වෙනුවෙන් ඔවුන්ව තලා දැම්මා. ඔවුන්ගෙන් ඔහුට අවශ්‍ය සාරය උරාගන්නා ඔහු බොහෝ රාත්‍රීන් ගත කළ පසු, ඒවා වියළී ගිය විට ඔහු ඒවා නිර්දය ලෙස බැහැර කර දමනු ලැබුවා.”
ලෝකයේ සුප්‍රසිද්ධම කලාකරුවා පැබ්ලෝ පිකාසෝ ගැන මේ ප්‍රකාශය කරන්නේ ඔහුගේ මිණිබිරියක වන මරීනා පිකාසෝ.
”මේ ලෝකේ ඉන්නේ ගෑනු වර්ග දෙකයි. එක් පිරිසක් දිව්‍යංගනාවන්, අනෙක් අය නිකම්ම පාපිසි” පිකාසෝගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය පාදක කරගනිමින් ඔහුගේ නාසිස්ම (narcissistic) හැසිරීම, අනෙකාව පාලනය කිරීමේ ස්වභාවය මෙන්ම පරපීඩා කාමුක ලිංගික හැසිරීම මත පදනම් වූ ඔහුගේ නිර්මාණ ජීවිතය ගැන කරපු අදහස් දක්විමකදියි මරිනා මෙහෙම කියන්නේ.

පිකාසෝ කියන්නේ අධික ලෙස ගැහැනු ඇසුරු කිරීමට පෙළඹුණු ස්ත්‍රීලෝලියෙක් කියන කාරණාව මුළු ලෝකයම දන්නා කරුණක්. මේ ස්ත්‍රීන් තමයි විටින් විට ඔහුගේ සුප්‍රසිද්ධ සිතුවම් සඳහා නිමිත්ත වෙමින් ඒවායේ නිරූපණයෙන් දායක වුණේ. එහෙත් ලෝකය දන්නේ එතනින් ප්‍රසිද්ධ 11 දෙනෙක් පමණයි. පළමුව ඔවුන්ව හැඟීම් වලින් සහ ආදරෙන් වසඟ කරගෙන ඉන්පසු ඔවුන් ඔහුට ඇබ්බැහි වුණාට පසුව ඔවුන්ව මානසිකව සහ ශාරීරිකව පිඩාවට පත් කරමින් ඔහු සිය සිතුවම් සඳහා ඔවුන්ගේ ඉරියව් යොදාගත් බව පැවසෙනවා. මේ අතරින් කිහිපදෙනෙක් විශාදයට ගොදුරු වෙන අතර දෙදෙනෙක් පසු කාලීනව සියදිවි නසාගන්නවා.
"කාන්තාවන් කෙරෙහි පැබ්ලෝ පිකාසෝගේ ඇති අධික ආශාව සහ උමතුව කුඩා කල සිටම ආරම්භ වූවක්. එයට මූලික අඩිතාලම දාල තියෙන්නේ ඔහුගේම පියා. පියා ඔහුව වයස අවුරුදු 13 දී දකුණු ස්පාඤ්ඤයේ ගණිකා නිවාසවලට ගෙන ඒමට පටන් ගෙන තිබෙනවා. එය ඔහුගේ මුළු වෘත්තීය ජීවිතය පුරාම ඔහුට පීඩාවක් වන නමුත් ආශ්වාදයක් ලබා දෙන සෑහීමකට පත් කළ නොහැකි ලිංගික ආශාවක් ඔහු තුළ ඇති කරලන්න බලපෑ බව පේනවා. ඒ නිසා, ඔහුගේ මේ අසම්මත වර්ණවත් ජීවිතය තුළ ඔහුට භාර්යාවන් දෙදෙනෙක්, අනියම් භාර්යාවන් හය දෙනෙක් සහ නිශ්චිතව ගණනය කළ නොහැකි තරම් ප්‍රමාණයක් පෙම්වතියන් ඉදලා තියෙනවා.”

මෙහෙම සඳහන් කරන්නේ artdex වෙබ් අඩවියයි. පිකාසෝගේ ස්ත්‍රීලෝලය සාමාන්‍ය තත්වයෙන් බැහැර පරපිඩාකාමුකත්වය තෙක් වර්ධනය වූවක්. කලා ඉතිහාස වාර්තා වලට අනුව ඔහු නිරූපිකාවන් ලෙස ගත් ඇතැම් පෙම්වතියන්ගේ උරහිස් සහ අත්ල මත ඉටිපන්දම් දල්වා ඒවා දියවී ඔවුන්ගේ ශරීරවල සම මත වැටී වේදනා දෙමින් නිවී යන තෙක්ම එකම ඉරියව්වෙන් රැදී සිටීමට අණ කරමින් සිය සිතුවම් නිර්මාණයෙහි යෙදී තිබෙනවා. එම අවස්ථාවල එම කාන්තාවන් විදි වේදනාව වැඩි වූ තරමට ඔහුගේ සිතුවමේ සුන්දරත්වය වැඩි වූ බව පැවසෙනවා.මේ බොහෝ පෙම්වතියන් පිකාසෝට වඩා දශක තුනකින් පමණ බාල කාන්තාවන් බවත්, තම විධානයන්ට නම්මා ගැනීමේ පහසුව මත ඔහු එලෙස වයසින් සහ පරිණතබාවයෙන් මුහුකුරා නොගිය කාන්තාවන් තෝරාගත් බවත් පැවසෙනවා.

ඔහුගේ මේ විශිෂ්ට කලාව පිටුපස ඇති ලිංගික උමතුව ගැන බ්‍රයන් මැක්වේරා විසින් එළිදැක්වුණු "පිකාසෝගේ ගැහැනු” හෙවත් “Picasso’s Women” නම් ග්‍රන්ථය මෙම ප්‍රසිද්ධ සිත්තරාගේ ප්‍රේමයට මෙන්ම හිරිහැර වලට පාත්‍ර වූ ගැහැනු හයදෙනෙක්ගේ කතා වටා ගෙතී තිබෙනවා. කෙසේවෙතත් පිකාසෝ කියන්නේ ඔහුගේ මෙම ක්‍රියාවන් සහ ඒවාට තිබු විවේචන කිසිදා ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් නෙමෙයි. ඔහු නිරන්තරයෙන් මතබේදාත්මක ප්‍රකාශ සිදු කළ, මතබේදාත්මක ජිවිතයක් ගත කළ කලාකරුවෙක්.
20 වන සියවසේ මෙම සුපිරි කලාකරුවාගේ මතබේදාත්මක හැසිරීම පිළිබඳව අදහස් දක්වන ජර්මනියේල මන්ස්ටර් නගරයේ පිකාසෝ කෞතුකාගාරයේ භාරකරු ඈන්-කැත්‍රින් හාන් මෙලෙස පවසනවා.

"ආදරය කිරීමේ පොරොන්දු සහ දිවුරුම් දීමෙන් නම්මා ගන්න කාන්තාවන්ට ඉන් පසු විධානාත්මක ස්වභාවයක් පැවැත්වීම සහ සිය නිර්මාණකරණය වෙනුවෙන් ඔවුන්ව දුක්ඛිත තත්වයකට ඇද දමමින් පරපිඩාත්මක ස්වභාවයකින් වධ හිංසා කිරීමෙන් යම් සතුටක් ලබා ගැනීම සම්බන්ධයෙන් මම පිකාසෝ නම් මහා කලාකරුවාට චෝදනා කරනවා. පිකාසෝගේ ලෝ සුපතළ ”වීපින් වුමන්” වැනි නිර්මාණ පිටුපස ඇත්තේද මෙවැනි කතන්දරයි.බොහෝවිට අපගේ කෞතුකාගාරයට පැමිණෙන කාන්තාවන් විමසන්නේ ගැහැනුන්ට මෙතරම් හිංසා පීඩා කොට සිය නිර්මාණ වලට ප්‍රවේශය ලබාගත් මිනිසෙකුව මහා කලාකරුවෙකු ලෙස සමරන්නේ කෙසේදැයි කියායි.”
ඒත්; පිකාසෝගේ සිතුවම්හි විශිෂ්ටත්වය සැමවිටම ඔහුගේ මෙම පෞද්ගලික මතබේදාත්මක හැසිරීම් වසා ගනිමින් ඔහුව ලෝක ඉහිහාසයෙන් නොසළකා හරිය නොහැකි කලාකරුවෙකු බවට පත්කොට තිබෙනවා.

"කාන්තාවෝ කියන්නේ දුක් විඳීමේ යන්ත්‍ර”. ඔන්න ඔහොමයි පිකාසෝ කියන්නේ.
ඉතිං පිකාසෝගේ කලාවත්, පිකාසෝගේ උමතුවත් "පිකාසෝගේම” යස්ස වැඩක්!

සටහන : Yesha Fernando



