BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි

T

The Leader Desk

March 27, 2025 • 7:57 AM

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම ආදායමක් ලබමින් ලොව පුරා සිනමා ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් පවතී.
  • Investiture of the Gods නවකතාවේ මුල් පිටපත මෙහි පළමු චිත්‍රපටය වූ Ne Zha, 2019 වසරේ දී ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 700 (රු.
  • මිලියන 207,000 ක් පමණ) ආදායමක් උපයා ගත්තේය.
  • එහි දෙවැනි කොටසක් ද නිර්මාණය විය යුතුය යන අදහස එහි නිෂ්පාදකවරුන්ට ඇති වූයේ එම ආදායම් මට්ටම පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය 2019 වසරේ නිර්මාණය කරන ලද Ne Zha හි දෙවැනි කොටස වන අතර 16 වැනි සියවසට අයත් චීන පුරාණෝක්ති සහිත නවකතාවක් වූ Investiture of the Gods ඇසුරින් ගොඩ නගා තිබේ.

Harvard drs 53978271 封神演義 v.2.pdf

Investiture of the Gods නවකතාවේ මුල් පිටපත

මෙහි පළමු චිත්‍රපටය වූ Ne Zha, 2019 වසරේ දී ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 700 (රු. මිලියන 207,000 ක් පමණ) ආදායමක් උපයා ගත්තේය. එහි දෙවැනි කොටසක් ද නිර්මාණය විය යුතුය යන අදහස එහි නිෂ්පාදකවරුන්ට ඇති වූයේ එම ආදායම් මට්ටම පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවය.

新刻鍾伯敬先生批評封神演義 067

මෙහි අධ්‍යක්ෂ ඩව් ස සහ නිෂ්පාදන කණ්ඩායම න ජාගේ කතාව තවදුරටත් ගවේෂණය කරමින් මිත්‍යා විශ්වයක් මත මේ චරිත වඩාත් ගැඹුරින් ඉස්මතු කිරීම තුළින් සාර්ථකත්වයක් ලැබිය හැකි බව අවබෝධ කර ගත්හ. කොටස් දෙකකින් යුක්ත මේ චිත්‍රපටය තුළින් හුදෙක් විනෝදයම පමණක් නොව ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීම ද අරමුණු කොට තිබෙන බව පෙනේ. එපමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ සජීවීකරණ සිනමා නිර්මාණ බිහි කිරීමේ හැකියාව චීනයට ද පවතින බව පිළිබිඹු කිරීමක් ද මේ තුළින් ඉස්මතු වේ.

චිත්‍රපටයේ කතාව සැකෙවින් 

ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන චීන චිත්‍රපටය


මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වූ න ජා (Ne Zha – මෙය nuh jah ලෙස උච්චාරණය වේ) සහ අව් බිං ( Ao Bing – මෙය Ow Bing ලෙස උච්චාරණය වේ) යනු දිව්‍යමය ආත්මයක පුනරුත්පත්තියකි. ඔවුන් කලින් භවයේ දී ජීවිතය පරිත්‍යාග කරන ලද දෙදෙනෙකි. ඔවුන් නැවත උපත ලද විගසම න ජාගේ උපන් නගරය, සන් ගොං බව් නම් යක්ෂයාගේ සහ මකර කණ්ඩායමක ප්‍රහාරයට ලක් වෙයි. මේ චිත්‍රපටය කුළින් ඉස්මතු කරන්නට උත්සාහ දරන්නේ සතුන්ට දක්වන ආදරය, කරුණාව, ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන්නේ කෙසේද, මිත්‍රතත්වය, පාක්ෂිකත්වය සහ තමා තුළ වූ ශක්තිය සොයා යාම පිළිබඳවය. චීන ජන කතාවල සාරවත් බව මේ සියල්ලක්ම පසුපස පවතී.
 
Ne Zha 2 චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80ක් (රු. මිලියන 23,607ක් පමණ) වැය වූ අතර මේ වන විට සජීවීකරණ චිත්‍රපටයක් වෙනුවෙන් චීනය වැය කළ ඉහළතම මුදල් ප්‍රමාණය එය බව පැවසේ. ලොව පුරා මෙය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සියලු ආදායම් වාර්තා බිඳ හෙළමින් උපයා ගන්නට හැකි වූ ඇමරිකානු ඩොලර් බිලියන 2 (රු. බිලියන 591ක් පමණ) මගින් මේ වැය වූ මුදල ඉතා පහසුවෙන්ම පියවා ගන්නට හැකියාව ලැබිණි.
 
සජීවීකරණ චිත්‍රපටයක් වෙනුවෙන් උපයා ගත් වැඩිම ආදායම වාර්තා කරමින් Ne Zha 2 චිත්‍රපටය සාක්ෂාත් කර ගත මේ ජයග්‍රහණය මෙයට පෙර වාර්තා තැබූ චිත්‍රපට අතර සේම ඉංග්‍රීසි නොවන චිත්‍රපට අතර ද සංධිස්ථානයක් සලකුණු කරන්නට ඉවහල් විය.

Ne Zha 2 චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යය ඉතා බැරෑරුම් කටයුත්තක් විය. මේ සඳහා සජීවීකරණ සමාගම් 138 ක පුද්ගලයින් 4,000 කටත් වැඩි පිරිසකගේ සහාය ලබාගැනීමට සිදු විය. එය මෙහි පළමු චිත්‍රපටය සඳහා දායක කර ගත් පිරිස මෙන් දෙගුණයකටක් වැඩි පිරිසක් විය. මේ චිත්‍රපටය තුළ දර්ශන 2,400 කටත් වඩා සංඛ්‍යාවක් පවතින අතර විශේෂ ප්‍රයෝග 1,900 කටත් වඩා අඩංගු වේ.
 
chai4
ග්වේආන් සුපිරි පරිගණක මධ්‍යස්ථානය
 
විස්මයාකාර දෘශ්‍ය ප්‍රයෝග සාක්ෂාත් කර ගැනීම සඳහා චීනයේ ග්වේආන් සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට සිදු වූ අතර පරිගණක තාක්ෂණික පහසුකම්වලින් 40%ක්ම සපුරා ගන්නා ලද්දේ එය තුළිනි. මේ දායකත්වය ජාත්‍යන්තර මට්ටමේ සජීවීකරණ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයින් වෙත ලබා දීමට ඉවහල් විය.
 
1eee6c6e b75f 44d3 a2e8 7b2539274000 29629cb6
මෙහි නිෂ්පාදක ඩව් ස වෛද්‍ය විද්‍යා උපාධිධරයෙක් වන අතර සිනමා සජීවීකරණය තනිවම හැදෑරූ අයෙක් ලෙස ප්‍රකටය. ඔහු 2008 වසරේ දී සිය සජීවීකරණ වෘත්තිය ආරම්භ කළ අතර ඔහු විසින් නිර්මාණය කරන ලද See Through නම් කෙටි චිත්‍රපටයෙහි වූ අද්විතීය ලක්ෂණ සහ යුද විරෝධී බව නිසා මහත් අවධානයක් යොමු විය. චිත්‍රපට කර්මාන්තය තුළට සාම්ප්‍රදායික නොවන ආකාරයෙන් ප්‍රවිෂ්ට වීම Ne Zha චිත්‍රපට මාලාව නිර්මාණය කිරීම සඳහා නව ජීවයක් ලබා දුන්නේය.
 
මේ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමග චීනයේ සංස්කෘතිය සහ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් කළ හැකි නිර්මාණ ඒ සංස්කෘතිය තුළින් මතු කිරීමේ ඇති හැකියාව පිළිබඳ කතිකාවතක් ගොඩ නැගෙමින් පවතී. වින්දනාත්මක කර්මාන්තය තුළ චීනය ලබා ගෙන ඇති දියුණුව පිළිබිඹු කිරීමේ ජාතික අභිමානයේ සංකේතයක් බවට Ne Zha 2 පත්ව තිබේ.
2025030348289b7235a141168d700097bc81325d XxjwshE007058 20250303 CBMFN0A002
 
Ne Zha 2 චිත්‍රපටයේ අක්මුල් චීන මිත්‍යා කතා තුළ ගැඹුරින් නිධන්ගතවී ඇති නමුත් ඒ කිසිවක් නොතකා එය ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත්ව විය. එය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් කිහිපයක එකවර ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබිණි. එහි වූ විශ්වීය තේමාව සහ ඉතා ඉහළ ගුණත්වයෙන් යුක්ත සජීවීකරණයන් සඳහා පුළුල් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගැනීමට හැකියාව ලැබිණි. ගෝලීය සජීවීකරණ කර්මාන්තය තුළ ඉහළින්ම රැඳී සිටින හොලිවුඩයට පවා අභියෝග කළ හැකි තරමට ඒවා උසස් තත්ත්වයකින් යුක්තය.
 
කතාන්දර කීමේ සාම්ප්‍රදායික කලාව සහ තියුණු තාක්ෂණය මුසු කර ගනිමින් චීන සිනමාව පරිණාමයකට ලක් වෙමින් පවතින බව දැක්වීමට Ne Zha 2 චිත්‍රපටය කදිම සාධකයකි. වාර්තා බිඳ හෙළුෑ ආදායම් මට්ටම සහ විචාරක පැසසුම් මගින් පිළිබිඹු වන්නේ මෙහි ඇති උසස් ගුණත්වය සහ සජීවීකරණය තුළ ගැබ්වුණු සිනමාරූපීබවය. චිත්‍රපට කර්මාන්තය තුළ ඉදිරියට ගමන් කරන චීනයට කලාත්මක මෙන්ම වාණිජමය වශයෙන් ද සාර්ථක වන්නේ කෙසේද යන්න පිළිබඳ පෙරමඟ සලකුණක් ලෙස Ne Zha 2 චිත්‍රපටය නම් කළ හැකිය.

(නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...