BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කුසුම්සිරිගේ ‘මූලාචාරි’ පාඨක ප්‍රජාව සොයා එයි

T

The Leader

August 29, 2024 • 4:27 AM

කුසුම්සිරිගේ ‘මූලාචාරි’ පාඨක ප්‍රජාව සොයා එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුසුම්සිරි විජයවර්ධන විසින් රචිත නවතම ප්‍රබන්ධ කෘතිය (නවකතා) වන ‘මූලාචාරී’ පසුගියදා මරදාන දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය.
  • මෙවර ඔහු ඉතිහාසය අධ්‍යයනය කරමින් ලියා ඇත්තේ ඓතිහාසික නවකතාවකි.
  • ‘මූලාචාරී’ කෘතිය ඔහු රචනා කර ඇත්තේ කන්ද උඩරට රාජධානියේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ සිට අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා දක්ෂ නිර්මාණ ශිල්පියකු සහ සිත්තරකු වූ දේවේන්ද්‍ර මූලාචාරිගේ චරිතය පසුබිම් කරගෙන ය.
  • රජවරුන්ගේ ප්‍රසාදයට ලක්වන මූලාචාරි සමග මහාදිකාරම ඇතුළු රදල බළකාමින් වෛර බැඳගෙන ඔහු විනාශ කිරීමට කුමන්ත්‍රණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කුසුම්සිරි විජේවර්ධනකුසුම්සිරි විජේවර්ධනඉතිහාසයට ළැදි කතුවරයා මෙයට පෙර: ‘ෆැන්ටසියාව’, ‘වැව රවුම’ යන නවකතා ලියා ඇති අතර පරිසර සහ පුරාවිද්‍යා, පරිවර්තන, යොවුන් නවකතා ඇතුළු පොත් රැසක කතුවරයෙකි. මෙවර ඔහු ඉතිහාසය අධ්‍යයනය කරමින් ලියා ඇත්තේ ඓතිහාසික නවකතාවකි.

‘මූලාචාරී’ කෘතිය ඔහු රචනා කර ඇත්තේ කන්ද උඩරට රාජධානියේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ සිට අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා දක්ෂ නිර්මාණ ශිල්පියකු සහ සිත්තරකු වූ දේවේන්ද්‍ර මූලාචාරිගේ චරිතය පසුබිම් කරගෙන ය.

මූලාචාරී කවරයරජවරුන්ගේ ප්‍රසාදයට ලක්වන මූලාචාරි සමග මහාදිකාරම ඇතුළු රදල බළකාමින් වෛර බැඳගෙන ඔහු විනාශ කිරීමට කුමන්ත්‍රණය කරයි. මේ අතර රාජාධි රාජසිංහගේ රූමත් බිසවක ඔහුට ආල බැඳ ගන්නී ය. මේ චරිතය සෙංකඩගල රජ වාසලේ වියවුල් සමග මිශ්‍ර කරමින් සමකාලීන සිද්ධි ඇසුරින් නිර්මාණය කිරීමට කතුවරයා උත්සාහ කර ඇත.

මහනුවර වැව සැලසුම් කරමින් එය තැනීමට වෙහෙස වන මූලාචාරීට අවසානයේ සෙංකඩගල බල අරගලයෙන් අත්වන්නේ කුමන ඉරණමක් ද යන්න දැනගැනීමට නම් පාඨකයා මෙම කෘතිය කියවිය යුතු ම ය. කතුවරයා සිය ලේඛන ශක්‍යතා පිළිබිඹු කරමින් අවසානය දක්වා පාඨකයා තුළ කුතුහලය ජනිත වන අයුරින් සරල බස්වහරකින් නවකතාව ගලායාමට සලස්වා ඇත.

(ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...