BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ‘නොකවි’ ත්සුනාමිය

T

The Leader

October 8, 2024 • 4:56 AM

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ‘නොකවි’ ත්සුනාමිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 25වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පුරා දින දහයක් කොළඹ බණ්ඩාරනායක
  • එය කුඩා පරිමාණ ප්‍රකාශන ආයතනයේ සිට මහා පරිමාණ ප්‍රකාශන ආයතන දක්වා ම බලපෑ බව ඒ ඒ ප්‍රකාශන ආයතනවල සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් විමසීමේ දී දැනගැනීමට හැකි විය.
  • මෙවර ප්‍රදර්ශනයේ දී සිදු වූ හෝ සිදු කළ එක් කනගාටුදායක සිද්ධියක් හැරුණ විට සමස්තයක් වශයෙන් සලකා බැලු විට ප්‍රදර්ශනය අතිසාර්ථක බව පැවසීම අතිශයෝක්තියක් නොවන බව ඔබ පිළිගන්නවාට සැක නැත.
  • පොත් මිලදී ගැනීමට පැමිණෙන පාඨක ප්‍රජාව, පොත් අලෙවිසල්වල සේවයේ නියුතු සේවක සේවිකාවන් මෙන් ම අදාළ පොත් වෙළඳසල්වල ආරක්ෂාවට සිටින ආරක්ෂක සේවා සපයන අය ද වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළේ නම් මා යට සඳහන් කළ කනගාටුදායක සිද්ධිය වුව ද සිදු නොවන්නට ඉඩ තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණ.

පමා වුව ද පලය සරුයි

මෙවර සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වු බැවින් ප්‍රදර්ශනය පැවැත්වීමට තිබු දින කල් දැමීමට සිදුවූ බැවින් වෙනත් වසරවල සැප්තැම්බර් මාසය තුළ ම පවත්වා අවසන් කරන පොත් ප්‍රදර්ශනය මෙවර ඔක්තෝබර් මාසයේ ද දින හයක් පවත්වන්නට සිදු විය.

දින වකවානු වෙනස් වුව ද මෙතෙක් පැවති පොත් ප්‍රදර්ශනවලට සාපේක්ෂව ගත් විට මෙවර ප්‍රදර්ශනය සඳහා අති විශාල පිරිසක් පැමිණියහ; පැමිණියා මතු නොව කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයේ අලෙවියක් ද සිදු විය. එය කුඩා පරිමාණ ප්‍රකාශන ආයතනයේ සිට මහා පරිමාණ ප්‍රකාශන ආයතන දක්වා ම බලපෑ බව ඒ ඒ ප්‍රකාශන ආයතනවල සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් විමසීමේ දී දැනගැනීමට හැකි විය. සැබැවින් ම එය සතුටට කරුණකි.

 

FB IMG 1727407277173දින වකවානු වෙනස් වුව ද මෙතෙක් පැවති පොත් ප්‍රදර්ශනවලට සාපේක්ෂව ගත් විට මෙවර ප්‍රදර්ශනය සඳහා අති විශාල පිරිසක් පැමිණියහ

සොම්නස මධ්‍යයේ දොම්නස

මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වු දින දහයෙන් දින හතක් ම මම මගේ පොත් ප්‍රකාශයට පත් කළ ආයතනයේ රැදී සිටියෙමි. ඒ අතර සමස්ත ප්‍රදර්ශන භුමිය පුරා ම පැවති සැම ප්‍රදර්ශන කටියක් වෙත ම ගොස් ඒවායේ තත්ත්වය නිරීක්ෂණය කරන්නට ද පෙලඹුණෙමි. මෙවර ප්‍රදර්ශනයේ දී සිදු වූ හෝ සිදු කළ එක් කනගාටුදායක සිද්ධියක් හැරුණ විට සමස්තයක් වශයෙන් සලකා බැලු විට ප්‍රදර්ශනය අතිසාර්ථක බව පැවසීම අතිශයෝක්තියක් නොවන බව ඔබ පිළිගන්නවාට සැක නැත.

පොත් මිලදී ගැනීමට පැමිණෙන පාඨක ප්‍රජාව, පොත් අලෙවිසල්වල සේවයේ නියුතු සේවක සේවිකාවන් මෙන් ම අදාළ පොත් වෙළඳසල්වල ආරක්ෂාවට සිටින ආරක්ෂක සේවා සපයන අය ද වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළේ නම් මා යට සඳහන් කළ කනගාටුදායක සිද්ධිය වුව ද සිදු නොවන්නට ඉඩ තිබිණ. අනාගතයේ දී එවන් සිද්ධි ඇති නොවන්නට වග බලා ගැනීම මෙම පාර්ශ්ව තුනෙහි ම වගකීමක් බව මෙහි දී අවධාරණය කළ යුතු ය; විශේෂයෙන් ම ප්‍රකාශන ආයතන මේ සම්බන්ධයෙන් තම සේවක සේවිකාවන් සහ ආරක්ෂක අංශ දැනුවත් කළ යුතු ය. පාඨක ප්‍රජාව ද මේ පිළිබඳ සිය අවධානය යොමු කළ යුතු ය. එසේ නොවන්නේ නම් අදාළ පාඨක ප්‍රජාව පාඨක ප්‍රජාවක් ද යන්න යළි යළිත් සිතා බැලීමට සිදු වීම අනිවාර්ය කරුණකි.

පාඨක ප්‍රජාවගේ සමත් අසමත් භාවය

 

image e045ad7a3dතමා ම තෝරාගත් කෘති මිලදී ගැනීම ය.

සමස්තයක් ලෙස ගත් විට මෙවර පොත් ප්‍රදර්ශනය අති සාර්ථක ප්‍රදර්ශනයක් ලෙස හැඳින්වීමට නිර්භය වන අතර ම පාඨක ප්‍රජාව අතුරෙන් සාහිත්‍ය පොත පත නිවැරැදිව තෝරා බේරා ගැනීමට තරම් පුහුණු පාඨකත්වයක් පවතින පාඨක ප්‍රජාවක් සිටියා ද යන්න සැක සහිත බව ද මෙහි දී අවධාරණය කළ යුතු ය. ඒ ඇයි දැයි කිසිවකු ප්‍රශ්න කරන්නේ නම් මතු ලියවෙන කොටස කියවා එය වටහා ගන්නා මෙන් මම ඉල්ලා සිටිමි.

පාඨකයකු හෝ පාඨකාවක කෘතියක් තෝරා ගැනීමේ දී අනුගමනය කරන පිළිවෙත් කිහිපයක් පවතී. ඉන් පළමු පිළිවෙත නම් තමා ම තෝරාගත් කෘති මිලදී ගැනීම ය.

දෙවැන්න පාඨකයාගේ හෝ පාඨකාවගේ හිතවතුන්, ඥාති මිත්‍රාදින්ගෙන්, ගුරුවර ගුරුවරියන්ගෙන් විමසා කෘති මිලදී ගැනීම ය.

සිව්වැන්න නම් තමාගේ හෝ තම ආසන්නතම ඥාතියාගේ ඉගෙනීම් කටයුතු සඳහා නිර්දේශිත කෘති මිලදී ගැනිම ය.

පස්වැන්න නම් අදාළ වර්ෂයෙහි සම්මානයට පාත්‍ර වූ කෘති පිළිබඳ විමසිලිමත්ව සිට එම කෘති මිලදී ගැනීම ය.

සය වැන්න ලෙස හැඟී ගියේ එක් පුද්ගලයකු හෝ පුද්ගලයන් කිහිප දෙනකුගේ මෙහෙය වීම මත සිදු කරන ප්‍රචාරක වැඩපිළිවෙළකට අනුව අලෙවි වන කෘති කෙරෙහි අවධානය යොමු කිරිම ය; එම කෘතිවල අන්තර්ගතය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව ම අදාළ කෘති මිලදී ගැනීමට පෙලඹීම ය. මෙම තත්ත්වය 2023 වසරට සාපේක්ෂව ගත් විට මෙවර වඩාත් වර්ධනය වී තිබිණ.


‘නොකවි’ රැල්ලට හසුව ගසාගෙන යන ‘කවි’

මින් ඉදිරියට මෙම ලියවිල්ල ලියන්නේ මගේ රසවින්දනයට සාපේක්ෂව බැවින් කිසිදු පාඨකයකු, ලේඛකයකු, ලේඛිකාවක හෝ ප්‍රකාශන ආයතනයක් මා සමග උරන නොවන්නැයි මම පළමුවෙන් ම ඉල්ලා සිටිමි.

පාඨක ඔබට මතක නම් පසු ගිය වසරේ එක්තරා ලේඛිකා දෙපළක් විසින් ලියන ලද කෘතියක් ඉතා සිඝ්‍රයෙන් අලෙවි විය. කෙතරම් සිඝ්‍රයෙන් අලෙවි වූවා ද යත් ප්‍රදර්ශනය අවසන් වීමටත් ප්‍රථම එම කෘතියේ මුද්‍රණ කිහිපයක් ම වෙළෙඳපොළට නිකුත් විය. මගේ බින්න රුචිකත්වයට අනුව නම් එම කෘතිය එතරම් අලෙවි වන්නට තරම් වටිනා කෘතියක් නොවේ. එහි අන්තර්තයේ එතරම් බර සාර බවක් නොතිබිණ; එහෙත් කුමන හෝ හේතුවක් මත එම කෘතියෙහි විශාල පිටපත් ප්‍රමාණයක් අලෙවි විය.

මෙවර ප්‍රදර්ශනයේ දී ඒ ආකාරයට කෘති කිහිපයක් ම අලෙවි වාර්තා තැබී ය. මේ අතුරින් මා වඩාත් අවධානය යොමු කරන්නේ කාව්‍ය සංග්‍රහ කිහිපයක් සම්බන්ධයෙනි.

book 240619

 

පසුගිය වසරවලට සාපේක්ෂව ගතහොත් මෙවර පැවති සම්මාන උළෙල ද හතරකට සීමා විය. ඒ: රජත පුස්තක සම්මාන උළෙල, විද්‍යෝදය සම්මාන උළෙල, විදර්ශන සාහිත්‍ය තරගය සහ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල වශයෙනි. මෙම සම්මාන උළෙල අතුරෙන් එක් සම්මාන උළෙලක් නියෝජනය කරන්නේ: කාව්‍ය, කෙටිකතා සහ යොවුන් සාහිත්‍ය පමණි. එනම් රජත පුස්තක සම්මාන උළෙල ය.


එම සම්මාන උළෙහි දී නිර්දේශ වූ කාව්‍ය සග්‍රහ සහ සම්මානයට පාත්‍ර වූ කාව්‍ය සංග්‍රහය මෙන් ම විද්‍යෝදය සම්මාන උළෙලෙහි නිර්දේශිත සහ සම්මාන ලබාගත් කාව්‍ය සංග්‍රහය මෙවර පොත් ප්‍රදර්ශනයේ දී වැඩි අවධානයකට ලක් නොවුණ බව දක්නට ලැබිණ. මෙහි දී විදර්ශන සාහිත්‍ය තරගය සඳහා නිර්දේශිත සහ සම්මානයට පාත්‍ර වූ කාව්‍ය සංග්‍රහය විදර්ශන කුටියට අමතරව අලෙවියට තබා තිබුණේ ඉතා සුළු අලෙවි කුටි ප්‍රමාණයක පමණි. එබැවින් මා ඔහුගෙන් ඒ පිළිබඳව විමසු මොහොතේ හෙතෙම පැවසුවේ මංජුල වෙඩිවර්ධනගේ සහ ලක්ශාන්ත අතුකෝරලගේ කවි පොත්වලට සාපේක්ෂව ගත් විට විදර්ශන සාහිතය තරගයේ සම්මානිත කෘතියේ අලෙවිය අඩු බවයි. එහෙත් ඔහුට අනුව කාව්‍ය පාඨක සමාජය දියුණු මට්ටමක පවතී.

 

54 විදර්ශන සාහිත්‍ය තරගය සඳහා නිර්දේශිත සහ සම්මානයට පාත්‍ර වූ කාව්‍ය සංග්‍රහය විදර්ශන කුටියට අමතරව අලෙවියට තබා තිබුණේ ඉතා සුළු අලෙවි කුටි ප්‍රමාණයක පමණි.

‘කවි’ රහිත ‘කවි පොත්’

මා ලියන්නට යත්න දරන්නේ වෙනත් මානයක් බැවින් යළි එම මාතෘකාවට පිවිසෙන්නට අවසර...

පසුගිය සම්මාන උළෙල සියල්ල නියෝජනය කළ, සම්මානයට පාත්‍ර වූ කාව්‍ය සංග්‍රහ පරයමින් කිසිදු හරයාත්මක බවකින් තොර; සරලව ම පවසන්නේ නම් ‘කවි රහිත’ කාව්‍ය සංග්‍රහ කිහිපයක් ම මෙවර ප්‍රදර්ශනයේ දි අලෙවි වාර්තා තැබී ය. මෙලෙස අලෙවි වාර්තා තැබූ කාව්‍ය සංග්‍රහ අතර එක ම ලේඛකයකු විසින් රචිත කාව්‍ය සංග්‍රහ හතරක් තිබිණ. මම ඒ කාව්‍ය සංගහ හතර ම කියෙව්ව ද මට විඳිය හැකි කාව්‍ය නිර්මාණ (ඒවා ද පූර්ණ වශයෙන් ‘කවි’ යැයි පැවසිය නොහැකි ය.) පැවතියේ තුනක් පමණි. එනම් එක් කාව්‍ය සංග්‍රහයක මට විඳිය හැකි එකදු කවියක් හෝ නොතිබිණ. ඒ මගේ බින්න රුචිකත්වය විය හැකි වුව ද මෙහි එක්තරා ඛේදජනක තත්ත්වයක් ද පවතී. එනම්, නූතන යෞවන (විශේෂයෙන් ම වයස අවුරුදු 18 – 22 අතර) ප්‍රජාව ‘කවි’ ලෙස හඳුනාගන්නා, කියවා ගන්නා මෙම නිර්මාණ ‘කවි’ නොවන බැවින් එම යෞවන ප්‍රජාව විශාල මුළාවක පැටලීම ය. තවත් පසෙකින් ‘කවිය’ ඉතා පහළ මට්ටමට ඇද වැටීම ය.

වගකිව යුත්තෝ මර නින්දේ

මෙම වගකීම කාව්‍ය රචකයාට හෝ පාඨක ප්‍රජාවට පැවරිය යුතු යැයි මම මෙයින් අදහස් නොකරමි. මන් ද මේ සියලු ඔසවා තැබීම් සිදුකරන්නේ සහ සිදුවන්නේ සමාජ මාධ්‍ය තුළින් වන බැවිනි. එමෙන් ම මෙය වළක්වාලීමට නොහැකි බව ද පිළිගන්නා කරුණකි. නමුදු ලංකාවේ දැවැන්ත යැයි අප සිතා සිටින ඇතැම් කවි කිවිඳියෝ ද සුසුම් හෙළමින් පසෙකට වී සිටිනවා මිස කවිය කුමක්දැයි පාඨක ප්‍රජාවට හඳුන්වා දීමට හෝ කවිය කම්බස් වීම නතර කරන්නට ඔවුන් කිසිදු උත්සාහයක් නොගැනීම බරපතළ ගැටලුවකි.

සම්මානිත සෑම කෘතියක් ම හොඳ හෝ උසස් කෘති යැයි මම මෙහි දී සඳහන් නොකරමි. නමුදු මේ වන විට උසස් මට්ටමේ කාව්‍ය නිර්මාණ ඇතුළත් කාව්‍ය සංග්‍රහ යට කරමින් සුනාමියක් ලෙස පැමිණෙන මෙම ‘නොකවි’ රැල්ල පිළිබඳ පාඨක ප්‍රජාව දැනුවත් කිරීම මහා කවි කියවිඳියන්ගේ වගකීමක් බව නම් නොපවසා සිටිය නොහැකි ය.

 

bookfair 23829සාගරයක් බඳු කාව්‍ය ක්ෂේත්‍රය බෙරේ වැව මෙන් අපිරිසිදු ජල පරිශ්‍රයක් බවට පත්වීමට පෙර ඊට අදාළ පිළියම් යොදන ලෙස අදාළ වගකිව යුත්තන් කටයුතු කරන ලෙස ය.


මගේ මෙම ලිපියේ අන්තර්ගත කරුණු විශ්වාස කළ නොහැකි නම් සම්මානිත කාව්‍ය සංග්‍රහ රචක රචකාවන්ගෙන් මෙන් ම අදාළ කාව්‍ය සංග්‍රහ ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතනවලින් මේ පිළිබඳවද විමසිය හැකි ය. එමෙන් ම මෙවර ඒ ඒ අලෙවි කුටිවල සහ විශේෂයෙන් ම කවි කුටියේ අලෙවි වූයේ කුමන වර්ගයේ කාව්‍ය සංග්‍රහ ද යන්න විමසීමෙන් මෙම කරුණ තවත් පැහැදිලි කරගත හැකි ය.

ලිපිය අවසන් කිරීමට මත්තෙන් යළිත් සඳහන් කරන්නේ ‘කවිය’ යනු සාහිත්‍ය ක්ෂේත්‍රයේ වටිනා ම සම්පත ය; සාගරයක් බඳු කාව්‍ය ක්ෂේත්‍රය බෙරේ වැව මෙන් අපිරිසිදු ජල පරිශ්‍රයක් බවට පත්වීමට පෙර ඊට අදාළ පිළියම් යොදන ලෙස අදාළ වගකිව යුත්තන් කටයුතු කරන ලෙස ය.


ප. ලි.

මෙය මීට වඩා දිගු, මෙන් ම සංවාදයට බඳුන් විය යුතු කරුණකි. මා ඉදිරිපත් කරන්නේ සිද්ධියක් සහ සිද්ධියෙන් විය හැකි ව්‍යසනයක් පිළිබඳ අනතුරු හැඟවීමක් පමණි. සරලව ම පවසන්නේ නම් ‘කවිය’ යන මහා සාහිත්‍යංගය ‘නොකවි’ නමැති මඩ වළෙන් ගොඩගන්නැයි කරන ආයාචනයක් පමණි.

සටහන :

jayasiri 04 e1619629387941
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2024/10/08  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...