BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මේ පොත රෂ්ඩි කියවා ගන්න පහසු මාර්ගයක් - ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ (වීඩියෝ)

T

The Leader

September 1, 2024 • 12:36 AM

මේ පොත රෂ්ඩි කියවා ගන්න පහසු මාර්ගයක් - ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ ම වෙසෙන සාහිත්‍ය කලා විචාරකයා යනු ද නිර්මාණකරණයේ ම යෙදෙන පුද්ගලයෙකි.
  • ලෝකයේ වෙසෙන සාහිත්‍ය, කලා මතු නොව දේශපාලනික, මනෝවිශ්ලේෂණික සහ දාර්ශනික පාර්ශවයෙන් ද වෙසෙස් පුද්ගලයෙක් ලෙස ප්‍රංශ ජැක්විස් මරී එමිල් ලකාන් හෙවත් ජැක් ලකාන් හැඳින්විය හැකි ය.
  • එය කෙතරම් දරුණු ද යත් ඉස්ලාම් මූලධර්මවාදීහු ඔහුගේ හිසට ලංසු තබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු හෝ ඇය බොහෝ විට සාහිත්‍ය කලාවෙහි නියැළෙන පුද්ගලයන්ට වඩා ලෝකය පිළිබඳ පුළුල් දැනුමැති පුද්ගලයෙක් විය යුතු ය; කිසියම් සාහිත්‍ය කලා නිර්මාණයක් පාඨකයා සමග සම්මුඛ කළ හැකි වන්නේ එවිට ය.

ලෝකයේ වෙසෙන සාහිත්‍ය, කලා මතු නොව දේශපාලනික, මනෝවිශ්ලේෂණික සහ දාර්ශනික පාර්ශවයෙන් ද වෙසෙස් පුද්ගලයෙක් ලෙස ප්‍රංශ ජැක්විස් මරී එමිල් ලකාන් හෙවත් ජැක් ලකාන් හැඳින්විය හැකි ය.

අනෙක් පසින් ගත් විට සල්මන් රෂ්ඩි යනු ලෝකයේ වෙසෙන වෙසෙස් ගණයේ ලේඛකයෙකි. හෙතෙම, සිය ලේඛනය හේතුවෙන් ම මරණ වරෙන්තුව හිස මත තබාගෙන සිටින ලේඛකයෙකි. එය කෙතරම් දරුණු ද යත් ඉස්ලාම් මූලධර්මවාදීහු ඔහුගේ හිසට ලංසු තබා ඇත.

මා මේ පැවසීමට සුදානම් වන්නේ රෂ්ඩි නමැති විශිෂ්ට ලේඛකයා පිළිබඳ ලකාන් නමැති විශිෂ්ට විචාරකයාගේ කියැවීම පිළිබඳ රචනා වූ කෘතියක් පිළිබඳව ය; කෘතිය ලියු ලේඛිකාව අදාළ කෘතිය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව ය.

මෙම කෘතිය නම් කර තිබෙන්නේ ‘‘Lacanian Eye on Salman Rushdie’’ යනුවෙනි; කෘතිය රචනා කර තිබෙන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ භාෂා අංශයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ ය.

මතු පළවන විඩියෝවෙහි අන්තර්ගත වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ ‘‘Lacanian Eye on Salman Rushdie’’ කෘතිය පිළිබඳ කළ සංවාදය යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...