BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘පරසතුමල්’ විචාරකයන් වර්ණනා කළ තරම් හරවත් චිත්‍රපටයක් නොවෙයි - ගුණසිරි සිල්වා (වීඩියෝ)

T

The Leader

October 20, 2024 • 1:17 AM

‘පරසතුමල්’ විචාරකයන් වර්ණනා කළ තරම් හරවත් චිත්‍රපටයක් නොවෙයි - ගුණසිරි සිල්වා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමා ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් ම වෙන් වූ සිනමා පාසලක් නැත.
  • එබඳු සිනමා විචාරක සහ සිනමා සාහිත්‍යකරණයේ යෙදුණ සහ වර්තමානයේ ද යෙදෙමින් සිටින පුද්ගලයකු ලෙස ගුණසිරි සිල්වා හැඳින්විය හැකි ය.
  • ඔහු විසින් රචිත ‘‘ප්‍රතිරූප’’ නමැති සිනමා සාහිත්‍ය කෘතිය පළමු වරට නිකුත් වන්නේ 1992 වසරේ දී ය.
  • මේ 2024 වර්ෂය යි; එදා මෙදා තුර වසර 32ක් ගෙවි ගොසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අසීරුවෙන් හෝ ගොඩනගාගත්, පවත්වාගෙන යන එවන් අධ්‍යයන මධ්‍යස්ථානයක සිනමාව හදාරණ විද්‍යාර්ථින් හට තමන්ට අවශ්‍ය සිනමා නිර්මාණයක් නැරඹිය හැකි සිනමා සංරක්ෂණාගාරයක් ද නැත.

එවන් පසුබිමක් යටතේ අවම වශයෙන් හෝ ලාංකීය සිනමාව පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වී තිබෙන්නේ අතක ඇඟිලි ප්‍රණය නොඉක්මවූ සිනමා විචාරකයින් මෙන් ම සිනමා සාහිත්‍යකරණයේ නියැළෙමින් සිටින පිරිසකගේ නොපසුබට උත්සාහය හේතුවෙනි.

එබඳු සිනමා විචාරක සහ සිනමා සාහිත්‍යකරණයේ යෙදුණ සහ වර්තමානයේ ද යෙදෙමින් සිටින පුද්ගලයකු ලෙස ගුණසිරි සිල්වා හැඳින්විය හැකි ය.

ඔහු විසින් රචිත ‘‘ප්‍රතිරූප’’ නමැති සිනමා සාහිත්‍ය කෘතිය පළමු වරට නිකුත් වන්නේ 1992 වසරේ දී ය. මේ 2024 වර්ෂය යි; එදා මෙදා තුර වසර 32ක් ගෙවි ගොසිනි. එලෙස ගෙවී ගිය තිස් දෙවසරකට පසුව ‘‘ප්‍රතිරූප’’ කෘතියේ පුනර් මුද්‍රණයක් මේ වන විට සිනමා සාහිත්‍යට පෙම් බඳින පාඨක ප්‍රජාව වෙනුවෙන් ජනගත කර ඇත.

leader T V ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග මේ සතියේ එක්වන්නේ යට සඳහන් කළ සිනමා විචාරක, ලේඛක, ජනමාධ්‍යවේදී ගුණසිරි සිල්වා ය; ඒ ඔහු විසින් මීට තිස් දෙවසරකට ඉහත ප්‍රකාශයට පත් කළ ‘‘ප්‍රතිරූප’’ කෘතියේ පුනර් මුද්‍රණය නිමිති කරගනිමින් ඔහු සමග කළ සාකච්ඡාවක් සමග ය.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...