BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අභිසාරී : අසිරිමත් පුපුරුවා හැරීම ලබන අවුරුද්ද මුල

T

The Leader

December 27, 2024 • 11:17 PM

අභිසාරී : අසිරිමත් පුපුරුවා හැරීම ලබන අවුරුද්ද මුල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිසිය දිගින් දිගටම ස්පා වැටලීම් කරන බව ප්‍රවෘත්තිවලින් කියනවා. රටේ සදාචාරවාදීන් ඒක ඉහළින් අනුමත කරන බව පේනවා. කාන්තාවන් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් අපහසුතාවයට පත් කරනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග බාධා කරනවා.
  • මේ රජයත් අනිත් රජයන් වගේම සමහර විට ඊටත් ඉහළින් ලිංගික කුහකත්වය ආඩම්බරෙන් වනන බව පේනවා.
  • කැමරාව ඉස්සරහ වගේම ඉන් පිටිපස්සෙ බොහොමයක් දෙනා මේ චිත්‍රපටිය වෙනුවෙන් ගොඩක් දේවල් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගෙන් යැපෙන පවුල් අසරණ කරනවා. මේ රජයත් අනිත් රජයන් වගේම සමහර විට ඊටත් ඉහළින් ලිංගික කුහකත්වය ආඩම්බරෙන් වනන බව පේනවා.

මේ අවුරුද්ද ගත වුනේ 'අභිසාරි' වෙනුවෙන්. චිත්‍රපටියෙ රූගත කිරීම් දෙසැම්බරය ඉවර වෙන්න කලින් ඉවර කරන්න අපිට පුළුවන් වුනා. පසු නිෂ්පාදන කටයුතුවලට පස්සෙ ලබන අවුරුද්දෙ මුල් භාගයේ අපිට අභිසාරී මුනගැහෙන්න පුළුවන් වෙයි.

චිත්‍රපටියක් කියන්නෙ හැමතිස්සෙම ‍නොදන්නා දැඩි අවදානම් කලාපයකට ජීවිතය විවෘත කිරීමක්. විශේෂයෙන් මගේ වගේ උන් කරන  බජට් නැති වැඩ කියන්නෙ කොඳු කැඩෙන එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේ වැඩකට කෙනෙක් සම්බන්ධ වෙන්නෙ මුදල් ගැන හිතලා නෙමෙයි. සොමිය ගැන හිතලා.  ඒක වැඩේට තියෙන ආදරය නිස‍ාම කරන දරුණු කැපකිරීමක්.



අභිසාරී කැමරාවෙ සටහන් කරලා අවසන් කරන්න පුළුවන් වුනේ ඊට සම්බන්ධ වුනු හැමෝගෙම අසාමාන්‍ය සහයෝගය හින්ද. කැමරාව ඉස්සරහ වගේම ඉන් පිටිපස්සෙ බොහොමයක් දෙනා මේ චිත්‍රපටිය වෙනුවෙන් ගොඩක් දේවල් කළා. චිත්‍රපටියක් වෙනුවෙන් තාමත් සමාජයේ පවතින ආදරය පුදුමාකාරයි.
 

චිත්‍රපටියක් කරනවා කියන්නෙම සමූහ වන්දනා ගමනක්. විශ්වාසයක් එක්ක යන දුර්ග චාරිකාවක්.  අධ්‍යාත්මික සාධනාවක්. නිර්මාණයක් කියන්නෙ ආගමික අත්දැකීමක්.


අභිසාරී වෙනුවෙන් වචනෙකින් හරි සහයෝගය දුන්නු හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ අසිරිමත් පුපුරුවා හැරීම අපි ලබන අවුරුද්ද මුල කරන්න පුළුවන් වෙයි.
එතෙක් ලිංගික කුහකත්වය මඳක් හෝ අඩුවුනු නව වසරක් වෙනුවෙන් අපි සව්දිය පුරමු.



(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


සබැඳි ලිපි :

අභිසාරී : ලංකාවෙ චිත්‍රපටියකට මෙතෙක් ලැබිලා තියෙන ඉහලම සැලකිල්ල !

අභිසාරී : ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය සිනමාවට

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...