BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රොහාන් ඩි සේරම්: එංගලන්තයේ ඉපිද සංගීත ක්ෂේත්‍රය ජයගත් ‘බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලාංකිකයා’

T

The Leader

October 2, 2024 • 1:10 AM

රොහාන් ඩි සේරම්: එංගලන්තයේ ඉපිද සංගීත ක්ෂේත්‍රය ජයගත් ‘බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලාංකිකයා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   ශ්‍රී ලාංකික මවකට සහ පියෙකුට දාව ඉපිද සංගීත ශිල්පියෙකු ලෙස බ්‍රිතාන්‍යය දිග්විජය කළ රොහාන් ඩි සේරම් සැප්තැම්බර් 29 වන දා අභාවප්‍රාප්ත විය.
  • රොහාන් ඩි සේරම් යන නමෙහි ශ්‍රී ලාංකික ඌරුවක් පැවතිය ද, ඔහු විදෙස් මාධ්‍යවල හඳුන්වන්නේ, බ්‍රිතාන්‍ය ජාතික චෙලෝ වාදන ශිල්පියෙකු ලෙස ය.
  • ඔහු බ්‍රිතාන්‍යයේ බිහිවූ අතිදක්ෂ චලෝ වාදන ශිල්පියෙකු ලෙස ප්‍රකට ය.
  • ශ්‍රී ලාංකික දෙමාපියන්   1939 වසරේ මාර්තු 9 වන දා, එනම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ රොහාන් ඩි සේරම් උපත ලැබුවේ, එංගලන්තයේ යෝර්ක්ෂයර්හි ෂෙෆීල්ඩ් ප්‍රදේශයේදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලාංකික මවකට සහ පියෙකුට දාව ඉපිද සංගීත ශිල්පියෙකු ලෙස බ්‍රිතාන්‍යය දිග්විජය කළ රොහාන් ඩි සේරම් සැප්තැම්බර් 29 වන දා අභාවප්‍රාප්ත විය.

රොහාන් ඩි සේරම් යන නමෙහි ශ්‍රී ලාංකික ඌරුවක් පැවතිය ද, ඔහු විදෙස් මාධ්‍යවල හඳුන්වන්නේ, බ්‍රිතාන්‍ය ජාතික චෙලෝ වාදන ශිල්පියෙකු ලෙස ය. ඔහු බ්‍රිතාන්‍යයේ බිහිවූ අතිදක්ෂ චලෝ වාදන ශිල්පියෙකු ලෙස ප්‍රකට ය.

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව උපත ලැබූ රොහාන් ඩි සේරම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූයේ, කෙසේ ද?

මේ ඔහු පිළිබඳ සටහනකි.

ශ්‍රී ලාංකික දෙමාපියන්

 

bg steinhauer rohan
1939 වසරේ මාර්තු 9 වන දා, එනම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ රොහාන් ඩි සේරම් උපත ලැබුවේ, එංගලන්තයේ යෝර්ක්ෂයර්හි ෂෙෆීල්ඩ් ප්‍රදේශයේදී ය.

එහෙයින්, ඇතැමුන් ඔහු හඳුන්වන්නේ, බ්‍රිතාන්‍ය උපත ලැබූ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ය.

ඔහුගේ දෙමාපියන් වූයේ, රොබර්ට් ඩි සේරම් සහ මිරියම් පීරිස් දැරණියගල යුවළ යි.

 e3464

වයස අවුරුදු 16දී ඔහු Guilhermina Suggia සම්මානයේ පළමු ජයග්‍රාහකයා බවට පත්විය.

 

වයස අවුරුදු 11 දී ඔහු සියෙනා සහ ෆ්ලොරන්ස්හිදී ගෆාරේ කසාවෝ (Gaspar Cassadó) නමැති සුප්‍රකට ස්පාඤ්ඤ ජාතික චෙලෝ වාදන ශිල්පියා සමග ඉගෙනුම ලැබීය.

1955 වසරේදී එනම් වයස අවුරුදු 16දී ඔහු Guilhermina Suggia සම්මානයේ පළමු ජයග්‍රාහකයා බවට පත්වූ අතර, ඉන්පසු ඔහුට එක්සත් රාජධානියේ ශ්‍රීමත් ජෝන් බාර්බිරෝලි සහ පුවර්ටෝ රිකෝහි පැබ්ලෝ කැසල්ස් සමග සංගීත අධ්‍යාපනය ලැබීමට හැකි විය. ඊළඟ වසරේ ඔහු Harriet Cohen ජාත්‍යන්තර සංගීත සම්මානය දිනා ගත්තේය.

"දුර්ලභ දක්ෂයෙක්... සහජ හැකියාවක් සහිත සංගීතඥයෙක්... විස්මිත... චෙලෝ වාදකයෙක්," ලෙස අගය කළ දිමිත්‍රි මිට්‍රොපෝලස්ගේ ආරාධනයෙන් රොහාන් ද සේරම්ට1960 වසරේදී කාර්නගී ශාලාවේදී සිය මංගල කේවල වාදනය ඉදිරිපත් කළේ ය.

‘මගේ ජීවිතය සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයක්’

 

DSC1518


රොහාන් ඩි සේරම් The Strad වෙබ් අඩවිය සමග සිය ජීවිතය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ, සිය ජීවිතය ආරම්භයේ සිට ම සංස්කෘතිය සම්මිශ්‍රණයක් වූ බව ය.

“මගේ ජීවිතය ආරම්භයේ සිට ම සංස්කෘතීන්ගේ මිශ්‍රණයක්. මම ඉපදුණේ එක්සත් රාජධානියේ නමුත් මගේ දෙමාපියන් එම වසරේ ම පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය විසින් යටත් විජිතයක් වූ රටක් වන ලංකාවට (දැන් ශ්‍රී ලංකාව) ආපසු ගියා. අපි සිංහල ඉංග්‍රීසි කතා කළා, පෙරදිග හා බටහිර කෑම කෑවා, උඩරට සාම්ප්‍රදායික බෙර වාදනය ඉගෙන ගත්තා, පියානෝ ඉගෙන ගත්තා. මගේ දෙමාපියන් ආධුනික සංගීතඥයන් වූ අතර ඔවුන්ගේ දරුවන් හතර දෙනාගෙන් එක් අයෙකු වෙනත් සංගීත භාණ්ඩයක් ඉගෙන ගනු ඇතැයි බලාපොරොත්තු වුණා. කොළඹ සංගීත කණ්ඩායමක චෙලෝ වාදනය කළ වෝර්සෝහි සරණාගතයෙකු වූ මාර්ටින් හෝර්මන් ළමා ප්‍රසංගයකදී මා පියානෝව වාදනය කරනු අසා තිබුණා. මුලදී මගේ වයසේ දරුවෙකුට ඉගැන්වීමට අකමැති වුණත්, ඔහු මට චෙලෝ ඉගැන්වීමට පසුව තීරණය කළා. මගේ දෙමව්පියන්ගේ කැමැත්තට පටහැනිව, මම සංගීතඥයෙකු විය යුතු බවට ඔහු ඉක්මනින්ම දැඩි ලෙස බල කළ නිසා, ඔහුගේ උපදෙස් පිළිගෙන, මගේ මව වයස අවුරුදු දහයේදී මාව සංගීත පරීක්ෂණයකට යුරෝපයට ගෙනාවා,” ඔහු පවසා තිබිණි.
 
rohan de saram1 scaled e1727682643784
“මම වයස අවුරුදු දහයේ ඉඳලා සංගීතය හැර වෙනත් දේ ගැන බොහෝදුරට තනියම ඉගෙන ගත්තා. Suggia සම්මානය ලැබීමෙන් පස්සේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෙනත් විෂයයන් හැදෑරීමටත් මට මුදල් ලැබුණා.”

සිය සොහොයුරියක සමග ඔක්ස්ෆර්ඩ්හි වාසය කළ ඔහු වයස අවුරුදු 20 වන විට ලන්ඩන් වෙත ගියේ ය.

එකල ඔහු එදිනෙදා වියදම් සඳහා මුදල් සපයා ගැනීමට රැකියාවක ද නිරත වූ බව ඔහු පවසා තිබේ.
 
“එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න, මම ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පාලකයා ලෙස කටයුතු කළා. ඒ කාලේ ඒකල සහ කණ්ඩායම් ප්‍රසංගවල වාදනය කළා. මගේ ජීවිතයේ විශාල වර්ධනයක් ඇති වුණේ, හිල්වර්සම් රේඩියෝවේ විශිෂ්ට නිෂ්පාදකයෙකු වූ ඉයානිස් සෙනාකිස්ගේ ඒකල චෙලෝ ප්‍රසංගයකට මට ආරාධනා කළාට පස්සේ. ඒ වෙනුවෙන් විවිධ ශිල්පීය ක්‍රම ඉගෙන ගැනීම හරහා මට නව ලෝකයක් විවෘත වුණා.”
 
ඉන් වැඩි කලක් ගත වීමට පෙර, 1977 වසරේදී, Irvine Arditti නමැති බ්‍රිතාන්‍ය ජාතික වයලීන් වාදකයා සිය සුප්‍රකට Arditti Quartet සංගීත කණ්ඩායමේ චෙලෝ වාදකයා ලෙස කටයුතු කරන්නැයි ඔහුට ආරාධනා කර තිබිණි.

ඉන්පසු, වසර 26කට අධික කාලයක් ඔහු එම සංගීත කණ්ඩායමේ වාදකයෙකු ලෙස කටයුතු කළේ ය.

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට චෙලෝ වාදකයෙකු වූ රොහාන් ඩි සේරම්, එරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු ලෙස පිළිගැනේ.

(කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...