BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?

T

The Leader

March 8, 2025 • 5:14 AM

කලාව කියන්නේ  ඕන කෙහෙල් ගෙඩියක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2019 වසරේදී මුළු ලෝකයම වගේ මෙන්න මේ ප්‍රශ්නයෙන් උණුසුම් කරපු, අධික විවේචනයන්ට ලක්වුණු, අදටත් මිම්ස් (Memes) වලට බහුලව භාවිතා වෙන, ඉතාලියානු ජාතික සුප්‍රසිද්ධ කලාකරුවෙක් වෙන Maurizio Cattelan ගේ Comedian නමැති මේ කලා කෘතිය ඔබට නුපුරුදු වෙන්න බැහැ.
  • ඉතිං මේක ඇත්තටම කලා කෘතියක්ද  ?
  • ඒත් එයටත් වඩා බොහෝ දෙනෙක්ට සිනහ උපදවන කාරණය වුණේ එය ඇමරිකානු ඩොලර්  120,000  බැගින් දෙවරක් හා ඇමරිකානු ඩොලර්  150,000  බැගින් තව වරක් ලෙස ගැනුම්කරුවන් තිදෙනෙක්ට අලෙවි වීමයි.
  • ඒත් එක කෙහෙල් ගෙඩියක් කොහොමද තුන්දෙනෙක්ට විකුණන්නේ ?  අනික ඒක නරක් වුණාම මොකද වෙන්නේ ?  ඇත්තටම ඔවුන් මිලදී ගත්තේ ප්‍රදර්ශනයේ තිබු කෙසෙල් ගෙඩිය නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔව් ඉදුණු හැබෑ කෙහෙල් ගෙඩියක්, ඩක් ටේප් එකකින් බිත්තියට අලවපු මේ රූපය පාරේ බෙදන ටියුෂන් ලිෆ්ලට්ස්වල පවා ඔබ දැකලා ඇති.

ඉතිං මේක ඇත්තටම කලා කෘතියක්ද ?

 

ඇමරිකාවේ  Miami Beach හී  Art Basel හිදී පළමුවෙන් Cattelan මෙය ලෝකයට විවෘත කරපු වෙලාවේ The New York Times හී හිටපු ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් හා කලා විචාරකයෙක් වන Robin Pogrebin පවා නගපු ප්‍රශ්නේ ඒක තමයි. මේකත් කලාවක්ද, මොකක්ද මේකේ තියෙන කලාව?

ඒත් එයටත් වඩා බොහෝ දෙනෙක්ට සිනහ උපදවන කාරණය වුණේ එය ඇමරිකානු ඩොලර් 120,000 බැගින් දෙවරක් හා ඇමරිකානු ඩොලර් 150,000 බැගින් තව වරක් ලෙස ගැනුම්කරුවන් තිදෙනෙක්ට අලෙවි වීමයි.

ඇමරිකානු ඩොලර් 120,000 කට කෙහෙල් ගෙඩියක්? Seriously?

ඔව් ඒක තමයි කතන්දරේ. ඒත් එක කෙහෙල් ගෙඩියක් කොහොමද තුන්දෙනෙක්ට විකුණන්නේ? අනික ඒක නරක් වුණාම මොකද වෙන්නේ? ඇත්තටම ඔවුන් මිලදී ගත්තේ ප්‍රදර්ශනයේ තිබු කෙසෙල් ගෙඩිය නොවේ. කලාකරුගේ එම සංකල්පයයි. නරක් වූ පසු නැවත අලූත් කෙසෙල් ගෙඩියක් කලාකරු සපයා ඇති උපදෙස් වලට අනුකූලව එහි රැඳවීම ඔස්සේ කලාවේ අලූත් වීම හෙවත් මෙම කලා කෘතිය අයත් වන පශ්චාත් නුතනවාදී කලාවේ හරය පිළිඹිබු වන බව විචාරකයන් පවසනවා.

 

Maurizio Cattelan
නමුත් මෙයට එල්ල වූ ඉහළ විවේචන වලට  Cattelan  කිසි විටෙකත් ඍජුව පිළිතුරු සපයා නැහැ. ඇතැම් විචාරකයන් පවසන්නේ මෙය ”කලාව යනු  ඕනෑම දෙයක් විය හැකියි” යන පණිවිඩය නැවත ලබා දෙන බවයි. ඇතැමුන් මේ පිටුපස විවෘත ආර්ථිකයට මුවා වී අනවශ්‍ය දෙයට ඉහළ වටිනාකම් නිර්මාණය කරමින් ගෝලීයකරණය ඔස්සේ යටත්විජිතකරණය ඇඟට නොදැනී ක්‍රියාත්මක කරවන ලෝක දේශපාලන බල විහිලූවට එල්ල කරන සමච්චල් සිනහවක් තිබෙන බව පවසනවා. එය කලාකරුගේ ඉන් පෙර  ''America'' වැනි මුර්ති කලා නිර්මාණ වල අදහස හා බැඳී එන බවට මත පළව තිබෙනවා.

නමුත් කලාකරුවෙකු යමක් නිර්මාණය කළ පසු ඒ කුමක්දැයි විමසීම කලාකරුගෙන් සිදු නොකට තමාගෙන්ම ප්‍රශ්න කිරීමට කලා රසිකයාට ලබා දෙන නිදහස යන මුලික සංකල්පය මත සිටිමින් ''Comedian'' යන නම පමණක් කුඩා හෝඩුවාවක් ලෙස තබා Cattelan සිය කලා කෘතිය සම්බන්ධව පැහැදිලි අදහස් දැක්වීමකින් වැළකී සිටිනවා.

සැබවින්ම මේ කලා කෘතිය පළමුවෙන් දුටු විට මුවට නැගෙන්නේ සිනහවක්, මේ පිටුපස ඇති කතාන්දරය හෝ එහි ගැඹුර සොයා බැලීම පිළිබඳ ඊළඟ කාර්ය කලා රසිකයාට සිහි වන්නේ ඉන් පසුවයි. එය හරියටම විකට නළුවෙකුගේ රංගන කාර්ය වගෙයි. මුලින් සිනහව, උපහාසය සහ සමච්චලය, ඉන් පසුව එක් මොහොතක හිසට සහ හිතට යම් බරක් දැනීම.


මිනිසාගේ මනස වැඩ කරන ආකාරයත් එය ලෝක දේශපාලන බලවතුන් විසින් ග්‍රහණය කරගෙන සිටින ආකාරයත් කෙසෙල් ගෙඩිය සහ ඩක් ටේප් පටිය නිරූපණය කරන බවත් තවත් මතයක්. අන්න කලාවේ මූලික ව්‍යායාමය!

රසිකයාගේ සිතීම්, උපකල්පන සහ පරිකල්පන පරාසය සීමාවකින් තොරව පුළුල් කිරීම. එය  ඕනෑම අයෙක්ට  ඕනෑම අකාරයකට නිර්වචනය කළ හැකියි. කලාකරුවාගේ ප්‍රතිචාරය සිනහවක් පමණයි!

 



Cattelan  පවසන ආකාරයට ඔහු පළමුවෙන් මෙම ආකෘතිය රෙසින් මාධ්‍ය, ඉන් පසුව ලෝකඩ හා ඉන්පසුව වර්ණ ආලේපිත ලෝකඩ යොදාගෙන නිර්මාණය කරන්න හිතාගෙන කෙසෙල් ගෙඩියේ හැඩය වඩා සියුම්ව අධ්‍යනය කිරීමේ අරමුණින් ඔහුගේ ගමන් බිමන් වලදී කෙසෙල් ගෙඩි ගෙන එන්නටත් ඒවා ඔහුගේ වැඩ කුටිය තුළ එල්ලා තබන්නටත් පුරුදු වී තිබෙනවා. එහෙත් එක් දිනයක ඇතිවූ සිතුවිල්ලක් මත මියාමි හී ග්‍රොසරියකින් සත 30 කට ලබා ගත් කෙසෙල් ගෙඩි වගයක් අතුරින් එකක් මෙලෙස ඔහුගේ මිල අධික කලා කෘතිය බවට පත්වෙනවා.


Chinese-born crypto founder Justin Sun eats a banana artwork composed of a fresh banana stuck to a wall with duct tape, in Hong Kong on November 29, 2024, after buying the provocative work of conceptual art by Italian artist Maurizio Cattelan at a New York auction for $6.2 million. The debut of the edible creation entitled "Comedian" at the Art Basel show in Miami Beach in 2019 sparked controversy and raised questions about whether it should be considered art -- Cattelan's stated aim. (Photo by Peter PARKS / AFP)

එයින් වසර 5 කට පසු 2024 නොවැම්බර් 20 වැනි දින ''The Now and Contemporary Evening Auction''  වෙන්දේසියේදී චීන ජාතික  ක්‍රිප්ටෝකරන්සි ව්‍යවසායකයෙකු වන ජස්ටින් සන් විසින් නැවතත් එහි  ප්‍රතිස්ථාපානය කර තිබු "ඩක් ටේප් කෙසෙල් ගෙඩිය” ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක මුදලකට මිලදී ගන්නා අතර එයින් විනාඩි ගණනක් තුළ එම කෙසෙල් ගෙඩිය ඔහු විසින් අනුභව කරනවා.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අනුග්‍රහය ඇති මුදල් ව්‍යාපෘතියක් වන  ක්‍රිප්ටෝ හි චීන ව්‍යවසායකයෙකු මෙලෙස ඇමරිකානු වෙන්දේසියකදී ඔවුන්ගේ කෘති අයිතිය ඇති නිර්මාණයක් වැඩිම මිලට අත්පත් කරගැනීම සහ එය ඒ මොහොතේම අනුභව කිරීම එක්තරා ආකාරයකින් දෙරට අතර පවතින සීතල දේශපාලන ගනුදෙනුව පිළිබඳව ඉඟි කරන අතරේ එය මුදල් බලය පිළිබඳ නිහඬ අනතුරු ඇඟවීමක් වැනි බව අපට සිතාගත හැකියි. මේ වෙනකොට කලාව සහ දේශපාලනය කියන්නේ එක මත එක එකිනෙකාගේ ඡායාවන් පිළිඹිබු වෙන දර්පණ දෙකක් වගේ.

 IMG 4418 scaled
කොහොම වුණත් මේ සමඟ නැවතත් Cattelan  ගේ  ”ඩක් ටේප් කෙසෙල් ගෙඩිය” කලා කරළිය උණුසුම් කළා. ඉතිං කලා විචාරකයෝ ආපහු ඒ  ප්‍රශ්නය අහනවා.

කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනවද ?

අපි ඒ ගැන කතා කරමු ඊළඟ ලිපියෙන්.

Comedian කලා කෘතියට අදාළ තොරතුරු ලබා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි.

 සටහන:-

7214a030 5b38 4372 bddf 1aff18753e1b

 

 

 

 

yEෂ්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කලාව කියන්නේ  ඕන කෙහෙල් ගෙඩියක් ද ? | The Leader