BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර්

T

The Leader Desk

April 11, 2025 • 6:34 AM

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලාව කියන්නේ චිත‍්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය, සිනමාව විතරක්ම නෙමෙයි.
  • වඩාත්ම විවිධත්වයකින් යුතු සංස්කෘතික ලක්ෂණ රැසක් ඉන්දියානු සංචාර තුළදී අත්විඳි බව හෙතෙම සිය ඡායාරූප ඉදිරියෙන් සටහනක් එකතු කරමින් කියා සිටිනවා.
  •   මොන්ගෝලියාවේ අර්කන්ගායි කඳුකරයේ එඬේර ජනයාගේ ඇඳුම් පැළඳුම් වල විචිත‍්‍රත්වය, ඔවුන්ගේ වාස භුමි බෙදාගැනීම් සිරිත්, උකුස්සන් හඹා යාමේ සහ ඔවුන් හිලෑ කරගැනීමේ ක‍්‍රම විධි ඇතුළත් ස්පෙන්සර්ගේ ඡායාරූප කිහිපයක් මේ.
  • ”පිලිපීනයේ මැනිලාහි 37 හැවිරිදි කුකුළු පොර ක‍්‍රීඩකයෙකු වන බාර්ටෝලෝ තමයි මේ!
අකුරු ප්‍රමාණය (Font Size):

ඔයා සෞන්දර්යකින් යුතුව රසවිඳිමින් කරන, ලෝකයට යම් බලපෑමක් එල්ල කළ හැකි, සුන්දර හැමදේම කලාවක්. ඡායාරූප ශිල්පය කියන්නෙත් මේ වෙනකොට ලෝකයේ විශිෂ්ඨතම කලාවක්. අද අපි කථා කරන්නේ අන්න ඒ කලාව තුළ විවිධ සංස්කෘතික සුන්දරත්වයන් සොයා යන ඡායාරූප ශිල්පියෙකුගේ අපූරු සේයාරූ පෙළක් ගැන.

 

මේ ඡායාරූප ශිල්පියා තමයි ස්පෙන්සර් මොන්ටෙරෝ. බ්‍රිතාන්‍ය ජාතික සංචාරක ඡායාරූප ශිල්පියෙක් වන ඔහු ජීවත් වෙන්නේ ස්පාඤ්ඤයේ. පළමුව සංචාරයට දැඩි ආශාවක් දැක්වූ ඔහුගේ සති තුනක පළමු මෝටර් බයිසිකල් සවාරිය යෙදීලා තියෙන්නේ මොරොක්කෝව හරහායි. එහිදී දුටු සියලූ දෙයින් ඉමහත් උද්යෝගයට පත්වෙන ස්පෙන්සර්ට මේ මතක ජීවමාන කරන්න අවශ්‍ය වෙනවා. ඔහු ඡායාරූපකරණයට යොමු වෙන්නේ එහෙමයි. මේ පෘථිවිය තුල සෑම තැනකම විසිරී සිටින ජනතාව සොයා යෑමේ ඔහුගේ නොතින් ආශාව ඔහුව මොන්ගෝලියාවේ රාජාලි දඩයම්කරුවන්ගේ නිවහන වන අල්ටයි කඳු වැනි විශිෂ්ට ස්ථාන කරා පවා ගෙනගොස් තිබෙනවා. ස්පෙන්සර් ඔවුන් සමඟම ජීවත් වෙමින් ඔවුන්ගේ ජීවන රටාව බෙදාහදා ගනිමින් ඔවුන්ගේ පැවැත්ම සිය කාචයට හසු කරගන්න සමතෙක්.  

a7884dce2c7070e8f10afbca20ac0f54 hd2

 

මේ වන විට ලෝ සුප‍්‍රසිද්ධ  Photito Travel - the world as I saw it  වෙබ් අඩවියේ හිමිකරු වන ස්පෙන්සර්ගේ ඡායාරූපවල තිබෙන සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශයත්, ශක්තිමත් කලාත්මක වටිනාකමත් නිසා ඔහුට ඉන්ස්ටග‍්‍රෑම්හි ත් විශාල රසික ප‍්‍රජාවක් ඉන්නවා.

ඉතින් අපි ඔහුගේ ඒ ආකර්ශනීය ඡායාරූප එකතුවෙන් කිහිපයක් රසවිඳිමු.  

ඔහුගේ එක් සුවිශේෂී ඡායාරූප පෙළක් වන්නේ ඉතියෝපියානු සුරි ජාතිකයින්ගේ ඡුායාරූප පෙළයි. ඉතා විචිත‍්‍රවත් මේ මඟින් ඔහු ඔවුන්ගේ සංස්කෘතිය තුළ  ඇති අපූර්වත්වය විදහා පානවා. විශේෂයෙන්  ඕනෑම ඉර්තුවකදී පරිසරයේ ඇති, ගස්, කොළ, වැල් , මල්, මඩ, පස්, සතුන්ගේ කොටස් වැනි  ඕනෑම දෙයකින් ඉතා අපුර්ව පාට සහිතව සිය සිරුරු සරසා ගන්න ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ස්පෙන්සර් මේ ඔස්සේ සිය කාචයට හසු කරගෙන තිබෙනවා.

spensor 2spensor 3
රජාස්තාන්හි වැසියන්ගේ අපුර්ව ඇස් සහ ඔවුන්ගේ උරුමයේ අභිමානය කියාපාන විවිධ ආභරණ ස්පෙන්සර්ගේ ඉන්දියානු සංචාර අතරතුර ලබාගත් ඡායාරූ වල විශේෂත්වයයි. වඩාත්ම විවිධත්වයකින් යුතු සංස්කෘතික ලක්ෂණ රැසක් ඉන්දියානු සංචාර තුළදී අත්විඳි බව හෙතෙම සිය ඡායාරූප ඉදිරියෙන් සටහනක් එකතු කරමින් කියා සිටිනවා.

 

spensor 22
මොන්ගෝලියාවේ අර්කන්ගායි කඳුකරයේ එඬේර ජනයාගේ ඇඳුම් පැළඳුම් වල විචිත‍්‍රත්වය, ඔවුන්ගේ වාස භුමි බෙදාගැනීම් සිරිත්, උකුස්සන් හඹා යාමේ සහ ඔවුන් හිලෑ කරගැනීමේ ක‍්‍රම විධි ඇතුළත් ස්පෙන්සර්ගේ ඡායාරූප කිහිපයක් මේ.

spensor 6spensor 7
පිලිපීනයේ කුකුළු පොර සංස්කෘතික අංගය ඡායාරූපගත කරමින් මෙම සේයාරුව අන්තර්ජාලයට මුදාහරින ස්පෙන්සර් ඒ ඉදිරිපසින් මෙවැනි සටහනක් තබනවා.

”පිලිපීනයේ මැනිලාහි 37 හැවිරිදි කුකුළු පොර ක‍්‍රීඩකයෙකු වන බාර්ටෝලෝ තමයි මේ! බාර්ටෝලෝ වසර 20 කට ආසන්න කාලයක් කුකුළුපොර ක‍්‍රීඩාවේ නියැලී සිටින අතර නිතිපතා රොලිගොන් මෙගා කුකුළු පොර පිටියට  පැමිණෙනවා. මැනිලාවල ඔහුව නොදන්න කෙනෙක් නැහැ.”  

spensor 8
එමෙන්ම ස්පෙන්සර් ශ‍්‍රී ලංකාවේද සංචාරය කොට ලබාගත් සේයාරූ පෙළක් ඔහුගේ වෙබ් අඩවියට එකතු කොට තිබෙනවා. ඉරිදා දහම් පාසල් සංස්කෘතිය, මීගමු වෙරළ සාද අවස්ථා, වගේම උණවටුනේ වෙරළාශ‍්‍රිත වෙළඳාම් ඇතුළු එයින් කිහිපයක් මේ.

spensor 9JPG

spensor 10

spensor 11


ඒ වගේම උඩවලවේ දී ලබාගත් මෙන්න මේ සේයාරුව අසලින් ස්පෙන්සර් මෙන්න මෙහෙම සටහනක් තියනවා.

 

spensor 12

"මේ ඉන්නේ නාමල්. එයා උගුලකට අහුවෙලා කකුලේ කොටසක් අහිමි වූ අවුරුදු තුනක් වයසැති අලි පැටියෙක්. ඔහු උඩවලව ජාතික වනෝද්‍යානයේ අභයභූමියක ඇති දැඩි කරන ලද අනාථ අලි පැටවුන් 28 දෙනාගෙන් කෙනෙක්. ඒත් අනිත් අය වගේ නෙමෙයි මෙයා ආපහු කවදාවත් කැලයක් ඇතුළේ ජීවත්වෙන්න තරම් ශක්තිමත් වෙයි කියලා හිතන්න බැහැ.


දැනට,  එයාගේ පාලකයා වන විසි හය හැවිරිදි සාලින්දට ඔහුට එහා මෙහා යාමට උපකාර කිරීම සඳහා කෘතිම කකුලක් සවි කිරීමට හැකි වන තරම් ඔහු ප‍්‍රමාණයෙන් පොඩියි, ඒත් කනගාටුවට කරුණ වෙන්නේ නාමල් ඉතාම හුදකලා අනාගතයකට මුහුණ  දෙන්නට නියමිත එකයි."

-උඩවලව, ශ‍්‍රී ලංකාව, 2014.-   “

ඔහු හරි, නාමල් එදත්, අදත් හුදෙකලායි.

e284bd62792dd1bf26b8b532ea95bfa7 sd
මෙලෙස ලොව පුරා සංස්කෘති හා ජීවන පැවැත්ම සිය ඡායාරුප කලාවෙන් අර්ථවත් කොට ඇති ස්පෙන්සර් මොන්ටෙරෝ, ඒවායෙහි සමාජ බලපෑම හේතුවෙන්ම කෑන්ස් හි ලෝක බ්ලොග්කරු සම්මාන උළෙලේ ”හොඳම ඡායාරූප ශිල්පී -යුරෝපය” කාණ්ඩයටත් නාම යෝජනා ලබා සිටිනවා.

ඡායාරූප උපුටා ගැනීම:  https://www.photito.com/

 

සටහන : Yesha Fernando

සබැඳි ලිපි: 

බැන්ක්සි බලපෑම

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...