BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'නෙතට උළෙලක්' මෙල්බර්න් ප්‍රසංගය නොමැකෙන සටහනක්

T

The Leader

December 3, 2024 • 4:14 AM

'නෙතට උළෙලක්' මෙල්බර්න් ප්‍රසංගය නොමැකෙන සටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරුණරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ පසුගිය යුගයේ බිහිවූ අති දක්ෂයින් දෙදෙනෙකි.
  •     මෙවැනි අති දක්ෂයින් දෙදෙනෙකු වසර 25ට පසු එකම වේදිකාවක ගී ගායනා කළ ගී මියැසිය 'නෙතට උළෙලක්' ප්‍රසංගය අති උත්කර්ෂවත් ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙදී පැවැත් විනි.
  • මෙම ප්‍රසංගයේ ටිකට්පත් ප්‍රසංගය පැවැත්වීමට සතියට පෙර අවසන් වීම ද විශේෂත්වයකි.
  •     දීපිකා දිවුල්ගනේ ගී සුසංයෝජනය ප්‍රේක්ෂක සිත් වසග කරමින් සැබවින්ම හිතට මිහිරක් එක් කර ජීවිතට රසවත් මතයක් ගෙන දුන් ප්‍රසංගයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

කරුණත්න දිවුල්ගනේ කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ ලෙහෙසියෙන් හසු නොවන සංධිස්ථාන සොයා ගිය විශිෂ්ට සංගීතවේදියෙකි. එසේම දීපිකා ප්‍රියදර්ශනී ද දෙස් විදෙස් සම්මානයන්ට පවා පාත්‍ර වුණු ගායිකාවකි.

 y 1002

 

මෙවැනි අති දක්ෂයින් දෙදෙනෙකු වසර 25ට පසු එකම වේදිකාවක ගී ගායනා කළ ගී මියැසිය 'නෙතට උළෙලක්' ප්‍රසංගය අති උත්කර්ෂවත් ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙදී පැවැත් විනි.

මෙම ප්‍රසංගයේ ටිකට්පත් ප්‍රසංගය පැවැත්වීමට සතියට පෙර අවසන් වීම ද විශේෂත්වයකි.

 PHOTO 2024 12 03 14 45 15

 

දීපිකා දිවුල්ගනේ ගී සුසංයෝජනය ප්‍රේක්ෂක සිත් වසග කරමින් සැබවින්ම හිතට මිහිරක් එක් කර ජීවිතට රසවත් මතයක් ගෙන දුන් ප්‍රසංගයකි. Awakasha Entertainment ආයතනය මෙම ප්‍රසංගය සංවිධානය කළ අතර එය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ඔවුන්ගේ සංවිධාන දායකත්වය කැපී පෙනුනි.

මෙල්බර්න්, පර්ත් සහ බ්‍රිස්බ්‍රෙන් යන නගර තුනෙහි පැවැත් වුණු නෙතට උළෙලක් ප්‍රසංග මාලාවට විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමි වූ අතර සුභාවිත සංගීතයේ මියුරු හඬ දිවුල්ගනේ සහ දීපිකා එලෙස වේදිකාවෙන් බැස ගියේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂකයන්ගේ නෙතට කිසිදා අමතක නොවන උළෙලක් තිළිණ කරමිනි.

 PHOTO 2024 12 03 14 45 17

nethata uleala1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...