BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ගෙන්දගම් පොළොව - (ජයසිරිගේ අලුත් වැඩක් )

T

The Leader

November 16, 2024 • 1:48 AM

ගෙන්දගම් පොළොව - (ජයසිරිගේ අලුත් වැඩක් )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘දැන් මමයි සුසන්තයි ඉන්නෙ බම්බලපිටියෙ ඇල්බට් එදිරිසිංහ කණ්ණාඩි සාප්පුව ඉස්සරහ. සාප්පුවක් කිව්වට මේක තට්ටු හය හතක ගොඩනැගිල්ලක්.
  • ඇත්තට ම ද්‍රෝහි වුණා කියන්නත් බෑ.
  • මම ඊයෙ කිව්ව වගේ එයා සමහර විට මට ඒ සික්යුරිටි රැකියාව අරගෙන දෙන්න වුවමනා නිසා මුදලක් අය නොකර ම අර ඇල්බට් කියන සික්යුරිටි ලොක්කට එයාගෙ ඇඟ දෙන්න ඇති.
  • එතකන් ටිකක් ඉවසගෙන ඉන්න.’’ මම  theleader.lk  වෙබ් අඩවියට ලියපු දෙවන ප්‍රබන්ධ රචනය වුණ ‘‘අපලෝකන’’ 2024 අගෝස්තු 23වන දින අවසාන කරේ ඔන්න ඔය විදියට .
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් ඔයාල බලනව ඇති ගාල්ලෙ හිටපු අපි එකපාරට ම බම්බලපිටියට ආවෙ කොහොම ද, ඒ ඇයි ද කියල. ඔවු... එහෙම එන්න අපිට සිද්ධ වුණා. හැබැයි ඒකට කිසිම කෙනෙක් වැරැදි නෑ. වැරැද්ද මගේ... ඔවු... මගේ. මම, මට ඒච්චර ආදරය කරපු ජෙසිකා අක්කට, රමණීට, විනීතාට, කමලාට වගේ ම එක දවසක් වුනත් මට මගේ ම සහෝදරියක් වගේ සලකපු පරමේශ්වරී... එහෙමත් නැතිනම් පරම්ට ද්‍රෝහි වුණා. ඇත්තට ම ද්‍රෝහි වුණා කියන්නත් බෑ. එයාලට පිටුපෑවා. විශේෂයෙන් ම ජෙසිකා අක්කට. මම ඊයෙ කිව්ව වගේ එයා සමහර විට මට ඒ සික්යුරිටි රැකියාව අරගෙන දෙන්න වුවමනා නිසා මුදලක් අය නොකර ම අර ඇල්බට් කියන සික්යුරිටි ලොක්කට එයාගෙ ඇඟ දෙන්න ඇති. ඒත් කරන්න දෙයක් නෑ. මට වුවමනා වෙලා තිබුණෙ වෙනසක්. ඒත් ඒ වෙනස සික්යුරිටි රැකියාවෙන් වෙන්නෙ නෑ කියල තේරුණ නිසයි මෙහෙම තීරණයක් ගත්තෙ.

සමහර විට ඔයාලත් කියයි මම මහ එපා කරපු එකෙක්, ගුණමකුවෙක්, ආත්මාර්ථකාමියෙක්, කළ ගුණ නොදන්න පාහරයෙක් කියල. කමක් නෑ. ඕන කෙනෙක් එහෙම හිතපුවාවෙ. ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි කියල අනාගතේ දවසක ඔයාලට තේරේවි. කොහොමටත් මම ඒක ඔයාලට තේරුම් කරල දෙනවා. හැබැයි ඒකට ටික කාලයක් ගතවේවි. ඒ කාලය එනතුරු ඔයාලට ඉවසන්න වේවි. ඒ නිසා අනාගතයේ දවසක අලුත් පරිච්ඡේදයකින් අපි හමුවෙමු. අන්න එදාට මම කාටවත් ද්‍රෝහි වුණේ නෑ කියල වගේ ම මම එහෙම කරේ ඇයි කියල ඔයාල තේරුම් ගනීවි. එතකන් ටිකක් ඉවසගෙන ඉන්න.’’

මම theleader.lk වෙබ් අඩවියට ලියපු දෙවන ප්‍රබන්ධ රචනය වුණ ‘‘අපලෝකන’’ 2024 අගෝස්තු 23වන දින අවසාන කරේ ඔන්න ඔය විදියට.

 

මම theleader.lk වෙබ් අඩවියට ලියපු දෙවන ප්‍රබන්ධ රචනය වුණ ‘‘අපලෝකන’’ 2024 අගෝස්තු 23වන දින අවසාන කරේ ඔන්න ඔය විදියට. සමහර විට සමහර කෙනකුට දැනෙන්න පුළුවන් ඇයි ඒ ප්‍රබන්ධ රචනය ඒ විදියට අවසාන කරේ කියල. ඇත්තට ම ප්‍රබන්ධ කියන්නෙ ප්‍රබන්ධ ම විතරක් නෙවෙයි. යථාර්ථය ම විතරක් කියන්නත් බැහැ. ඒ නිසා මිනිස්සුන්ගෙ ජීවිත විවිධ අවස්ථාවල විවිධාකාර වෙනස්කම්වලට බඳුන් වෙනවා. ඉතිං ඒ විදියට ම රොහාන් යසසිරිගෙ වගේ ම සුසන්ත ප්‍රදිප්ගෙ ජීවිත පවා එබඳු වෙනස්කම්වලට බඳුන් වෙන්න පුළුවන්.


‘‘අපලෝකන’’ දෙවන අදියර තුළින් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ කියපු වෙනස. ඒ වෙනස් ජීවිත පවත් බොහෝ විට සුන්දර නැති වෙන්න පුළුවන්. හැබැයි සුන්දරත්වය තියෙන්නෙ ම අසුන්දරත්වය නිසා. ඒ නිසා මම මගේ පාඨක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා රොහාන් යසසිරිගෙ සහ සුසන්ත ප්‍රදීප්ගෙ ජීවිත පවත තව දුරටත් කියවන්න කියල. ඒ කතාව කියවද්දි පවා ඔයාලට විවිධ චරිත හමුවෙන්න පුළුවන්; ඒ චරිත: කළු, සුදු සහ දුඹුරු වගේ ම වෙනත් පැහැයක් ගන්නත් පුළුවන්. ඒ චරිත පිළිබඳව: දුකක්, සතුටක්, තරහක්, පිළිකුලක් හෝ අනුකම්පාවක් ඇති වෙන්න පුළුවන්. ඇත්තට ම ඔයාලගෙ ඇත්ත ජීවිතයෙදිත් සමහර විට එබදු චරිත ඔයාලට හමුවෙලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ චරිත පිළිබඳ විනිශ්චය කිරීම මම මගේ පාඨක ප්‍රජාවට ම බාර දෙනවා.

එහෙම නම් අපි ලබන සතියේ සෙනසුරාදා (2024/11/23) සිට ‘‘ගෙන්දගම් පොළොව’’ මත දී යළිත් හමුවෙමු.

සටහන :

jayasiri 04 e1619629387941
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2024/11/16

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...