BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘රයිගම් ටෙලීස්’ සම්මාන | රැඩිකල් මැද මීයා සම්මාන පිට සම්මාන ලබයි

T

The Leader Desk

March 30, 2025 • 2:38 PM

‘රයිගම් ටෙලීස්’ සම්මාන | රැඩිකල් මැද මීයා සම්මාන පිට සම්මාන ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල සමරවීර විසින් ලිබරල් අදහස් ප්‍රවර්ධනය පිණිස නිර්මාණය කරන ලද රැඩිකල් මැද සාමූහිකය විසින් නිෂ්පාදනය කළ 'මීයා' ටෙලි නාට්‍යය ඊයේ (29) රයිගම් ටෙලි සම්මාන උළේලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය.
  • මීයා මීට අමතරව හොඳම ශබ්ද පටිගත කිරීම, හොඳම නැගී එන නිළිය, හොඳම සංගීතය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ටෙලි නාට්‍යය වශයෙන් සම්මාන 09කට නිර්දේශ වී තිබුනි.
  • රට තුල ඉතිහාසයක් පුරා ව්‍යාප්ත වී ඇති දියව් දියව් මානසිකත්වය වෙනුවට නිර්මාණශීලී ව්‍යවසායකත්ව මනසකින් ලිබරල් ආකල්ප වලින් ජීවිතය ජයගැනීම මීයා ටෙලි නාට්‍යයේ තේමාව වී තිබුනි.
  • මීයා හොඳම තිර පිටපත ලෙස සම්මාන ලබද්දී කියවන ලද හේතුපාඨය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ හොඳම සංස්කරණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම නැගී එන නළුවා සහ ‍හොඳම පිටපත වශයෙනි.

මීයා මීට අමතරව හොඳම ශබ්ද පටිගත කිරීම, හොඳම නැගී එන නිළිය, හොඳම සංගීතය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ටෙලි නාට්‍යය වශයෙන් සම්මාන 09කට නිර්දේශ වී තිබුනි.

රට තුල ඉතිහාසයක් පුරා ව්‍යාප්ත වී ඇති දියව් දියව් මානසිකත්වය වෙනුවට නිර්මාණශීලී ව්‍යවසායකත්ව මනසකින් ලිබරල් ආකල්ප වලින් ජීවිතය ජයගැනීම මීයා ටෙලි නාට්‍යයේ තේමාව වී තිබුනි. අපගේ ඉපැරණි චුල්ල සෙට්ඨි ජාතකට වස්තු විෂය කොටගෙන මෙය නිර්මාණය වී තිබීමද විශේෂයකි.

 

WhatsApp Image 2025 03 30 at 12.02.16 PM 1
මීයා ටෙලි නාට්‍යයේ විධායක නිෂ්පාදන කටයුතු  ‘තින්කින් ඩොට්ස්’ ආයතනය විසින් කරන ලද අතර මුවිදු බිනෝයි, චින්තන ධර්මදාස දෙදෙනා විසින් මීයා අධ්‍යක්ෂණය කරන ලදී.

වඩාත්ම විවේචනයට පාත්‍රවූත් එම නිසාම බෙහෙවින්ම කතාබහට ලක්වූත් අසාම්ප්‍රදායික ටෙලි නාට්‍යකරණයක් වූ මීයා මෙසේ ඇගයීමට පාත්‍ර වීම සුවිශේෂයකි.

මීයා හොඳම තිර පිටපත ලෙස සම්මාන ලබද්දී කියවන ලද හේතුපාඨය.

"සයිබර් අවකාශයේ තත්‍යසමාන යතාර්ථය සහ සමාජ පැවැත්මේ ක්ෂිතිමය අහම්බකාරක අතර දෝලනය වන පරාරෝපිත චරිිතයක් කේන්ද්‍රීයව ගනිමින්,  බාහිර ලෝකය පිලිබද ලිබරල් සමාජ කතිකාවක පසු නූතන ස්වරූපය විදාරනය කරන ආඛ්‍යානයක් ප්‍රශස්ත මාලා නාටකයකට උචිත වන පරිදි රචනා කරමින්, වසරේ විශිෂ්ටතම තිර රචනය සඳහා වන සම්මානය දිනාගන්නේ මීයා ටෙලි නාට්‍යයි"

දක්ෂතම නළුවා - ප්‍රියන්ත; නිළිය - තරින්දි

 

raigam t98723498
රයිගම් ටෙලීස් 2024 ටෙලි සම්මාන උළෙල  ඊයේ (29) පස්වරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැතියේ ය.

දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන Kingdom of Raigam සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ ගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබනවා.

2024 වසරේ තිරගත වූ ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදී අංශයන්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන හැටකට අධික ප්‍රමාණයක් පිරිනැමීම මෙහිදී සිදු විය.

 

WhatsApp Image 2025 03 30 at 12.04.25 PM

මෙවර, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය හිමි වූයේ ප්‍රියන්ත සිරිකුමර හටයි. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘බැක්සයිඩ්’ ටෙලි නාට්‍යයේ ‘නාරද’ගේ චරිතය නිරූපණය කරමින් කළ රංගනය වෙනුවෙනි.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස තරින්දි ප්‍රනාන්දු  සම්මානයට පාත්‍ර විය.  ඒ ‘වියළි’ ටෙලි නාට්‍යයේ ‘මාලා’ ගේ චරිතය නිරූපණය කරමින් කළ රංගනය වෙනුවෙනි.

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ට හිමි සම්මානය  - ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘වියළි’  ටෙලි නාට්‍යයට හිමි විය.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය ‘වියළි’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක චන්දන ඉරුගල්බණ්ඩාර ට හිමි විය.

සම්මාන පිළිබඳ විස්තර මෙතනින්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...