BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පහෙන් පහට එන අය ගැන සැකයි මට...

T

The Leader

September 11, 2024 • 6:30 AM

 පහෙන් පහට එන අය ගැන සැකයි මට...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ ලංකාවේ මිනිස්සු ආදරය කරන ජනප්‍රිය ගායිකාවක්. ඇයගේ අලුත්ම ගීතය මේවන විට නිකුත් වී තිබෙනවා.
  • "පහෙන් පහට එන අය ගැන සැකයි මට" නමින් මෙම ගීතය නම් කර ඇති අතර ලංකාවේ දේශපාලනය තුළ සිදුවන තීරණාත්මක ජනාධිපතිවරයක් අත ළඟ තිබෙන අවස්ථාක මජර දේශපාලනයේ ඇතුලාන්තය කලාත්මකව ගීතයකට නිර්මාණය කර තිබෙනවා.
  • ඇත්තටම අවුරුදු පහෙන් පහට එන අය ගැන මිනිස්සුන්ට තියෙන්නේ සැකයයක්.
  • දේශපාලකයා අතින් මිනිස්සුන් නොසැහෙන්න රැවටෙන බව දීපිකා මෙම ගීතයෙන් අපූරුවට පෙන්වා දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ගීතය සමාජ දේශපාලන ආර්ථික තැන් වෙනස් අයුරින් ස්පර්ශ කිරීම මෙම ගීතයේ සුවිශේෂීත්වයකි.

"පහෙන් පහට එන අය ගැන සැකයි මට" නමින් මෙම ගීතය නම් කර ඇති අතර ලංකාවේ දේශපාලනය තුළ සිදුවන තීරණාත්මක ජනාධිපතිවරයක් අත ළඟ තිබෙන අවස්ථාක මජර දේශපාලනයේ ඇතුලාන්තය කලාත්මකව ගීතයකට නිර්මාණය කර තිබෙනවා.

ලංකාවේ අවුරුදු පහෙන් පහට බල පෙරළියන් සිදුවන අතර ඔවුන් බලය ලබා ගැනීමට පෙර ජනතාව මුලා කර රවටා ඡන්දය ලබාගැනීමෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය කෙතරම් සදාචාර විරෝධී ද යන්න රට වැසියන්ගේන් බොහෝ දෙනෙකුට තේරී අවසන්. ඇත්තටම අවුරුදු පහෙන් පහට එන අය ගැන මිනිස්සුන්ට තියෙන්නේ සැකයයක්.

දේශපාලකයා අතින් මිනිස්සුන් නොසැහෙන්න රැවටෙන බව දීපිකා මෙම ගීතයෙන් අපූරුවට පෙන්වා දෙනවා. මැණික් වගේ දිලිසුනාට ඇත්තටම ඒවා බොරළු. අපි මැණික් කියලා බොරළු වලට අවුරුදු 76 රැවටුනා..

දශක තුනකට අධික කාලයක් මෙරට සලිත කළ කුරිරු යුද්ධය නිසා අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය කෙතරම් ද කියා කිව නොහැක. ඒ අහිමි වූ ජීවිත වලට ආගම් ජාති කුලමල නැත. නැති වූයේ මිනිස් ජීවිත ය. මේ සියල්ල සිදුවන්නේ දේශපාලනිකව බව "පහෙන් පහට" ගීතයෙන් කියවෙයි.  එපමණක් නොව ඇතැමුන් මෙරට පරිසරයට කල විනාශය ද පාස්කු ඉරිදා සිදුවුණ බෝම්බ ප්‍රාහාරය ආදී සියල්ල පිලිබඳව මෙම ගීතයෙන් කතා කරයි.

මෙම "පහෙන් පහට එන අය ගැන සැකයි මට" ගීතය රජිකා අගම්පොඩි විසින් රචනා කර ඇති අතර ගායනය සහ තනුව නවරත්න ගමගේ විසින් නිර්මාණය කර ඇති අතර ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශනී ය.

මෙතෙක් කලක් හැඳිගෑවට ආඬි කැඳ
නුඹත්, මමත් හැම වගකිව යුතු නොවෙද?

   සටහන - දිනිත ජයරත්න
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...