BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වෙඩිවර්ධන ගේ 'බල්සාක් කැෆේ' තීරු ලිපි සංග්‍රහය අද සිට ඔබ අතට

T

The Leader

December 11, 2024 • 4:38 AM

වෙඩිවර්ධන ගේ 'බල්සාක් කැෆේ' තීරු ලිපි සංග්‍රහය අද සිට ඔබ අතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශිෂ්ට කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් මෙන්ම කවියෙක් වන මංජුල වෙඩිවර්ධන විසින් අනිද්දා පුවත්පතට ලියූ, ද ලීඩර් වෙබ් අඩවියේ සතිපතා පළ කෙරුණු "බල්සාක් කැෆේ", තීරු ලිපි සංග්‍රහයක් ලෙසින් අද දින සිට පාඨක ඔබ අතට ලැබීමට නියමිත ය.
  • කොලම ලියන්නට පටන් ගනිද්දී ම නාමකරණය හරහා නැඟෙන තේමාත්මක මානය ලෙස මා සඳහන් කළ වචන මෙයාකාරය විය.
  • 'මානව ප්‍රහසනයේ' සංස්කෘතික දේශපාලනය.
  • මෙය කෘතියක් ලෙස පළවන මොහොතේ අනිද්දා ප්‍රධානී ජනරංජන, එහි නියෝජ්‍ය සංස්කාරක මා මිත්‍ර ලසන්ත රුහුණගේ ඇතුළු සනුහරය සිහිපත් කරමි.
අකුරු ප්‍රමාණය (Font Size):

විදර්ශන ප්‍රකාශනයක් වන මෙම කෘතිය ගැන කතුවරයා සිය ෆේස්බුක් පිටුවෙහි මෙවන් සටහනක් පළ කර තිබුණි.

"- කෝපි අවන්හලක සටහන - 

470183498 601822819040877 3623343741500916499 n
බල්සාක් කැෆේ තීරු ලියවිල්ල මා ලියන්නට පටන් ගත්තේ මා උපන්ගම වන කළුබෝවිල මිත්‍රයකු සේම චිරකාලීන පත්තරකාර මිත්‍රයකු ද වන ‘අනිද්දා’ පත්තරයේ ප්‍රධාන සංස්කාරක කේ.ඩබ්ලිව්. ජනරංජනගේ ඉල්ලීම හන්දා ය. කොලම ලියන්නට පටන් ගනිද්දී ම නාමකරණය හරහා නැඟෙන තේමාත්මක මානය ලෙස මා සඳහන් කළ වචන මෙයාකාරය විය.

‘’බල්සාක් කැෆේ. ඔබ දකින, කියවන, හඟින දෛනික ජීවිතයේ, මඟහැරෙන නිමේෂ.

'මානව ප්‍රහසනයේ' සංස්කෘතික දේශපාලනය.

theleader

මෙය කෘතියක් ලෙස පළවන මොහොතේ අනිද්දා ප්‍රධානී ජනරංජන, එහි නියෝජ්‍ය සංස්කාරක මා මිත්‍ර ලසන්ත රුහුණගේ ඇතුළු සනුහරය සිහිපත් කරමි. එ මෙන් ම මෙම කොලම පත්තරයේ පළවූ පසු අන්තර්ජාලය හරහා පාඨක සමාජය වෙත ගෙන ගිය ‘ද ලීඩර් ඩොට් එල් කේ’ වෙබ් අඩවියේ නියාමක රුවන් ෆර්ඩිනැන්ඩෝ මෙන් ම එම වෙබ් ලියවිල්ලෙහි අන්තර්ගතය පෝෂණය කිරීම වෙනුවෙන් එය විවිධ මූලාශ්‍රයන්ගෙන් සන්නද්ධ කළ අභිෂේකා වාසලබණ්ඩාරට ද කෘතඥපූර්වක වෙමි.

මෙහි එන ලියවිලි වෙනුවෙන් මට අනුප්‍රාණයක් වූ රෝහිත භාෂණ අබේවර්ධන, අතුල විතානගේ, ඥානසිරි කොත්තිගොඩ හා කේ. විජේසිංහ සහෝදරයන් ආදරයෙන් සිහිපත් කරමි.

ඉදිරිගාමී දැක්මක් සහිත විදර්ශන ප්‍රකාශන ක්‍රියාවලි ඉතිහාසයේ පළමු කොළම කෘතිය බවට පත්වන "බල්සාක් කැෆේ" සඳහා අනුමැතිය හා ශක්තිය ලබා දුන් විදර්ශන ප්‍රකාශනාධිපති මා චිරකාලීන මිත්‍ර ජනක ඉනිමංකඩ මෙන්ම එම මැතිණිය, මා චිරකාලීන මිත්‍රවරී තුෂාරි මානවඩු සුපුරුදු මිත්‍රත්වයෙන් මෙනෙහි කරමි. එමෙන්ම මෙම කෘතිය මුළුමනින්ම සැලසුම් කළ මිත්‍රවරී ධම්මිකා සිරිවර්ධන, අක්ෂර - වෑකරණ වින්‍යාස පෙර වැරදි නිවැරදි කළ මිත්‍ර කිවියර ලහිරු කරුණාරත්න සහ ' බල්සාක්' කවරය ෆ්‍රන්ස ධජයෙහි වර්ණාවලියෙන් සන්නද්ධ කර කෘතියට නව අර්ථකථනයක් උත්පාද කර දුන් මිත්‍ර කිවියර විකුම් ජිතේන්ද්‍ර හට අප්‍රමාණ සැලියුට් පුද කරමි.

Manjula wediwardhanaමංජුල වෙඩිවර්ධන
2024 ගිම්හානය කෙළවර
පැරීසිය
ෆ්‍රන්සය

(දොස්දෙවූස්කිගේ අත්සන සහිත මග්ගෙක පසුබිමෙහි වන 'බල්සාක් කාෆේ' මුද්‍රිත කෘතිය සහිත මෙම සේයාරුව ජනක ඉනිමංකඩ මිත්‍රවරයා විසින් අද උදෑසන වට්සැප් කරන ලද්දකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...