BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?

T

The Leader

March 14, 2025 • 6:18 AM

මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුෂණය, නින්දිත ලෙස ගැහැණු සහ කුඩා දරුවන් දුෂණය යළිත් යළි යළිත් සිද්ද වෙනවා. එතැනදී දුෂණයට ලක් වුණු වින්දිතයවම තව තවත් පීඩාවට පත් කරනල එක අනිවාර්යය ප්‍රශ්නයක් මේ සමාජය නගනවා.
  • වින්දිතයින්ට දොස් පැවරීම සහ ලිංගික හිංසනය පිළිබඳව  ප්‍රේක්ෂක අවධානය යොමු කරවමින් 2023 වසරේදී බෙල්ජියමේ, බ‍්‍රසල්ස් නගරයේදී What were you wearing?
  • සුවිශාල ජනකායක් නැරඹීම  සඳහා ඇඳි ආ මෙහි  ප්‍රදර්ශනයට තබා තිබුණේ ලොව පුරා ලිංගික අතවරවලින් පසුවත් දිවි ගලවා ගත් බිලියන 1.3 ක් නියෝජනය කෙරුණු , ඔවුන්  දුෂණයට ලක් වූ අවස්ථාවේ දී ඔවුන් පැළඳ සිටි ඇඳුම් කට්ටල 103 ක්.
  • ඒ අනුව ලිංගික අතවර අපරාධවල ව්‍යාප්තිය ”‍කුමක්ද ඔබ ඇඳ සිටියේ යන”‍ තක්කඩි  ප්‍රශ්නයට වඩා ගැඹුරට විහිදෙන බව හෙළිදරව් කිරීම මෙම  ප්‍රදර්ශනයේ අරමුණ වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

”‍මොකක්ද එයා ඇඳන් ඉදලා තියෙන්නේ?”‍

හරියට යකඩ වලින් හදපු හිසේ සිට පාදාන්තය තෙක් වැසෙන සියලූ‍ විවර කල හැකි තැන්වල ඉබි යතුරු සියයක් විතර අඩංගු ඇඳුමක් වින්දිතයා ඇඳගෙන සිටිය යුතු වුණා වගේ. අහ් ඒ වගේ ආරක්ෂාකාරී ඇඳුමක් ඇඳගෙන නොහිටපු නිසා ඒ සිදුවුණු ලිංගික බලහත්කාරකමට, දුෂණයට, මරා දැමීමට, වේදනාවට ඇය හෝ ඒ කුඩා දරුවා, නව යොවුන් දරුවා, තරුණිය, තරුණයා හෝ වියපත් වැඩිහිටියා සුදුසුයි වගේ. පහසුවෙන් අත් පිහිදාගෙන  ඕවා අපේ ප්‍රශ්න නෙමේ කියල පැත්තකට වෙන්න හදාගෙන තියෙන මේ ”‍තක්කඩි, අවස්ථාවාදී, අමානුෂීය ප්‍රශ්නය”‍ නැගෙන්නේ තුන්වන ලෝකයේ නොදියුණු සමාජ වල පුරවැසියන්ගේ මුවින් විතරක් නෙමෙයි. සංවර්ධිත රටවල, දියුණු සමාජවල පුරවැසියන්ගේ මුවින් නැගෙන්නේත් ඒ ප්‍රශ්නයම තමයි.

 

මේ අමානුෂික, සහකම්පනයෙන් තොර පුරවැසි හැසිරීම ප්‍රශ්න කරමින්, ඒවාට විසඳුම් ඉල්ලමින් සහ විසඳුම් ජයග්‍රහණය කරමින් අසාධාරණයට සාධාරණය ඉල්ලා හිටපු කලා ව්‍යායාම කිහිපයක් පිළිබඳව තමයි අද ”‍මොනාලිසා”‍ වෙබ් ලිපිය වෙන්වන්නේ.

වින්දිතයින්ට දොස් පැවරීම සහ ලිංගික හිංසනය පිළිබඳව  ප්‍රේක්ෂක අවධානය යොමු කරවමින් 2023 වසරේදී බෙල්ජියමේ, බ‍්‍රසල්ස් නගරයේදී What were you wearing? නමින්  ප්‍රදර්ශනයක් පැවැත්වුවා. කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි හිංසන විරෝධී  ක්‍රියාකාරී කණ්ඩායමක් වන”Spotlight Initiative” විසින් මෙය පැවැත්වුයේ බ‍්‍රසල්ස් හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළයි. සුවිශාල ජනකායක් නැරඹීම  සඳහා ඇඳි ආ මෙහි  ප්‍රදර්ශනයට තබා තිබුණේ ලොව පුරා ලිංගික අතවරවලින් පසුවත් දිවි ගලවා ගත් බිලියන 1.3 ක් නියෝජනය කෙරුණු , ඔවුන්  දුෂණයට ලක් වූ අවස්ථාවේ දී ඔවුන් පැළඳ සිටි ඇඳුම් කට්ටල 103 ක්. හිසේ සිට පාදාන්තය තෙක් වැසෙන ඇඳුමේ සිට පාසල් නිල ඇඳුම තෙක් විවිධ පරාසවල ඇඳුම් එතැන වූ අතර වයස, ස්ත‍්‍රී පුරුෂ භාවය සහ සංස්කෘතිය අනුවත්, එම මොහොතේ ඇඳ සිටි ඇඳුම්වල විවිධත්වය අනුවත් යමෙක් ඇඳ සිටින සිටි දේ දුෂණයකට අදාළ නොවන බව මෙම  ප්‍රදර්ශනය ඔස්සේ දැඩිව පෙන්නුම් කෙරුණා. ඒ අනුව ලිංගික අතවර අපරාධවල ව්‍යාප්තිය ”‍කුමක්ද ඔබ ඇඳ සිටියේ යන”‍ තක්කඩි  ප්‍රශ්නයට වඩා ගැඹුරට විහිදෙන බව හෙළිදරව් කිරීම මෙම  ප්‍රදර්ශනයේ අරමුණ වුණා.

 

එමෙන්ම වින්දිතයාගේ ඇඳුම් පැළඳුම් ප්‍රචණ්ඩකාරී ලිංගික අපරාධ සඳහා සාධකයක් බවට ඇති ”‍මුරණ්ඩු මිථ්‍යාව”‍ බැහැර කිරීම ඉලක්ක කරගනිමින් බ්‍රසල්ස් හි පැවති තවත් ප්‍රදර්ශනයක් තමයි “Is it my fault?” (ඒක මගේ වැරැද්දද ? කියලා කියන්නේ. මෙයත් ලොව පුරා බොහෝ කතාබහට ලක්වුණු  ප්‍රදර්ශනයක්. CAW East Brabant සංවිධානය විසින් පවත්වපු මේ  ප්‍රදර්ශනයේදීත්  දුෂණයට ලක් වූ අවස්ථාවේ වින්දිතයින් ඇඳ සිටි ඇඳුම් ප්‍රදර්ශනය කෙරුණා. යන්තම් මාස ගණනක ළදරුවන්ගේ ඇඳුම් පවා එම වින්දිතයින්ගේ ඇඳුම් අතර තිබුණා. එවිට එය ඒ නොදරුවන්ගේ වැරැද්දද ?

අපරාධය යටපත් කිරීම , ඊට එරෙහිව නැගී සිටීම අධෛර්ය කෙරෙන මෙම ‘ඇඳුම‘ පිළිබඳ  ප්‍රශ්නය සැබවින්ම සැබෑ ගැටලූ‍වට කිසිදු සම්බන්ධයක් නැති බව  ප්‍රදර්ශන සංවිධායකයින් පෙන්වා දෙනවා. ”‍මෙයට වගකිව යුතු නම් එකම එක පාර්ශවයක් පමණයි, එනම් නින්දිත දුෂකයාගේ පාර්ශවය පමණයි”‍ ඔවුන් පවසනවා.

 


2012 දී, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී, එමා සල්කොවිච්ව ඇගේ නේවාසිකාගාරයේ සිසුවෙක් විසින් දුෂණයට ලක් කෙරෙනවා. මෙම සිදුවීමෙන් පසු, සල්කොවිච් ඇගේ ජාත්‍යන්තරව පිළිගත් අභිවාහ්‍ය කලා රංගන කාර්ය වන ‘මෙට්ට රංගනය‘ ආරම්භ කළ අතර, එහි දී ඇය ඇගේ ප්‍රහාරකයා වන පෝල් නුන්ගසර් තවදුරටත් විශ්වවිද්‍යාලයේ සිසුවෙක් නොවන තෙක් විශ්වවිද්‍යාලයට යන සෑම විටකම තම නාවික නිල් පැහැති නේවාසිකාගාර මෙට්ටය රැගෙන යන්නට පටන් ගත්තා. මෙම මෙට්ටයෙන් ඇය පෙන්නුම් කළේ, මෙම මෙට්ටය උඩ, සිය නේවාසිකාගරයේදීම දුෂණයට ලක්වීමෙන් පසු දිනපතා ඇයට සිය හදවතේ උසුලාගෙන යාමට සිදුව ඇති එම සිදුවීමේ පීඩනාත්මක බරයි "Carry That Weight". විශ්ව විද්‍යාල සිසුවියන් 4 දෙනෙකුගෙන් 1 අයෙකුට පමණ බලපාන විශ්ව විද්‍යාල පරිශ්‍ර පහරදීම් සහ අපයෝජන කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට ඇගේ මෙම කාර්යය සමත් වුණා.

 


ලෝ සුප්‍රසිද්ධ ගායක ජෝන් ලෙනන් ගේ පසුකාලින සහකාරිය වූ යොකෝ ඔනෝ කියන්නේ ජපන් ජාතික කලාකාරිනියක්. ඇය වරක් කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ කෙරෙහි මිනිසුන්ගේ මනස හා ආවේග ක්‍රියාකරන ආකාරය පෙන්නුම් කරන අභිවාහ්‍ය කලා රංග කාර්යක නිරත වුවා. ඇයගේ මුල්ම රංගන කෘතිවලින් එකක් වන ”‍කට් පීස්”‍ කියන මේ ඉදිරිපත් කිරීමේදී  ඔනෝ ඇගේ හොඳම ඇඳුම ඇඳගෙන  ජපන් ප්‍රසංග ශාලාවක නරඹන්නන් ඉදිරිපිට බිම දණ ගසා, ඔවුන්ට ඇය වෙත ළඟා වී කතුරක් භාවිතා කර ඇගේ ඇඳුමේ කුඩා කැබැල්ලක් කපා ගැනීමට ආරාධනා කළා.

 

නරඹන්නන්ගෙන් ඇතැමුන් යොකෝගේ ඇඳුමේ වාටියේ කුඩා රෙදි කැබැල්ලක් පමණක් කපා දැමූවත් ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග ගත් ඇතැමුන් ඇගේ ඇඳුම්වල විශාල කොටස් කපා ඇයව නිරාවරණය වීමට සැලැස්සු අතර ඇතැමෙක් ඇයගේ තනපටියේ පටි පවා කපා දැමුහ. මෙතුළින් ඇය ලිංගිකත්වය, ස්ත‍්‍රී පුරුෂ භාවය, යටත් කිරීම සහ කාන්තාවන්ගේ පුද්ගලික අවකාශය සහ සීමාවන් උල්ලංඝනය කිරීම පිළිබඳ අදාළ ගැටළු නිහඬව සංකේතවත් කරන ලදි.

monal11

ඇමරිකානු ස්වදේශික කලාකාරිනියක් වන ලූ‍සීන් හිල්, පැය 24 කට වරක් එක්සත් ජනපදයේ සිදුවන නමුත් වාර්තා නොවන 3,780 ක ස්ත‍්‍රී  දුෂණ  සංඛ්‍යාව දෘශ්‍යමය වශයෙන් නිරූපණය කෙරෙන අභිවාහ්‍ය කලා රංගන ඉදිරිපත් කිරීමක් සිදු කළා. මෙහිදී ඇය ඇයට 1994 වසරේ එරට උද්‍යානයකදී සිදුවූ ලිංගික හිංසනාත්මක පහර දීමකදී ඇය වැටි සිටි ආකාරය නිරූපණය වන ආකාරයටම ඇගේ අත් සහ කකුල් නැමී තිබෙන ආකාරයටම ගැලරිය මධ්‍යයේ බිම වැතිරී, රතු කිපු විලාසිතාවේ ඉන්කාන් ගැට 3,780 ක් ඇය මත හෙළනු ලැබීමට කටයුතු කළා. එම සෑම ගැටයක්ම වාර්තා නොවූ ස්ත‍්‍රී දුෂණයක් සංකේතවත් කළා. අභිවාහ්‍ය කලා රංගන කාර්යයෙන් නැගී සිටීමෙන් පසු, ඇය ඊළඟ පැය 60 වෙන් කලේ තනි තනිව බිත්තිවලට එක් එක් ගැටය බැගින් සවි කරමින්, කාමරය වටා රතු වළල්ලක් සැදීමටයි. මේ සෑම ගැටයක්ම ස්පර්ශ කිරීම, හඳුනා ගැනීම සහ ගණනය කිරීමට ඉල්ලා සිටිමින් ඇය මෙම ක්‍රියාවලිය විස්තර කරන්නේ ”‍ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගේ හෝඩුවාවන් ක්‍රමයෙන් ඉවත් කිරීම වළකා ඒ සියලූ‍ දේ ගණනය කිරීමකට බල කිරීමක්”‍ ලෙසයි.

monal10

 

2016 නොවැම්බර් මාසයේදී, දකුණු අ ප්‍රිකානු කලාකරුවන් වන නොන්ඩුමිසෝ මිසිමන්ගා සහ ජෙනී නිජෙන්හුයිස් විසින්ල භාවිතා කරන ලද යට ඇඳුම් යුගල 3,600 ක් සහ අඩි 4,000 කට ආසන්න දිගකින් යුතු ලණුවක එල්ලා එය පොදු ස්ථාන වල ප්‍රදර්ශනය කරන ලදි. ජොහැන්නස්බර්ග් වීදිවලට ඉහළින් එල්ලා තිබූ මෙම යට ඇඳුම්, දකුණු අප්‍රිකාවේ දිනපතා සිදුවන බවට ඇස්තමේන්තු කර ඇති ස්ත‍්‍රී  දුෂණ 3,600 නියෝජනය කරනු ලැබුවා. ස්ත‍්‍රී  දුෂණ  සහ ලිංගික අතවර පිළිබඳ තම කතා කීමට කැමති කාන්තාවන් විසින් ඉදිරිපත් කරන ලද යට ඇඳුම් තමයි මේ කලාකරුවන් විසින් මෙහෙම එකතු කරන කරලා ඉදිරිපත් කෙරුණේ. මෙම යට ඇඳුම් ජොහැන්නස්බර්ග්හි පොදු වීදිවලට ප්‍රසිද්ධියේ ගෙන ඒමෙන්, ඔවුන් දකුණු අප්‍රිකාවේ ලිංගික හිංසනය පිළිබඳ මහජන සංවාදයක් ආරම්භ කිරීමට උත්සාහ කළා.

ඔන්න ඔහොම ලිංගික වද හිංසා, දුෂණ සහ අපරාධ වලට එරෙහිව ලෝකයේ කලාව සිය හඬ අවදි කරවලා තියෙනවාල ලොවක් කතා කරන වැඩ කරලා තියෙනවා. ඒවායින් රජය මත, වගකිව යුතු ආයතන මත යම් බලපෑමක් එල්ල කරලා තියෙනවා.

 

monal9

ඒත් අවාසනාවට හෝ මොනයම්ම දෙයක් හෝ මත මෙවන් ලිංගික වද හිංසා, දුෂණ සහ අපරාධ වලට එරෙහිව ලංකාවේ ජනතාව එකා මෙන් කතා බහ කරන කලා කෘත්‍යක් මෙතෙක් සිදුවී තිබෙනවද කියන එක සැක සහිතයි. අභිවාහ්‍ය කලා ශිල්පිනියක වන ජනනි කුරේ විසින් විටින් විට සිය අභිවාහ්‍ය කලා රංගන ඔස්සේ ලාංකේය කාන්තාවට මුහුණ පෑමට සිදුවන පීඩන සහ අකටයුතුකම් ගැන යම් යම් ඉදිරිපත්වීම් කරලා තිබුණත් ඇයගේ ඒ උත්සාහය සාමාන්‍ය කලා රසිකයා ග්‍රහණය කරගත්තේ ”‍පිස්සු ගෑනියෙක්ගේ පිස්සු වැඩ”‍ ව්දිහට මිසක් ඒවායේ සැබෑ අර්ථෙන් නෙමේ. මේ සම්බන්ධව ඇයව සමාජ මාධ්‍ය තුළ අපහසුතාවයට පත් කරපු අවස්ථාත් එමටයි. ඒ ඇරෙන්න මේ සම්බන්ධව  පොදු මහජන අවධානය අවදි කරවන ප්‍රසිද්ධ කලා ව්‍යායාමයක් ලංකාව තුළ මෙතෙක් සිදු වෙලා නැහැ.

ඒ කියන්නේ ලෝකයේ කලාව ඇතුළෙන් සමාජ ගැටළු වලට එල්ල කරන බලපෑම එක්ක සංසන්දනය කරලා බලනකොට ලංකාවේ කලාව තවම මොන්ටිසෝරි යනවද? නැත්නම් ලංකාවේ කලාව තම පත සරි කරගැනීම උදෙසා පමණක් ද ?

 

7214a030 5b38 4372 bddf 1aff18753e1bසටහන : Yesha Fernando
 
උපුටා ගැනීම : mirrorarts.lk
 
සබැඳි ලිපි:
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...