BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!

T

The Leader

March 9, 2025 • 2:47 AM

සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ගේ සිතුවම් නිරූපණයට පෙනී සිටින කාන්තාව (Muse) නැත්නම් ඔහුගේ පෙම්වතියට වැඩි ශාරීරික වේදනාවක් අත් වෙන ඉරියව් වැඩි වශයෙන් පෙනෙන තරමට පිකාසෝගේ ඒ ඒ සිතුවම් වඩාත් සාර්ථක වුණා කියන එකත් පිකාසෝ කියන්නේ පරපීඩා කාමුකත්වය හෙවත් Sadism රෝග ලක්ෂණ පෙන්වූ අයෙක් බවත් සුප්‍රසිද්ධ රහසක්.
  • ඒ වගේම ඔවුන්ගේ කලා කෘති රසවිඳින ඇතැම් රසිකයින් ද අමුතු හැසිරීම් දක්වපු අය.
  • ඇතැම්විට ඇඳුමේ පැළඳුමේ ඉදන් වාග් විලාසය සහ කතා කරන කරුණු කාරණා වෙනකනුත් ඒ වෙනස කැපී පෙනෙනවා.
  • මිනිස් අවබෝධතා මට්ටම හැඩ ගැහිලා තියෙන්නේ තමන්ගේ සාමාන්‍ය රටාවට අනුගත නොවන දේ පිළුණු වූ දේවල්, අසික්කිත දේවල් හෝ උමතු දේවල් ලෙස බැහැර කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

සිත්තරු විතරක් නෙමෙයි, කතුවරු, රංගන ශිල්පින්, නැටුම් ශිල්පින්, සංගීතවේදීන්, ගායකයන් මේ ආදී ලෝකයේ සුප්‍රසිද්ධ කලාකරුවන් රැසක් විවිධ මානසික  තත්වයන් සහ ගැටළු එක්ක පොරබදපු පිරිසක්. ඒ වගේම ඔවුන්ගේ කලා කෘති රසවිඳින ඇතැම් රසිකයින් ද අමුතු හැසිරීම් දක්වපු අය. මොකක්ද මේ කලාව හා මනස අතර තියෙන අසාමාන්‍ය සම්බන්ධතා රටාව.

එතකොට කලාකාරයෝ කියන්නේ පිස්සො ද? කලාව කියන්නේ පිස්සෝ අතින් බිහිවෙච්ච නිර්මාණ ද? කලා රසිකයෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් මනසකින් යුතු පිරිසක් ද?


”‍සයිකෝ”‍ ; මේ ලිපි පෙළෙහි ඉදිරි අන්තර්ගතය වෙන්නේ මෙන්න මේ කරුණ සම්බන්ධව මෙතෙක් අනාවරණය වෙලා තියෙන පුවත් සහ පර්යේෂණාත්මක තොරතුරු ඔබට ගෙන ඒම.

බොහෝවේලාවට අපි දන්නා කියන සාමාන්‍ය සමාජය උදහරණයක් විදිහට ගත්තත්  කලාව නිර්මාණය කරන වගේම රස විදින මිනිස්සුන්ගෙත් සිතීම් සහ ක්‍රියාකිරීම් රටාව සාමාන්‍ය ජනතාවට වඩා යම්  ප්‍රමාණෙකින් කැපී පෙනෙන වෙනසක් දක්වනවා. ඇතැම්විට ඇඳුමේ පැළඳුමේ ඉදන් වාග් විලාසය සහ කතා කරන කරුණු කාරණා වෙනකනුත් ඒ වෙනස කැපී පෙනෙනවා.

Van Gogh 900cropped
මිනිස් අවබෝධතා මට්ටම හැඩ ගැහිලා තියෙන්නේ තමන්ගේ සාමාන්‍ය රටාවට අනුගත නොවන දේ පිළුණු වූ දේවල්, අසික්කිත දේවල් හෝ උමතු දේවල් ලෙස බැහැර කරන්න. මේ නිසාම අතීතේ ඉදලා කලාවට බර මිනිස්සු දිහා සමාජය බැලූ‍වේ, යම් බියක්, සැකයක්, පිළිකුලක් වගේම ගෞරවයක්, රහස්‍ය ඇගයීමක් යන සියලූ‍ හැඟීම් මුසු පැටළිලි සහගත දැක්මකින්. ලංකාව විදිහට ගත්තොත් ළමයි උසස් පෙලට කලා විෂයන් තෝරගන්නවට, නාට්‍ය හා රංග කලාව, සිතුවම් කලාව තෝරගන්නවට ගොඩක් දෙමව්පියන් විරුද්ධ වෙන්නේ ඒ හරහා මුදල් ඉපැයීමේ ඉඩ අවම වෙන නිසාම විතරක් නෙමේ, තමන්ගේ දරුවා සාමාන්‍ය ජිවන හා සිතුවම් රටාවෙන් බැහැර අමුතු මනුස්සයෙක් වෙයි, ඒ හරහා එල්ල වන සමාජ අපවාද වලට පවුලම ගොදුරු වෙයි කියන බියත් එක්කයි. සරලව කිව්වොත් බහුතරයක් අප්‍රසිද්ධ ජන මතයේ සුප්‍රසිද්ධ තර්කය තමයි කලාකාරයෝ කියන්නේ පිස්සෝ කියන එක.

මේ කියන කතාවේ පර්යේෂණාත්මක පැත්ත මොකක්ද ? මේක කලාවේ අඳුරු පැතිකඩක් ද?

 

1 X5axeVkRmJ9YBX53qDRmgw
මනෝවිද්යාඥයින් දශක ගනනාවක් තිස්සේ සාහිත්‍යය සහ කලාව ඇතුළු ක්ෂේත‍්‍රවල සුප්‍රසිද්ධ පුද්ගලයෝ පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මේ අධ්‍යයනවලින් පෙනී ගිහිපු එක කරුණක් වුනේ සාමාන්‍ය ජනතාවට වඩා නිර්මාණකරුවන්ගේ මනෝභාවයන් වෙනස්වීමේ අසාමාන්‍ය ලෙස ඉහළ තත්වයක් පවතිනවා කියන එකයි.

චාල්ස් ඩිකන්ස්, ටෙනසි විලියම්ස්, ඉයුජින්  ඕ‘නීල්, අර්නස්ට් හෙමිංවේ, ලියෝ ටෝල්ස්ටෝයි, වර්ජිනියා වුල්ෆ්, පැබ්ලෝ පිකාසෝ, සිල්වියා ප්ලාත්, වින්සන්ට් වැන්ගොෆ්, ෆ්‍රාන්ස් කෆ්කා, ලූ‍යිස් වේන්, එඞ්වර්ඞ් මන්ච්, සැල්වදෝර් ඩාලි,  ෆ්‍රිදා කාලෝ, මයිකල් ජැක්සන්, කර්ට් කොබෙන්, මැරලින් මොන්රෝ, අවිච්, චෙස්ටර් බෙනින්ටන්, හීත් ලෙජර්.

 

1 Ii7I0t TgRrDvuCUTY Xcg2x

මේ ලෝ සුප්‍රසිද්ධ කලාකරුවන්! මේ සියල්ලෝම සිය කලා වෘත්තියේ ඉහළම කීර්තිය අත්පත් කරගත් අය. ඒත් ඒ හැම කෙනෙක්ම සාමන්‍ය මානසිකබවයෙන් බැහැර මනෝභාව අක්‍රමිකතා, භින්නෝන්මාදය, විශාදය, බයිපොලාර්, කාංසාව සහ ADHD මානසික තත්වයන් දැක්වූ අය. මෙහෙම වෙන්නේ ඇයි? ඒකට හේතුව විදිහට පළවන එක් පර්යේෂණ මතයක් තමයි, ඔවුන්ගේ සිතීම් සහ සිතුවිලි නිපදවෙන රටාවේ වෙනස්කම් සහ මනසේ අධි ක්‍රියාකාරිත්වය, ඒවගේ ඔවුන්ට වෙනම සමාජ විලසිතාවක ජීවිත පවත්වාගෙන යාමට සිදුවීම සහ ඒ තුළ සිදු වෙන වෙනස්කම්. ඒ වගේම ඔවුන් වස්තූන් දකින වෙනස් දෘෂ්ටිය හා දෘෂ්ටි විෂමතා, මෙන්ම ඇතැම්විට අධි බුද්ධිප්‍රභාව. මේ සියල්ල එක් පුද්ගලයෙකුට සමතුලිත කරගැනීමට නොහැකි වූ විට ඔවුන් මෙම ලක්ෂණ දැක්වීමට පටන්ගෙන තිබුණත් එම පීඩනය දිය කර හැරීමේ ඔවුන්ගේ මාධ්‍ය වී තිබුණේද නිර්මාණකරණයමයි.

guernica3

 

අද තරු විසුල රැයත්, කෆ්කා  ඕන් ද ෂෝර්, ගුවර්නිකා, මහල්ලා සහ මුහුදත්, Earth song සහ Joker වැනි විශිෂ්ඨ නිර්මාණ අපට ඉතිරිව ඇත්තෙත් ඔවුන්ගේ ඒ පීඩනයේ නිර්මාණකරණය මතින්මයි.

සයිමන් ක්‍යගා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම් සිදු කළ පර්යේෂණයකදී සොයාගත් තොරතුරු වලට අනුව නර්තන ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, සිත්තරුන් සහ කතුවරුන් ඇතුළු නිර්මාණාත්මක ක්ෂේත‍්‍රවල වැඩෙහි නිරත පුද්ගලයින් බයිපෝලාර් අක්‍රමිකතා සමඟ ජීවත් වීමේ සම්භාවිතාව සාමාන්‍ය පුද්ගලයින්ට වඩා 8% න් වැඩි බවත්, ලේඛකයින් මෙම තත්වයෙන් පීඩා විඳීමට 121% වැඩි සම්භාවිතාවක් ඇති අතර සියදිවි නසා ගැනීමට ඇති සම්භාවිතාව සාමාන්‍ය ජනතාවට වඩා 50% කට ආසන්න ප්‍රමාණයකින් වැඩි බවත් අනාවරණය වුණා.

 

cerre

කොහොමවුනත් සාමාන්‍ය ජනතාව ”‍පිස්සුව”‍ විදිහට හඳුන්වන තමන්ගේ මේ අසාමාන්‍ය මානසික තත්වයන් එහි උපරිම තලයට ගෙනාපු නිර්මාණවේදීන් නිසා ලෝකය මේ තරම් ලස්සන වුණා කියන කාරණාවත්, ඔවුන්ට ගල් ගහන්නෙත්, වැළඳගන්නෙත් ඔවුන්ව පිළිගන්න බය, ඒත්  ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් විශිෂ්ඨ ඔවුන්ගේ මේ අපුරු මනසින් නිපැයුණු නිර්මාණ නිසාම බවත් ක්‍රිස්ටල් වතුරක් වගේ පැහැදිලියි.

ඒනිසා මෙතන ඉදන් අපි කතා කරමු ”‍සයිකෝ කලාව තුළ සැඟවුණු උමතුව ගැන.”

පර්යේෂණාත්මක තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

 
7214a030 5b38 4372 bddf 1aff18753e1bසටහන : Yesha Fernando
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...