BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඛේදවාචකයක අභ්‍යන්තරයට එබී බැලීමට කැමති පුරවැසියන් කියැවිය යුතු පොතක්

T

The Leader

October 4, 2024 • 11:06 AM

ඛේදවාචකයක අභ්‍යන්තරයට එබී බැලීමට කැමති පුරවැසියන් කියැවිය යුතු පොතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජ්‍යේෂ්ඨ ඉන්දියානු මාද්‍යවේදියකු මෙන්ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයේ කැරැල්ල මුල සිට ම අපක්ෂපාතීව නිරීක්ෂණය කළ යුද විශ්ලේෂකයකු
  • ඒ, චානක තිලකරත්නගේ පරිවර්තනයක් ලෙසිනි.
  • ඒ කෘති ත්‍රිත්වයෙන් අපට ප්‍රශස්ත ම පරිවර්තනය හමුවන්නේ ‘INSIDE AN ELUSIVE MIND PRABHAKRN’ හෙවත් ‘ප්‍රභාකරන්; දුරවබෝධ මනසක ඇතුළාන්තය’ කෘතියෙනි; ඒ කෘතහස්ත පරිවර්තනය, සේපාල විජේසේකර ගේ ය.
  • 2010 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ අවසන් පරාජයෙන් පසුව මේ අවසන් කෘතිය ලියැවී ඇති අතර සිව්වන ඊලාම් යුද්ධයේ ගැඹුරු දළ සිතුවමක් මෙහි අභ්‍යන්තරයෙහි නිරූපිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වන එම්. ආර්. නාරායන් ස්වාමි ගේ ‘THA TIGER VANQUISHED LTTE’S STORY’ කෘතියේ සිංහල පරිවර්තනය ‘‘ලංකා කොටින්ගේ පරාජය; එල්ටීටීඊ සංවිධානයේ කතාව’ නමින් මෑතක දී නිකුත් වී තිබේ.

ඒ, චානක තිලකරත්නගේ පරිවර්තනයක් ලෙසිනි.

එල්ටීටීඊ නායක, වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ගේ ජීවිත කතාව ද සමග, එල්ටීටීඊ සංවිධානයේ ආරම්භය, විකාශනය, පැවැත්ම සහ අවසානය පිළිබඳව වන සියුම් නිරීක්ෂණය සහිත, නාරායන් ස්වාමි ලියූ කෘති ත්‍රිත්වයක අවසන් කෘතිය මෙය යි. ඒ කෘති ත්‍රිත්වයෙන් අපට ප්‍රශස්ත ම පරිවර්තනය හමුවන්නේ ‘INSIDE AN ELUSIVE MIND PRABHAKRN’ හෙවත් ‘ප්‍රභාකරන්; දුරවබෝධ මනසක ඇතුළාන්තය’ කෘතියෙනි; ඒ කෘතහස්ත පරිවර්තනය, සේපාල විජේසේකර ගේ ය.

2010 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ අවසන් පරාජයෙන් පසුව මේ අවසන් කෘතිය ලියැවී ඇති අතර සිව්වන ඊලාම් යුද්ධයේ ගැඹුරු දළ සිතුවමක් මෙහි අභ්‍යන්තරයෙහි නිරූපිත ය.

විශේෂයෙන්ම සිව්වන ඊලාම් යුද්ධයේ ආරම්භක සැලසුම් විෂයෙහි ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයේ තුලනමය හැසිරීම ද ආරක්ෂක හමුදා හී තියුණු යුධෝපක්‍රම විලාස මෙන් ම ලෝකයේ අංක එකේ ගරිල්ලා සංවිධානයක් ලෙස එල්ටීටීඊ ය අත්කරගෙන තිබූ යසස සහ කීර්තිය වේගයෙන් ක්ෂය වී ගිය ආකාරය ද මෙහි නිරීක්ෂණ තුළ අන්තර්ගත ය.

ඒ කාලය තුළ ශ්‍රී ලාංකීය දේශපාලන පක්ෂ විසින් පෙන්නුම් කරමින් තිබූ ඔවුන්ගේ නොදියුණු තිගැස්සීම් සහගත හැසිරීම්, ක්‍රියාකාරකම් සහ ප්‍රකාවල නිරුවත දැකීමට ද මෙම කෘතිය එක්තරා අන්දමක කැඩපතකි. එසේ ම ලංකාවේ විශාලතම සෙවණැල්ල වන ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ද්විත්ව මුහුණුවර ද මෙහි සියුම්ව දිග හැරේ.

මෙම විශිෂ්ට කෘතිය ,සිංහල ට නැගීමේ දී වදන් සහ යෙදුම් පිළිබඳව මීට වඩා වැඩි බරක් තැබීමට පරිවර්තකයාට හැකිවිණි නම්, මෙහි පරිසමාප්තිය බොහෝ උසස් මට්ටමකට ගෙන ඒමට හැකිවන්නට ඉඩ තිබිණැයි අවසාන වශයෙන් යෝජනා කරමි.

Anurasha Nilmini(අනුරාධා නිල්මිණි)

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...