BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

(නො)සෑහෙන කලකට පසු වැදගත් ගෞරවනීය ඇගයුමක් - (කුසල් පෙරේරා)

T

The Leader

November 9, 2024 • 3:57 AM

(නො)සෑහෙන කලකට පසු වැදගත් ගෞරවනීය ඇගයුමක්  - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මානලාභී කීර්තිමත් නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල නම් නිර්මාණකරුට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය විසින් මීට දින දෙකකට
  •     සම්මානලාභී කීර්තිමත් නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල අප බොහෝ දෙන පහසුවට වඩා හිතවත්කමට “පරා” යැයි කතා කරන මේ නිර්මාණකරුගේ කලා ජීවිතයට මා දන්නා තරමින් අවුරුදු 50 ට වැඩි ය.
  • ඒ සියල්ල සමගින් එකතු වූ ඔහුගේ දැවැන්ත නිර්මාණකරන ජීවිතය වෙනුවෙන් පරාට මේ “දර්ශන ශූරී” සම්මානනීය ගෞරව උපාධිය පිරිනමනු ලැබූ බව සඳහන් විය.   සෙක්කුව වේදිකා නාට්‍ය එහෙත් නාට්‍යකරණය වෙනුවෙන් පරාගේ දායකත්වය එළෙසින් ලඝු නොවිය යුතු යැයි මම සිතමි.
  • ඔහුගේ නිර්මාණකරනය වෙනුවෙන් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි සෙක්කුව, උත්තමාවී, චරන්දාස් වැනි වේදිකා නාට්‍ය පෙළක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉහතින් නොවැම්බර 07 වන දින “දර්ශන ශූරී” සම්මානනීය ගෞරව උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවති ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිනමනු ලැබිණ.

එවැනි වැදගත් ඇගයුමක් සමග ඒ වෙනුවෙන් නියම සුදුස්සෙකුට අපේ විශ්ව විද්‍යාලයකින් ගෞරව උපාධියක් පිරිනමනු අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. පසුගිය කාලයේ දේශපාලන බලය මත කිසිදු හේතු දැක්වීමක් අවංකව කළ නොහැකි දේශපාලකයින්ටත් ගෞරව උපාධි පිදීමට, විශ්ව විද්‍යාල බලධාරීහු නොපසුබට වූහ. පරාක්‍රම නිරිඇල්ලට එදත් අදත් එවැනි දේශපාලන බලයක් නොවුනි. ඔහු මග හැර යා නොහැකි වූයේ ඔහුගේ නිර්මාණකරයේ බලපෑම හේතුවෙන් යැයි මම සිතමි. හැම අතින්ම පිරිහුණු ආයතන වලින් ඉඳහිට මෙවැනි වැදගත් ඇගයුමක් ලබා ගත හැක්කේ අතිශය ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකුට පමණි. “කලකට පසුව” යැයි කියමින් මෙයට මුල පුරන්නට වූයේ එනිසා ය.    

සම්මානලාභී කීර්තිමත් නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල

අප බොහෝ දෙන පහසුවට වඩා හිතවත්කමට “පරා” යැයි කතා කරන මේ නිර්මාණකරුගේ කලා ජීවිතයට මා දන්නා තරමින් අවුරුදු 50 ට වැඩි ය. ඔහු නාට්‍ය කලාවට පිවිසෙන්නේ ලයනල් වෙන්ඩ්ට්හි ධම්ම ජාගොඩගේ ප්‍රධානත්වයෙන් පවත්වා ගෙන ගිය නාට්‍ය පාසලෙනි. එතැන් සිට වේදිකා නාට්‍ය, රූපවාහිනි නාට්‍ය සහ සිනමාවට දායක වූ පරා, ඒ හැම නිර්මාණ ක්ෂේත්‍රයෙහිම ඉදිරි පෙළ නිර්මාණකරුවෙකු වූවෙකි. ඒ හැම ක්ෂේත්‍රයකම නිර්මාණකරනයේදී පරා අලුතින් එකතු කළ යමක් තිබිණ. ඒ සියල්ල සමගින් එකතු වූ ඔහුගේ දැවැන්ත නිර්මාණකරන ජීවිතය වෙනුවෙන් පරාට මේ “දර්ශන ශූරී” සම්මානනීය ගෞරව උපාධිය පිරිනමනු ලැබූ බව සඳහන් විය.  

සෙක්කුව වේදිකා නාට්‍ය
එහෙත් නාට්‍යකරණය වෙනුවෙන් පරාගේ දායකත්වය එළෙසින් ලඝු නොවිය යුතු යැයි මම සිතමි. ඔහුගේ නිර්මාණකරනය වෙනුවෙන් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි සෙක්කුව, උත්තමාවී, චරන්දාස් වැනි වේදිකා නාට්‍ය පෙළක් ඇත. එහෙත් අපේ සිංහල නාට්‍ය කලාවේ පරාගේ දායකත්වය ඉන් එහා ගිය පුරෝගාමී දායකත්වයකි. ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගෙන් පසු වේදිකා නාට්‍ය තවත් අලුත් ගමනකට යොමු කළ පුරෝගාමියෙකි.

461500320 3870673313162742 9204244891371379604 nසරච්චන්ද්‍ර “මනමේ” නාට්‍ය 1956 දී කොළඹ ආරුක්කු වේදිකාවට ගෙනෙනු ලැබුවේ, ඒ සියල්ලෙන් අංග සම්පූර්ණ කළ නාට්‍යයක් ලෙසිනි.

  

සරච්චන්ද්‍රගේ පුරෝගාමී දායකත්වය වූයේ ශේක්ස්පිය නාට්‍ය රස විඳි ඉංග්‍රීසි උගත් කොළඹ මධ්‍යම පංතිකයින්ටද රස විඳිය හැකි සිංහල නාට්‍යයක් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයෙහි රඟ දැක්වීමය. එකල දියුණු නාට්‍යයක් යනු ප්‍රොසීනියම් (ආරුක්කු) වේදිකාවක සෞන්දර්යාත්මක ප්‍රසාංගික නිර්මාණයක් ලෙස රඟ දක්වන්නකි. එහි නැටුම් ගැයුම්, වේදිකා සැරසිළි, ඇඳුම් පැළඳුම්, වේශ නිරූපණය, ආලෝකකරණය වැනි සියල්ල එකිනෙකට කලාත්මකව මුහුන්වන, උපරිම සෞන්දර්යාත්මක අගයක් එකතු කෙරෙන අධ්‍යක්ෂණයකින් වේදිකාවට ගෙනෙනු ලැබේ. එවැනි සිංහල නාට්‍ය කලාවක් 40 දසකය අවසන් වන විටද නොවුනි. සරච්චන්ද්‍ර “මනමේ” නාට්‍ය 1956 දී කොළඹ ආරුක්කු වේදිකාවට ගෙනෙනු ලැබුවේ, ඒ සියල්ලෙන් අංග සම්පූර්ණ කළ නාට්‍යයක් ලෙසිනි. ඉන්පසු සිංහබාහුද එවැනිම විශිෂ්ට නාට්‍යයක් ලෙස වේදිකාවට ගෙනෙනු ලැබූවකි. සිංහල නාට්‍ය කලාව සෞන්දර්යාත්මක වේදිකා නාට්‍ය කලාවක් ලෙස ගමන් ආරම්භ කරන්නේ එතැන් සිටය. සරච්චන්ද්‍ර සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමියා වන්නේ සිංහල නාට්‍ය සඳහා කොළඹ මැදපංතික නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් බිහි කිරීමේ වැදගත් කාර්ය ඉටු කිරීම හේතුවෙනි. 60 - 70 දසක වන තෙක්ම ඒ සිංහල වේදිකා නාට්‍ය, කොළඹ නගරය හැරුණු විට මහනුවර, ගාල්ල වැනි නගර තුන හතරකට වඩා එහා නොගියේ ය.


ඒ නාට්‍ය සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමේ උත්සාහය ආරම්භ වන්නේ 70 දසකයේදී ය. ධම්ම ජාගොඩ ගේ නාට්‍ය පාසලේ පරා සහ තවත් තරුණන් කිහිප දෙනෙකු එහි උපදේශකයෙකු වූ සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයයෙහි කථිකාචාර්යවරයෙකු වූ ගාමිණි හත්තොටුවේගම මූලික කර ගෙන වීදි නාට්‍ය ආරම්භ කිරීමත් සමග ය. එහෙත් පරා එයට එතරම්ම කැමැත්තක් නොදැක් වූයේ වීදි නාට්‍ය සෞන්දර්යාත්මක නාට්‍ය කලාවක් ලෙස වර්ධනය කළ නොහැකි වූයෙනි. එය හැම විටම ඉතා කෙටි නාට්‍ය විය යුතු වූ අතර, සෙනඟ රඳවා ගත හැකි වූයේ ඒවායේ දේශපාලනික විරෝධාකල්ප තේමා වන තරමට ය.

 

12919842 1558208184476566 80463801258403224 n

ඒ හේතුවෙන් පරා නැවත ආරුක්කු වේදිකාවේම නතර විය. එහෙත් දියුණු වූ සෞන්දර්ය නාට්‍ය කලාව නගරයෙන් පිටත ජනතාව අතරට ගෙන යාමේ වුවමනාව, ඔහු අතින් අත හැරුණේ නැත. ටෙලි නාට්‍ය, සිනමාව සමග රැඳුණු අවදියේද ඔහු බ්‍රසීලියානු ජාතික ඔගොස්තු බොආල් හඳුන්වා දුන් “සංසද නාට්‍ය” (ෆෝරම් තියට) කලාවද හැදෑරුවේය. එය සමාජයේ විවිධ ප්‍රශ්න, ගැටළු සඳහා සාධාරණය වෙනුවෙන් ප්‍රේක්ෂකයාද හවුල් කරගෙන විසඳුම් සෙවීමේ නාට්‍ය කලාවක් වූවකි. එහිද පරා බලාපොරොත්තු වූ සෞන්දර්යාත්මක අන්තර්ගතය නොතිබුණකි.

z Arts page 17 Multiඑච්.ඒ. පෙරේරා එනිසා පරාගේ උත්සාහය වූයේ ආරුක්කු වේදිකා සඳහා නිෂ්පාදනය කෙරෙන සෞන්දර්යාත්මක නාට්‍ය නගරයෙන් පිටතට ගෙන යාමේ අලුත් ආකෘතියක් හදා ගැනීම ය. එහෙත් ආරුක්කු වේදිකා ජංගම වේදිකා ලෙස හකුලාගෙන යාම පහසු නොවූයෙන් ඔහු විශාල කවාකාර කූඩාරමක නාට්‍ය රග දැක්වීම ගැන උනන්දු විය. එහි වෙනස වූයේ ආරුක්කු වේදිකාවේ මෙන් නොව, එහි ප්‍රේක්ෂකාගාරය යනු වේදිකාව වටේටම ඉන්නා නරඹන්නවුන් වීමය. එනිසා එය “රංග භූමියක” (එරීනා) හැඩය ගත්තක් විය. පරාට ආරම්භයේදී ඒ වෙනුවෙන් හවුල් වූයේ තවත් විශිෂ්ට නළුවෙකු වූ එච්.ඒ. පෙරේරා ය. අකල් මරණයකට ගොදුරු වූ එච්.ඒ වැඩිමනත් නාට්‍ය පුහුණුවීම් සඳහා හවුල් විය.  

 13726685 1594593040838080 4653907432379183452 n 1956 දී කොළඹ මධ්‍යම පංතික වේදිකාවට සරච්චන්ද්‍ර ගෙනා සෞන්දර්යාත්මක සිංහල නාට්‍ය කලාව, ගමේ රංග භූමියට රැගෙන යාමේ කාර්ය ඉටු කරනු ලැබුවේ පරාක්‍රම නිරිඇල්ල විසින් ය.
ආරුක්කු වේදිකා නාට්‍ය එහි සියලු සෞන්දර්යාත්මක අගයන් සමග “රංග භූමි” නාට්‍ය කලාවක් ලෙස, පරාගේ සංකල්පීය නිර්මාණයක් වූ හකුලා රැගෙන යා හැකි ප්‍රේක්ෂාගාර කූඩාරම “ජනකරළිය” ලෙසින් රට පුරා සති මාස ගණන් නවාතැන් ගනිමින් ජන ජීවිතයට දියුණු සංස්කෘතිකාංගයක් ලෙස නාට්‍ය කලාව එකතු කළේ ය. එතෙක් අවුරුදු 50 ට වැඩි කලක් සරච්චන්ද්‍රගෙන් පසු නාට්‍ය කලාවෙහි අලුත් ආකෘතිමය හා සන්දර්භීය වෙනසක් සිදුව නොතිබිණ. ඒ සමග ඔහු තවත් වැදගත් දෙයක් සමාජයට එකතු කළේය. සිංහල-දෙමළ හවුල් නාට්‍ය කණ්ඩායමක් සමග, ඔහු සිංහල නාට්‍ය උතුරු-නැගෙනහිර ජනතාවට දෙමළ නිෂ්පාදන ලෙස  ප්‍රදර්ශනය කළේය. වඩාත් වැදගත් වන්නේ, යුද්ධය හේතුවෙන් වසර 25 ට වැඩි කලක් බිඳ වැටී තිබුණු දෙමළ නාට්‍ය කලාව සඳහා අත දීමය. දියුණු සෞන්දර්යාත්මක නාට්‍ය නිෂ්පාදනයේ සියලු කුසලතා සහ තාක්ෂණය ඉගැන්වීමේ වැඩමුළු ඔහු දෙමළ තරුණ තරුණියන් සඳහා යාපනයෙහි පැවැත්වීය.

කතාව කෙටි කළහොත් 1956 දී කොළඹ මධ්‍යම පංතික වේදිකාවට සරච්චන්ද්‍ර ගෙනා සෞන්දර්යාත්මක සිංහල නාට්‍ය කලාව, ගමේ රංග භූමියට රැගෙන යාමේ කාර්ය ඉටු කරනු ලැබුවේ පරාක්‍රම නිරිඇල්ල විසින් ය. ඒ අසීරු පුරෝගාමී කාර්ය සඳහා පරාට වෙනම “දර්ශන ශූරී” සම්මානනීය ගෞරව උපාධියක් හිමි විය යුතු යැයි මම සිතමි.

 

kusal perera
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 නොවැම්බර 08

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...