BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‘ඇත්තටම ඒක අපි අහලවත් නොතිබුණ හීනයක්’| ලක්මාල් ධර්මරත්න

T

The Leader Desk

April 8, 2025 • 12:14 PM

‘ඇත්තටම ඒක අපි අහලවත් නොතිබුණ හීනයක්’| ලක්මාල් ධර්මරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'කූඹියෝ' ටෙලි නාට්‍ය නිර්මාණය කරපු ලක්මාල් ධර්මරත්නගේ ප්‍රථම සිනමාගමනය වෙන ‘වාලම්පූරි’ චිත්‍රපටය තිර ගත වෙන්න තව වැඩි දවසක් නෑ.
  • ඇත්තටම ඒක අපි අහලවත් නොතිබුණ හීනයක්.
  • මට මගේ ජීවිතේ අරමුණ හමුවෙනවා.
  • අවුරුදු දෙකක් වෙනකොට මම ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වැනි ප්‍රවීණ සිනමාකරුවන්ගේ සහය අධ්‍යක්ෂවරයා බවට පත් වෙනවා..
අකුරු ප්‍රමාණය (Font Size):

අප්‍රේල් 25 වෙනිදා ඉදන් මේ චිත්‍රපටය ලංකාව ඇතුළු තවත් රටවල් බොහොමයක තිරගත වෙන්න නියමිතයි.

පහතින් දක්වලා තියෙන්නේ ‘හෙළවුඩ් Popcorn - අපේ සිනමා කතාව' Facebook  පිටුවේ පළ කරලා තිබුණු ලක්මාල් ධර්මරත්න ගැන සහ ‘වාලම්පූරි’ චිත්‍රපටය ගැන කියන අපූරු සටහනක්.

 


මේක ලක්මාල් ධර්මරත්න විසින් කරපු අදහස් දැක්වීමක් විදිහටයි පළ කරලා තිබුණේ.

(උපුටා ගැනීම)
lakaලක්මාල් ධර්මරත්න
 “කොළඹට කිලෝමීටර් දෙසීයක් පමණ එයායින් ඉපදුන මම කිසිම දවසක සිනමාකරයෙක් වීමේ හීනයක වත් නොහිටපු කෙකෙන්. ඇත්තටම ඒක අපි අහලවත් නොතිබුණ හීනයක්. මේ චිත්‍රපටියේ කණ්ඩායම වගේම මමත් වඩා හොඳ ජීවිතයක් හොයමින් කොළඹ දක්වා ආවා. ආට් එක්ක මට තිබුණ එකම සම්බන්දය සිංහල ගුරුවරෙයෙක් වුණ මගේ තාත්තා සතුව තිබුණ පුස්තකාලය කියවීමෙන් ලැබුණ සාහිත්‍ය අත්දැකීම.

මේ අතර මම රැකියා කීපයක් කරනවා ජීවත් වීම සඳහා. නමුත් මට තේරෙනවා මගේ ජීවිත අරමුණ වෙනස් එකක් කියලා. මම මිනිස් වනාන්නතරයට බැහැලා මගේ අරමුන හොයන්න පටන්ගන්නවා. එතනදී මම අතහැර ආපු සාහිත්‍යයේ වෙනත් දිගුවක් වූ සිනමාව මට හම්බ වෙනවා. මට මගේ ජීවිතේ අරමුණ හමුවෙනවා. මම තුන්වෙනි සහය අධ්‍යක්ෂවරයෙක් විදියට ටෙලිනාට්‍ය කණ්ඩායමකට එකතු වෙනවා. අවුරුදු දෙකක් වෙනකොට මම ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වැනි ප්‍රවීණ සිනමාකරුවන්ගේ සහය අධ්‍යක්ෂවරයා බවට පත් වෙනවා..

 

walampuri 1
ටිකෙන් ටික අත්දැකීම් ලබමින් මම සිනමාවේ මගේ හැඩය අඳුනා ගන්නවා. මට සිනමාවේ මගේ අවකාශය හමුවෙනවා. ඒ අනුව මම සහ දමිත එක්ව "කුඹියෝ" යනුවෙන් ටෙලිවිෂනයට වෙනම හැඩයක් ටෙලිනාට්‍යක් ඉදිරිපත් කරනවා. අපව ප්‍රේක්ෂකාගාර හඳුන ගන්නවා සහ අපේ නිර්මාණිය උත්සාහය ඔවුන් අනුමත කරනවා. අපි අපේ ගමන පටන්ගන්නවා.

 

489327031 1222708389861319 2965764325193192646 n

සැබෑ ජීවිතයේදී මා දුටු ජීවන අරගල, පීඩනය, සමාජ පංති වෙනස්කම්, සමාජයේ වාටියේ ජීවත් වන්නන්ගේ ජීවන පැවැත්ම ආදී අත්දැකීම් තව දුරටත් ඔවුන් වින්දිතයින් හෝ අනුකම්පාවට ලක්විය යුතු කොටසක් ලෙස නොව ඔවුන් සමාජ පැවැත්මේ බලවත් සාධකයක් සහ ජීවිතය කටුකත්වය විනෝදයෙන් විඳින්නන් විදියට මගේ සිනමාවෙදි ඔබට හමුවෙනවා. මගේ කුළුදුල් සිනමාට වන "වාලම්පුරි හෙවත් නින හතහමාරක්" කියන්නෙම නැවත අප දුටු එවන් මිනිස් කන්ඩායමක කතාවක්. පොඩි පොඩි ටෙම්පරි ජල්තර රස්සා කරමින් පොඩි පොඩි ගේම් ගහමින් ජීවිතේ දිව්‍ය ලෝකය හොයාගෙන යන මිනිස් කණ්ඩායමක කතාවක් තමයි ' වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" කියනනේ.

Screenshot 2025 01 01 at 20.29.26

 

මගේ සිනමාව හෝ මගේ සිනමාවේ හැඩයත් ජීවන දර්ශණයක් ලෙස නැවත නැවත හමුවන්නේ අපේ රටේ බලවත්ම බහුතර කුලකය වන සමාජයේ පරිසාධන මට්ටම්, එකඟතා වලට ඔබබෙන් වන ක්‍රියාකාරකම් දිගේ ජීවිතයේ ජයග්‍රහණය හොයන මිනිස් කණ්ඩායම් වල කතාව. මගේ පළමු නිර්මාණය වන 'කූඹියෝ' ටෙලිනාට්‍යයෙන් ඇරඹුණු මේ ගමන්මග දැන් මා පසුකරමින් සිටින්නේ එලෙසය.”

WhatsApp Image 2025 04 08 at 5.07.17 PM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...