත් කිසියම් පුද්ගලයකුගේ සිහිනමය ක්‍රියාපටිපාටියක් ප්‍රබන්ධයක් ලෙස සමාජ ගතකිරීම පහසු ක්‍රියාවක් නොවේ.

අපි අත් දැක තිබෙන තත්ත්වය එසේ වුව ද අද The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඔබ සම්මුඛ වන්නේ සත්‍ය ම සත්‍ය සිද්ධියක් ප්‍රබන්ධයකට නැගූ සාහිත්‍ය ප්‍රබන්ධකරුවෙකි. ඔහු සිය ප්‍රබන්ධය නම් කර ඇත්තේ ‘‘මන්දෝදරී’’යන මැයෙනි.

මන්දෝදරී යනු කවුද, ඇය මන්දෝදරිය වූයේ කෙසේ ද යන්න දැනගැනීම සඳහා කෘතියේ රචක, ප්‍රවීණ ප්‍රබන්ධ ලේඛක මොහාන් රාජ් මඩවල සමග කළ මේ විඩියෝ සංවාදය නරඹන්න.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...