BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රුවන්වැලි සෑ මළුවේ වඳුරන් කී කවි

T

The Leader Desk

March 28, 2025 • 2:26 PM

රුවන්වැලි සෑ මළුවේ වඳුරන් කී කවි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ තුන් ලොවේ තතු නිවැරදි ලෙස දන්න නොහදමු ඔබෙන් මේ කිසිවක් සඟවන්න එනිසා හිමියනේ කැප අවසර දෙන්න මේ ලොව දරුණුතම ගින්නය බඩගින්න එදවස පාරිලෙයි වනයේ සිටින සඳ අපගේ එකෙකු විත් බැතියෙන ඇඳිලි බැඳ සම්බුදු පියාණෙනි ඔබ හට පුදන ලද ඒ මී වදේ රස තවමත් දැනෙනවද?
  • මේවා වඳුරන් විසින් කියන ලද කවි නිසා මෙහි ඇති අදහස්වල ධර්මානුකූලභාවය පිළිබඳ වගකීමට අප බැඳී නැති බව කරුණාවෙන් සළකන්න.
  • | වඳුරන් කියනු අසා පිටපත් කළේ තිලක් සේනාසිංහ thilaksenasinghe@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):


මේ තුන් ලොවේ තතු නිවැරදි ලෙස දන්න
නොහදමු ඔබෙන් මේ කිසිවක් සඟවන්න
එනිසා හිමියනේ කැප අවසර දෙන්න
මේ ලොව දරුණුතම ගින්නය බඩගින්න


එදවස පාරිලෙයි වනයේ සිටින සඳ
අපගේ එකෙකු විත් බැතියෙන ඇඳිලි බැඳ
සම්බුදු පියාණෙනි ඔබ හට පුදන ලද
ඒ මී වදේ රස තවමත් දැනෙනවද?


හිමි සඳු පරිසරය වෙත පා ඇතත් නෙත
අද නැත එයට යොමු කරනා කෙනෙකු සිත
ඒ දෙස මිනිස් බවකින් නොහෙලුවොත් නෙත
වඳුරෙකුටවත් කන්නට හෙට යමක් නැත


අප හට ‛අනේ නොදකින්’ යැයි කියාගෙන
ඇවිදිති උවැසියෝ වෙනතක් බලාගෙන
මුත් මල් කන්න මොහොතින් පරවෙලා යන
අවසර දෙනු මැනවි හිමියනි දයාවෙන


සුමිහිරි රසය නෙළුමේ මැද නොකමු පෙති
මේවා තමයි හිමියනි අපෙ වඳුරු ගති
දඬුවම් නොදී අප කුසගිනි නිවන නිතී
“යළි බුදුවෙන්න ඔබ හට මේ පිනම ඇතී”

සැ.යු.
මේවා වඳුරන් විසින් කියන ලද කවි නිසා මෙහි ඇති අදහස්වල ධර්මානුකූලභාවය පිළිබඳ වගකීමට අප බැඳී නැති බව කරුණාවෙන් සළකන්න.


| වඳුරන් කියනු අසා පිටපත් කළේ තිලක් සේනාසිංහ
thilaksenasinghe@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුවන්වැලි සෑ මළුවේ වඳුරන් කී කවි | The Leader