BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ප්‍රවීණ කලාකරු ලක්ෂ්මන් විජේසේකර මතකය අවදි කරනු වස් !

T

The Leader

March 15, 2025 • 3:06 AM

  ප්‍රවීණ කලාකරු ලක්ෂ්මන් විජේසේකර මතකය අවදි කරනු වස් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට සිව් වසරකට පෙර අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ කලාකරු ලක්ෂ්මන් විජේසේකර මහතාගේ 77 වන ජන්ම දිනය මාර්තු 14 වෙනිදාට යෙදී තිබුණා.
  •    වසර 18 ට ආසන්න කාලයක් සංගීත ගුරුවරයෙකු ලෙස ලංකාව පුරා විවිධ පාසල් වල සිසු දරුවන්ට ශිල්ප ඥානය ලබා දුන් මෙම සුවිශේෂි කලාකරුවා සංගීතය හා රංගනය යන ක්ෂේත්‍ර ද්විත්වය තුළද විශිෂ්ටත්වයට පත් විය.
  • කලා ක්ෂේත්‍රය තුළ විවිධ භූමිකාවන්ට පන පොවමින් ගීත ගායකයෙක්, නළුවෙක්, ගීත රචකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද ක්ෂේත්‍ර ගණනාවක් පුරාවට මෙම විශිෂ්ට කලාකරුවා කැපී පෙනෙන මෙහෙයක් ඉටු කිරීමට සමත් වූවා.
  • කලාකරුවෙක් මෙන්ම උතුම් මානව ගුණාංගයන්ගෙන් හෙබි විශිෂ්ට මිනිසෙකු ලෙස ද විජේසේකරයන්ගේ ජීවන චරිතය කැපී පෙනිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
2021 වර්ෂයේ නොවැම්බර් 12 වන දින අසනීප තත්වයක් නිසා අප අතරින් සමුගන්නා විට 73 වන වියේ පසු වූ මෙම ගෞරවනීය කලාකරුවා ලාංකික කලා ක්ෂේත්‍රයට කළ සේවය අතිමහත්.
 
 වසර 18 ට ආසන්න කාලයක් සංගීත ගුරුවරයෙකු ලෙස ලංකාව පුරා විවිධ පාසල් වල සිසු දරුවන්ට ශිල්ප ඥානය ලබා දුන් මෙම සුවිශේෂි කලාකරුවා සංගීතය හා රංගනය යන ක්ෂේත්‍ර ද්විත්වය තුළද විශිෂ්ටත්වයට පත් විය.

කලා ක්ෂේත්‍රය තුළ විවිධ භූමිකාවන්ට පන පොවමින් ගීත ගායකයෙක්, නළුවෙක්, ගීත රචකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද ක්ෂේත්‍ර ගණනාවක් පුරාවට මෙම විශිෂ්ට කලාකරුවා කැපී පෙනෙන මෙහෙයක් ඉටු කිරීමට සමත් වූවා.

ලක්ෂ්මන් විජේසේකරයන්ගේ “ බාල ළමාවරුණේ, දැල්වූ පහන්, සිනා පිපෙනා, සුපෙම් හැඟුම් ඔබෙන් එපා , සඳ කිනිති නැමී, දුර ඈත ජීවිතේ ” යනාදි අතිශය ජනාදරයට පත් වූ ගීත සහෘදයන්ගේ මතකයේ අද දක්වාම නොනැසී පවතිනවාට කිසිඳු සැකයක් නැත.

කලාකරුවෙක් මෙන්ම උතුම් මානව ගුණාංගයන්ගෙන් හෙබි විශිෂ්ට මිනිසෙකු ලෙස ද විජේසේකරයන්ගේ ජීවන චරිතය කැපී පෙනිනි. එමෙන්ම අයුක්තිය, අසාධාරණය හමුවේ නොබියව ඉදිරිපත් වෙමින් කටුයුතු කල ඔහු සිය ජීවිතයේ අවසාන කාලයේදී පවා තමා විශ්වාස කළ පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටියේ දේශපාලන මර්දනය හමුවේ වුව ද නොපසුබට වෙමිනි.

මෙහිදි ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ප්‍රිය බිරිඳ වූ නැසී ගිය චන්ද්‍රා කළුආරච්චි මහත්මියවද සිහිපත් කරන අතර එතුමන්ගේ දියණිය හා පුතු (අමා විජේසේකර, විහඟ විජේසේකර) සිය පියාගෙන් හිමි වූ කලා උරුමය ඉදිරියටත් ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරමු.
 
පහත දක්වා තිබෙන්නේ ලක්ෂ්මන් විජේසේකරයන්ගේ දියණිය අමා විජේසේකර සිය පියා පිළිබඳව මතකය ආවර්ජනය කරමින් සිදුකළ කෙටි වීඩියෝවකි.

සටහන-යූමල් කසුන්
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

  ප්‍රවීණ කලාකරු ලක්ෂ්මන් විජේසේකර මතකය අවදි කරනු වස් ! | The Leader