අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් ජාතික යෞවන සම්මාන උළෙල 2024 කොළඹ අරලිගහ මන්දිරයේදී ඊයේ (6) පස්වරුවේ පැවැත්විණ.
‘හයිනා ටවුන්’ නාට්‍යයේ ‘ස්ටැන්ලි’ගේ චරිතයට පණ පෙවූ ශානක උදාර රාජරත්න දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස ද, එම නාට්‍යයේම ‘සාරා’ගේ චරිතයට පණදුන් සිලිඳු රන්වල හොඳම නිළිය ලෙස ද, සම්මාන ලැබූහ.
මුදිත දිසානායක ‘වාසනා වේවා’ කෙටි නාට්‍යයේ ‘ලොතරැයි වෙළෙන්දා’ගේ චරිත වෙනුවෙන් ද, දිව්‍යශාරිකා බ්‍රිජට් බ්‍රෙන්ඩන් ‘දුක්ගිනි සින්දන’ කෙටි නාට්‍යයේ ‘ධාරා’ගේ චරිත වෙනුවෙන් හොඳම න`ඵවා සහ නිළිය සම්මාන ලැබූහ.
(lankadeepa | යොහාන් භාසුර)



(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)



