පළමු ස්වර ත්‍රිත්වය
මොහු වයස අවුරුදු අටේ දී ටේප් රෙකෝඩරයක් ගෙන රුපවාහිනිය හෝ ගුවන් විදුලිය ඉදිරිපිට වාඩිවී තමා ප්‍රිය කරන ඇමරිකානු සහ එංගලන්තයේ ගීත ග්‍රහණය කර ගැනීමට උත්සහ ගෙන ඇත. පසුව ඔහු පියානෝව වාදනය ආරම්භ කර ඇති අතර ඔහුගේ සොයුරියගේ ධ්වනි ගිටාරය මගින් ඔහුගේ පියාගේ මිතුරකු ඔහුට A,D සහ E යන ස්වර ඉගැන්නුවේ ය.
ලාර්සන් තම තරුණ වියේදී ජෙට් බ්ලෙසර්, මේඩ් ඉන් හොංකො සහ රොක්සාන් යනාදි සංගීත කණ්ඩායම් රැසක තම වාදන හැකියා පෙන්නුම් කළ අතර රිදම් ගිටාරය මොහුගේ ප්‍රියතම වාදන භාණ්ඩය විය. ඊට අමතරව ඔහු කණ්ඩායමේ ප්‍රමුඛ ගායකයා ද විය. මොහු යුරෝපා රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා මෙන්ම ප්‍රධාන ගීත රචකයා ද වේ.
ජයග්‍රහණයේ ඇරඹුම...

හෙතෙම 1979 වසරේ දී යුරෝපයේ සංගීත ලෝකය තුළ ජෝයි ටෙම්පස්ට් නමින් නමක් සදා ගත් අතර, ඔහුට ඒ සඳහා පෙලඹීම් කලේ විලියම් ශේක්ස්පියර් ගේ ටෙම්පස්ට් නම් ඛේදාන්ත නාට්‍යය යි. පසුව ඔහු ගිටාර් වාදකයකු වන ජෝන් නොරම් සහ වාදක පීටර් ඕල්සන් සහ බෙර වාදක ටෝනි රෙනෝ සමග එක්වී ෆෝර්ස් සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේ ය. අනතුරුව හෙතෙම ස්ට්‍රොක්හෝම්හි ජනාසන්න ප්‍රදේශවල විසල් රසික ප්‍රතිචාරයට ලක් වූ අතර රසික රසිකාවන් පිරිසක් ඔවුන් වටා ගොඩ නගා ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.
1982 දී මොවුහු යුරෝපා ලෙස නාමය වෙනස් කර ගත් අතර රොක් එස් එම් සංගීත තරගයෙන් ජයග්‍රහණය උරුම කර ගත්හ. එහි පළමු ත්‍යාගය වුයේ Hot Records සමගින් වාර්තාගත ගනුදෙනුවක් කිරීමට අවස්ථාවක් ලැබීම ය. 1983 දී මොවුහු තම ප්‍රථම නාමමාත්‍රික සංගීත ඇල්බමය සහ 1984 දී Wings In Tomorrow ඇල්බමය නිකුත් කළහ. මොහු රචිත ජනප්‍රියම ගීත වන්නේ THe Final Count Down, Rock the Night, Superstitious, නම් ගීතයි.
යුරෝපය තුළ ගත කාලයේ දී මොහු ජයග්‍රහණ රාශියකට උරුමකම් කී අතර THe Final Count Down ගීතය විශාලතම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබු ගීතය බවට පත් විය. එය රටවල් 26ක අලෙවි ලයිස්තුවේ ඉහළ ම ස්ථානයේ වැජඹුණු අතර පිටපත් මිලියන 15ක් විකිණී තිබුණි. පසුව 1987 යුරො බාස්කට් (යුරෝපීය පැසිපන්දු ශූරතාවලිය) උළෙලේ දී සහ 1988 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාප්තිය සනිටුහන් කරන විට The Final Count Down ගීතය වාදනය කළ අතර සහශ්‍ර සැමරුම්වල (Millennium celebrations) සංගීත තේමාව බවට මෙම ගීතය පත්වීම විශේෂත්වය යි. එමෙන්ම එකල ලොව පුරා දහස් ගණනක් ජංගම දුරකතනවල නාද රටාව ද වූයේ (quot;THe Final Count Down ") ගීතය යි.
මූලාශ්‍ර - http://groovesharks.org/
පරිවර්තනය | නිලක්ෂි බණ්ඩාර
nilakshibandara0710@gmail.com



