BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික තීන්දුවට ලේඛක විරෝධය

T

The Leader

February 21, 2025 • 3:44 AM

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික තීන්දුවට ලේඛක විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දිනාගත්, ඊට කෙටි හා දීර්ඝ ලැයිස්තුගතව ඉක්බිති මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූ කෘති ස්වකීය ඇගයීම් ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ගනු ලැබූ අත්තනෝමතික තීන්දුවට විරෝධය දක්වමින් ලේඛකයින් තිදෙනෙක් සිය කෘති එම සංගමයේ සාහිත්‍ය ඇගයීම් ක්‍රියාවලියෙන් ඉවත් කරගැනීමට කටයුතු කර තිබේ.
  •   මේ සම්බන්ධයෙන් මංජුල වෙඩිවර්ධන සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණි.
  • සටහන : අවාරා   සබැඳි පුවත් : පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව..
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන, මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති සහ ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන සිය තීරණය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.  

මේ සම්බන්ධයෙන් මංජුල වෙඩිවර්ධන සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණි.

481217455 9989914401033160 4378581951821605090 n"විදර්ශන සාහිත්‍ය ත්‍යාගය ලද ප්‍රබන්ධ කෘති සහ ඒ සඳහා නිර්දේශිත ප්‍රබන්ධ කෘති කප්පාදු කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගෙන ඇති අත්තනෝමතික තීන්දුවේ වෙනසක් නොවේ නම් එම තීන්දුවට විරෝධයට පළ කිරීමක් වශයෙන් මා විසින් ලියවුණු ප්‍රබන්ධ කෘති එම සංගමයේ  සාහිත්‍ය ඇගයීම් ක්‍රියාවලියෙන් ඉවත් කිරීමටත්, මින් මතු පළ වන ප්‍රබන්ධ කෘති එම ඇගයීම් ක්‍රියාවලියට ඉදිරිපත් නොකිරීමටත් මම මගේ ප්‍රකාශකයන් වෙත දැනුම් දුන් අතර මගේ කෘති දැනටමත් එම ඇගයුම් ක්‍රියාවලියට ඇතුළත් කර ඇත්නම් එම කෘති ඉවත් කරන ලෙස එම සංගමයේ ලේකම් තැන්පත් දිනේෂ් කුලතුංග වෙත ද මම විද්‍යුත් තැපෑල මගින් අද දැනුම් දුන්නෙමි."

එසේම, විදර්ශන ප්‍රකාශන ආයතනයේ අධිපති ජනක ඉනිමංකඩ සිය මුහුණු පොතේ සටහනක් තබමින් මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති හා ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන ගේ තීරණ ගැන ද දැනුම් දී ඇත.

rtyu

සටහන : අවාරා

 

සබැඳි පුවත් :

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව.. | Manjula Wediwardena

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...