BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අවිචාරශීලී මාධ්‍ය භාවිතයෙන් නිවැරැදිකරුවන් වැරැදිකරුවන් වෙනවා - ශජානි රණසිංහ (වීඩියෝ)

T

The Leader

December 15, 2024 • 12:31 AM

අවිචාරශීලී මාධ්‍ය භාවිතයෙන් නිවැරැදිකරුවන් වැරැදිකරුවන් වෙනවා - ශජානි රණසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘භීෂණාත්මක බව, සංත්‍රාසය, ගූඩත්වය, සුන්දරත්වය ඈ මනෝ භාවයක්, චරිතයක යම් මතිභ්‍රමයක් නැති නම් නිර්මාතෘ තුළ ආධිපත්‍යය දරන යම් මනෝ භාවයක් ඈ තුළින් පැන නගින ආචරණමය ඒකීයත්වයක් මෙම ප්‍රවණතාව තුළ දක්නට ලැබේ.
  • සමන් කුමාර: පිටුව 58: විදර්ශන ප්‍රකාශන කේ.
  • සමන් කුමාර විසින් රචිත ‘‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’’ කෘතියෙන් මෙම කොටස උපුටා ගත්තේ ඔහු පිළිබඳ හෝ ඔහුගේ මෙම කෘතිය පිළිබඳ කිසිවක් පැවසීමට නොවේ.
  • සමන් කුමාර සඳහන් කරන සියලු ලක්ෂණ ශජානි රණසිංහ විසින් රචිත ප්‍රබන්ධ කෘතිය වන ‘‘මා නොවන මා’’ හි අන්තර්ගතව තිබෙන බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන් කෘතියේ අන් සියල්ල තීන්දු කෙරේ. පෙර තහවුරු නොකරන ලද ආකස්මික තත්ත්ව, සිදුවීම් ඈ සියල්ල එවන් ප්‍රාථමික ආචරණයක් මගින් ඒකීයත්වයක් තුළ ගොනු කෙරේ. භාවමය සංඝටනාවන්ගේ හෝ ධාරණාවන්ගේ සමස්තය පාඨකයා කෙරේ යොමු කිරීමක් මෙහි හඳුනාගත හැකි ය. අධිකරණ වෛද්‍ය වාර්තා ඈ මෙම කෘතින්හි බොහෝ විට උපයෝගි වේ.’’

නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට: කේ. කේ. සමන් කුමාර: පිටුව 58: විදර්ශන ප්‍රකාශන

කේ. කේ. සමන් කුමාර විසින් රචිත ‘‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’’ කෘතියෙන් මෙම කොටස උපුටා ගත්තේ ඔහු පිළිබඳ හෝ ඔහුගේ මෙම කෘතිය පිළිබඳ කිසිවක් පැවසීමට නොවේ.

එසේ නම් මෙම කොටස උපුටා ගත්තේ ඇයි ද යන්න ඔබට සිතෙනු නොඅනුමාන ය. ඔවු... එය එසේ වීම සාධාරණය.

අදාළ කෘතියෙන් මෙම කොටස උපුටාගන්නට බලපෑ හේතුව වූයේ: The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එකතු වන ලේඛිකා ශජානි රණසිංහ විසින් රචිත ප්‍රබන්ධ කෘතිය යි. මන් ද කේ. කේ. සමන් කුමාර සඳහන් කරන සියලු ලක්ෂණ ශජානි රණසිංහ විසින් රචිත ප්‍රබන්ධ කෘතිය වන ‘‘මා නොවන මා’’ හි අන්තර්ගතව තිබෙන බැවිනි.

මතු පළවන විඩියෝව නරඹා ඉක්බිති එම කෘතිය ද කියවන්නේ නම් ඔබට එය පසක් වනු නොඅනුමාන ය.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...