BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පැරඩයිස් : රාමායණය, පොලිස් ප්‍රචණ්ඩත්වය හා ගෝල්ෆේස් අරගලය

T

The Leader

October 21, 2024 • 6:36 AM

පැරඩයිස් : රාමායණය, පොලිස් ප්‍රචණ්ඩත්වය හා ගෝල්ෆේස් අරගලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාව එහි ස්වභාවයෙන්ම විශ්ව භාෂිය වේ. එය එක් කොදෙව්වකට පමණක් සිමා කළ නොහැක.
  •  දේශීය සිනමාවේ ඉතා අතලොස්සක් වූ චිත්‍රපට කිහිපයක්  හැරෙන්නට, බහුතර නිර්මාණයන්හි කඳුකරය යොදා ගැනෙන්නේ ගීත හෝ සටන් ජවනිකවන්හි පසුතලයක් ලෙසිනි.
  • ප්‍රසන්න ඉන් ඔබ්බට ගොස් කඳුකර දෙමළ ජනයාගේ ජීවිතය හා ඔවුන් මත හෙළා ඇති පීඩනය ගෙන හැර දක්වයි.
  • වතු කම්කරු ජන දිවිය    යටත් විජිත පාලකයන් විසින් පළමුව කෝපි වගාවටත්, දෙවනුව තේ හා රබර් වගාවන් සඳහාත්  කම්කරුවන් ලෙස මෙරටට රැගෙන ආ මොවුන් සියවස් දෙකක් පුරා අනෙක විධ තාඩන පීඩනයන්ට ගොදුරු වෙමින් දිවි ගෙවති.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ, ලංකාවේ දේශපාලන සිනමාකරුවා ලෙසින් අවිවාදයෙන් හැඳින්විය හැකි ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා කෘතිය වූ ``පැරඩයිස්`` දේශීය සිනමාව සීමා මායිම් ඔබ්බට ගෙන ගොස් තිබේ. 

ඉන්දියානු මුල්‍ය ආයෝජනයක් මත නිම වෙන `පැරඩයිස්` සිනමා නිර්මාණය තුල මලයාලම්,සිංහල සහ දෙමළ නළු නිලියන්ගේ දෙබස් හැසිරෙන්නේ ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, දෙමළ සහ සිංහල භාෂා පහකිනි. සිංහල සහ ඉංග්‍රීසි පමණක් හසුරුවන අධ්‍යක්‍ෂක ප්‍රසන්න විතානගේ භාෂා අභියෝගයත් ජයගන්න සමත් වීමත් මෙහිදී කැපී පෙනන දෙයකි.

 

ප්‍රරසන්න ගේ 'පැරඩයිස්' සිනමා පටයට ජාත්‍යාන්තර සම්මානයක්

පුරහඳ කළුවර, ඉර මැදියම, ඔබ නැතිව ඔබත් එක්ක වැනි සම්මානයට පාත්‍ර වූ දේශපාලන තේමාවන් රැගත් ඔහුගේ සිනමා කෘති බොහෝ දුරට පදනම් වුයේ උතුරු - නැගෙනහිර දෙමළ ජනයාගේ අරගලයට එරෙහිව රාජ්‍ය මැදිහත්වීම මත ඇරඹි යුද්ධය යි. දෙමළ,සිංහල හා මුස්ලිම් ජනයා තම හිස මත පතිත වූ යුද්ධයෙන් පීඩා විඳින අයුරු ප්‍රසන්න මෙම සිනමා කෘති මගින් සාකච්ජාවට බඳුන් කළේය. එහෙත් ඔහු මෙවර "පැරඩයිස්" තුලින් විශේෂයෙන් කඳුකර දෙමළ ජන ජීවිතය ගැන ගැඹුරින් කතා බහට ලක් කරයි. "ඔබ නැතිව ඔබත් එක්ක" නිර්මාණය තුලින් යම් ප්‍රමාණයකට කඳුකර දෙමළ ජනයාගේ ගැටළුව මතු කර තිබුණ ද, "පැරඩයිස්"  ඊට වඩා ඉදිරියෙන් සිටී.  දේශීය සිනමාවේ ඉතා අතලොස්සක් වූ චිත්‍රපට කිහිපයක්  හැරෙන්නට, බහුතර නිර්මාණයන්හි කඳුකරය යොදා ගැනෙන්නේ ගීත හෝ සටන් ජවනිකවන්හි පසුතලයක් ලෙසිනි. ප්‍රසන්න ඉන් ඔබ්බට ගොස් කඳුකර දෙමළ ජනයාගේ ජීවිතය හා ඔවුන් මත හෙළා ඇති පීඩනය ගෙන හැර දක්වයි.

වතු කම්කරු ජන දිවිය 

 

 Paradise
යටත් විජිත පාලකයන් විසින් පළමුව කෝපි වගාවටත්, දෙවනුව තේ හා රබර් වගාවන් සඳහාත්  කම්කරුවන් ලෙස මෙරටට රැගෙන ආ මොවුන් සියවස් දෙකක් පුරා අනෙක විධ තාඩන පීඩනයන්ට ගොදුරු වෙමින් දිවි ගෙවති. ආර්ථික,සමාජ සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍ර වලින් වතු කම්කරු ජනයා බැහැර කර තිබුන ද, සියවස් දෙකක් පුරාවට තේ,රබර් අපනයන ආදායම වෙනුවෙන්  ඔව්හු සිය ශ්‍රමය වැගුරුහ. ඔවුන්ගේ ශ්‍රමයේ අතිරික්ත වටිනාකම තුලින් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සුබ සාධන ඇති වුවද දශක ගනනාවක් ගත වුවත් ඒවා තවමත් පුර්ණ ලෙස වතු කම්කරු ජනයා වෙත ලඟා වී නොමැත. එපමණක් නොව එක් බිම් අඟලක හිමිකමක් නොමැති ඔවුහු පරම්පරා ගණනාවක් ම පිටස්තරයන් ලෙසින් කුඩා ලයින් කාමර වලට කොටු වී තවමත් දිවි ගෙවති.

පොලිස් ප්‍රචණ්ඩත්වය 

ප්‍රසන්නගේ 'පැරඩයිස්' චිත්‍රපටය මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක  එක්වර තිරගත වේ
මේ කම්කරුවන්ට, වතු පාලකයන්ගේ හිංසනයට මෙන්ම වර්ගවාදීන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වීමට අමතරව ඔවුන් දෛනිකව මුහුණ දෙන රජයේ පොලිසිය විසින් මුදා හරින බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය වඩාත් බරපතලය. රටේ අනෙකුත් ජන සමාජයන් වෙත ද මුදා හරින මෙකි පොලිස් ප්‍රචණ්ඩත්වය සාමන්‍යකරණය වීම ඉතා භයානක තත්වයක් පෙන්නුම් කරයි. ප්‍රසන්න සිය "පැරඩයිස්" සිනමා නිර්මාණය තුලින් මතු කරන්නේ වතු කම්කරු ජනයා මෙකි පොලිස් ප්‍රචණ්ඩත්වයේ පහසු ඉලක්ක හා ගොදුරු බවට පත් වීමයි.

මෙම සිනමා කෘතියේ කතා පුවතට අනුව කිසියම් සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සාමන්‍ය කම්කරු තරුණයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් එම වරද කළ බවට පිළිගන්න තෙක් පහර දෙන අතර එහි දී එක් තරුණයෙකු මිය යයි. පොලිස් නිලධාරීයා වූ 'සාජන් බණ්ඩා' විසින් එම මිනිස් ඝාතනය අර්ථ දක්වන්නේ තවත් එක් ජන්දයක් අහිමිවීමක් පමණක් ලෙසයි. මෙහිදී ප්‍රසන්න පොලිස් මිලේච්චත්වයේ තරම කදිමට සිනමාවට නගයි.

රාම -රාවණා ප්‍රබන්ධය 

 

යථාවේ නිරයට පාරාදීසයෙන් ඇරයුමක්! - සංවාදය ජූලි 25
"පැරඩයිස්" සිනමා නිර්මාණය විසින් ප්‍රශ්න කිරීමකට ලක් කරන අනෙක් කරුණ වන්නේ රාම රාවණා ප්‍රබන්ධයයි. වාල්මිකී විසින් රචිත රාමායනය නම් මිත්‍යා ප්‍රබන්ධයේ එන  රාවණා ගේ චරිතය ලංකාවේ ඇතැම් සිංහල ජාතිකවාදී  කණ්ඩායම් විසින් දැඩි ලෙස විශ්වාසය කෙරෙන අතරම ඔහුන්ගේ මතය තහවුරු කිරීම සඳහා උත්තේජනයක් සපයා ගනිමින් එය උත්කර්ෂයට නංවති.  හින්දු ජාතිකවාදින්ට රාමාගේ චරිතය උත්තේජනයක්  වගේම, ඉන් තවත්  ඔබ්බට ගොස්  රාමා සංකල්පය මුලික කරගනිමින්  ස්වොත්මවාදයක් බිහිවී තිබීම ඉන්දියාවේදී දක්නට ලැබේ.  රාම-රාවණා කතා පුවතට අදාළ සිදුවීම් වූ යැයි සැලකෙන  ස්ථාන හා බැඳි පුරාවෘත්ත වලට අදාළ කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති බවට මෙරට පුරාවිද්‍යාඥයන් කරුණු දක්වා තිබුන ද, ඉන්දු -ලංකා රාජ්‍ය එක්ව "රාම ට්‍රේල්" නම් සංචාරක ව්‍යාපෘතියක් ඇරඹීම මගින් මේ මිත්‍යා ප්‍රබන්ධය තවත් ශක්තිමත් කර ඇත. එය රාවණා විශ්වාස කරන්නාවූ  සිංහල ජාතිකවාදීන්ට අනුව රාමා උත්කර්ෂයට නංවන ඉන්දියානු උපක්‍රමයකි.

රාමායන චාරිකාවක් ලෙස කේරලයේ සිට ලංකාවට  පැමිණෙන තරුණ යුවලක් මුහුණ දෙන සිදුවීම් හමුවේ වාල්මිකිගේ රාමායන ප්‍රබන්ධය ප්‍රශ්න කෙරෙන අයුරු ප්‍රසන්නගේ "පැරඩයිස්" නිර්මාණය තුලින් මනාව පෙන්නුම් කරයි. ඔහුගේ බොහෝ සිනමා පට වල මෙන්ම මෙහිදීද ප්‍රබන්ධයට එරෙහි කැරැල්ල දියත් කරනුයේ ස්ත්‍රී චරිතයක් වීම සුවිශේෂිය.

සාහිත්‍ය - කලා - Results from #15
ගෝල් ෆේස් අරගලය

අනෙක් අතට මෙම යුවල පැමිණෙන්නේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වී ජනතාව ආණ්ඩුවට එරෙහිව විදී බැස සිටී වකවානුවකයි. ගෑස්, පැට්‍රල්, ඩීසල්, හිඟය හේතුවෙන් සැතපුම් ගණන්  දිග්ගැස්සුණු පෝලිම්, දිනකට පැය කිහිපයක් විසන්ධි කෙරෙන විදුලිය හේතුවෙන් ජනයා මහත් කෝපයට පත් සිටී අතර කොළඹ ගාලු මුවදොරට පමණක් සිමා නොවුණු අරගලය රට පුරා පැතිරෙමින් තිබුණි. මෙම අරගලයේ විශේෂත්වය වනුයේ  පංති අරගලය තවදුරටත් වලංගු නොමැති බවටත්, ජනතාව විදී නොබසින බවටත්, ලබා දුන් දෙයක් බුක්ති විදිමින්, රුපවාහිනි නරඹමින් සිටින බවට වූ මිත්‍යාව පුපුරුවා හරිමින් දහස් ගණන් ජනයා විසින් රජයේ මර්මස්ථාන අත්පත් කර ගනිමින්, පාලකයන් පලවා හැරීමයි.

 

ප්‍රසන්නගේ 'පැරඩයිස්' චිත්‍රපටය මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක  එක්වර තිරගත වේ
මේ තතු යටතේ දේශපාලන සිනමාකරුවෙකු ලෙස ප්‍රසන්නට "පැරඩයිස්" සිනමා නිර්මාණයට අවශ්‍ය උත්තේජනය ගෝල්ෆේස් අරගලය විසින් සපයා දීම වළකාලිය නොහැක්කකි.

සමාජ හා ආර්ථික පීඩනය හමුවේ ජනයාගේ විදී බැසීමේ පසුබිම තුල රාම චාරිකාවට පැමිණෙන ඉන්දියානු යුවල හරහා රාමායන ප්‍රබන්ධය ප්‍රශ්න කිරීමත්, රාම-රාවණා කතා පුවතට අදාළ ස්ථාන කරා යාමට ඔවුන් වතු කරයට පැමිණීම හරහා කම්කරු ජනයාගේ පීඩිත ජීවිතය විනිවිදීමත්, ඔවුන්ට එරෙහිව රාජ්‍ය ආරක්ෂයෝ දියත් කරන මිලේච්චත්වයත්, වැනි දේශපාලනික කාරනා සිනමාත්මකව ඉදිරිපත් කිරීමට අධ්‍යක්‍ෂකවරයා සමත් වීම ප්‍රශංසනීය වේ.


ISHANKHA SINGHAARACHCHI(ඉෂංඛා සිංහආරච්චි)
ishanka.singhe@gmail.com

 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...