BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඔවු... යුද්ධය කොළඹට එන්න කියල මම ප්‍රාර්ථනා කළා - හේමින්ද (වීඩියෝ)

T

The Leader Desk

April 13, 2025 • 9:30 AM

ඔවු... යුද්ධය කොළඹට එන්න කියල මම ප්‍රාර්ථනා කළා - හේමින්ද (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධය යනු ලොව කොතැනක පැවතිය ද මිනිස් ජීවිත මතු නොව ඔවුන් දුක් මහන්සියෙන් සරි කරගත් දේපළ පවා විනාශයට පත් කරන ම්ලේච්ඡ ක්‍රියාදාමයකි. එපමණක් නොව, ඊට ගොදුරුවන මිනිස් ජීවිත: අතීත, වර්තමාන සහ අනාගත යන තුන්කල්හි ම දණ්ඩනයට බඳුන් වන ක්‍රියාදාමයකි.
  • එහි ප්‍රධාන චරිතය වන හේමින්ද යුද්ධය කොළඹට එන්නැයි ප්‍රාර්ථනා කරන්නේ ඇයි ද යන්න යම් පුද්ගලයකුට ගැටලුවක් විය හැකි ය; එම පුද්ගලයා හේමින්ද කෙරෙහි අනුකම්පා විරහිත වන්නට ද පිළිවන.
  • මතු දැක්වෙන්නේ: The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මානනීය ගේය පද රචකයකු මෙන් ම කවියකු වන විරවිජය ගුණසේකර ‘‘ත්‍රිකාල දණ්ඩන’’ කෘතිය පිළිබඳව කළ සාකච්ඡාව ඇතුළත් විඩියෝව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එබඳු තත්ත්වයක් යටතේ යුද්ධය පිළිකුල් කරන අය මෙන් ම යුද්ධය තම බැංකු ගිණුම් තර කරගන්නා පහසු මාර්ගයක් බවට පරිවර්තනය කරගන්නා පිරිසක් ද සිටිති.

වීරවිජය ගුණසේකර විසින් රචිත ‘‘ත්‍රිකාල දණ්ඩන’’ ප්‍රබන්ධය යට කී යුද්ධයේ ආදිනව මැනවින් ග්‍රහණය කරගත් සාහිත්‍ය කෘතියකි. එහි ප්‍රධාන චරිතය වන හේමින්ද යුද්ධය කොළඹට එන්නැයි ප්‍රාර්ථනා කරන්නේ ඇයි ද යන්න යම් පුද්ගලයකුට ගැටලුවක් විය හැකි ය; එම පුද්ගලයා හේමින්ද කෙරෙහි අනුකම්පා විරහිත වන්නට ද පිළිවන.

නමුදු ඔබ, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිතය කලා වින්දනීය අඩ හෝරාව සමග සාකච්ඡාවට එක්වූ ‘‘ත්‍රිකාල දණ්ඩන’’ ප්‍රබන්ධ කෘතියේ කතුවරයා වන වීරවිජය ගුණසේකර පවසන කරුණු අවබෝධ කරගන්නේ නම් හේමින්ද කෙතරම් දුරට වැරැදි ද නිවැරැදි ද යන්න විනිශ්චය කරගනු නියත ය.

මතු දැක්වෙන්නේ: The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මානනීය ගේය පද රචකයකු මෙන් ම කවියකු වන විරවිජය ගුණසේකර ‘‘ත්‍රිකාල දණ්ඩන’’ කෘතිය පිළිබඳව කළ සාකච්ඡාව ඇතුළත් විඩියෝව ය.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔවු... යුද්ධය කොළඹට එන්න කියල මම ප්‍රාර්ථනා කළා - හේමින්ද (වීඩියෝ) | The Leader