අපිට එහෙම සමාජයේ දකින්නට ලැබෙනවා අහන්නට ලැබෙනවා. ඒ වගේම කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බවෙනවා කියලත් කියනවා. මේ හැම දෙයක් තුළින්ම තමන්ගේ ජීවිතේ දුෂ්කර මොහොතවල් පසුකරලා ඉදිරියට යන්න ලැබෙන්නේ මානසික උත්තේජනයක්.
"සීනිමුරුක්කු "කියන්නේ බැලූබැල්මට පැණි රස කැවිල්ලක්. නමුත් කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ කෙටිකතා සංග්‍රහයේ නම "සීනි මුරුක්කු"වුනාට එයි අන්තර්ගතයේ තියෙන්නේ ජීවිතය පිළිබඳ තින්ත ඇත්ත.
MirrotArts Youtube නාලිකාවේ මෙවර සාකච්ජාවට එකතුවෙන්නේකසුන් මහේන්ද්‍ර හීනටිගල.
MirrotArts -
මාස දෙකක් ඇතුලත මුදුණවාර 08කින් පොත් කීයක් එලියට ඇවිත් තියෙනවද ?
කසුන් -
සංඛ්‍යාත්මක වශයෙන් මම හිතනවා පොත් 30,000කට විතර ආසන්න ප්‍රමාණයක් කියලා. ඒ මට දැණුම් දෙන ආකාරය සහ මට හැගෙන ආකාරයෙන් .එහි හරිම ප්‍රමාණය මම ඇත්තටම දන්නෙ නැහැ .මොකද ප්‍රකාශණය කරන්නෙ මම නොවන නිසා. ඒක මම හිතනවා සංඛ්‍යාත්මක මට්ටමකට වඩා පොතේ ගුණාත්මක භාවය සහ වාර්ථාවක් විදිහට මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත මුද්‍රණවාර 08ක් දක්වා දීර්ඝ චාරිකාවක් පොඩි කාලයක් ඇතුලත ගිය එකම සහ ප්‍රථම කෙටිකතා පොත තමා සීනි මුරුක්කු.
MirrorArts -
ඇත්තටම සතුටු වෙන්න ඕන කාරණයක් ඒ ජයග්‍රහණය ගැන. මේ පොත තුළට ආකර්ශණය ඇතිවෙන්නෙම සීනිමුරුක්කු කියන දැවටිල්ල නිසා. නමුත් ඔබ මෙහි කතා කරන්නේ මිනිසුන්ගේ ජීවිතවල තිත්ත ඇත්ත.මොකද මේ ගැන කියන්නෙ කසුන්?
කසුන් -
ඇත්තටම ජීවිතය කියන්නේ සමාජ ක්‍රමයක් ඇතලෙ දේශපාලන වටපිටාවත් එක්ක අපි ඇසුරු කරන සමාගම් එක්ක ජීවිතය කියන්නේ පැණිරහම නෙමේ. ජීවිතය කියන්නෙ බුදුන් වහන්සේ කිව්වා වගේ අටලෝ දහම හරහා යන චාරිකාවක්. මම හිතනවා තිත්ත ජීවිත කතා ඇතුළෙ මට පුළුවන්නම් පැණිරහ යමක් දෙන්න මගේ පාඨකයන්ට ඒ පැණිරහ තමයි සීනි මුරුක්කු
පොතක් නිර්මාණය කරලා පොත් ප්‍රකාශයකයන්ට බාර දුන්නට පස්සෙ මොකද වෙන්නේ ඇත්ටම කියන ප්‍රමාණය විතරද ඔවුන් මුද්‍රණය කරලා සමාජ ගත කරන්නේ. මුදුණ මුදුණ කර්මාන්තය තුළ ලේඛක ලේඛිකාවන් මුහුන පාන යම්යම් කාරණා පිළිබඳවත් ජීවිතය ආදරය සහ ප්‍රේමයත් මාධවී ගෙන් ජීවිතයට ලැබෙන ආදරය සහ සහයෝගය ගැනත් අලුත උපන් දරුවා පිළිබඳවත් කසුන් මෙහිදී MirrorArts Youtube නාලිකාව සමග කතා කරනවා. ඔබට සම්පූර්ණ සාකච්ජාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.



