BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සාජන්ට් අමතන්න : සමන්ගේ කටහඬ හා නිහාල්ගේ සාජන්ට්

T

The Leader Desk

April 28, 2025 • 8:03 AM

සාජන්ට් අමතන්න : සමන්ගේ කටහඬ හා නිහාල්ගේ සාජන්ට්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභාවප්‍රාප්ත සමන් ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය.
  • ඔහු අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි.
  • නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පත් සමන් ද සිල්වා ගායන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදිය.
  • ඔහුගේ වේග රිද්ම කලාව නිසා ඔහු කලක් මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත්ව තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා ඊයේ (27) අලුයම සිය ජීවන ගමනට සමුදුන්නේය.

ඔහු අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි.

නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පත් සමන් ද සිල්වා ගායන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදිය.



ඔහුගේ වේග රිද්ම කලාව නිසා ඔහු කලක් මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත්ව තිබුණි.

බදුල්ල පස්සර ප්‍රදේශයේ උපත ලැබූ ඔහු පානදුර සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරා තිබේ.

කලක් රෝගාතුරව සිටි ඔහු ප‌ෙරේදා (26) රාත්‍රියේ ඇතිවූ හදිසි රෝගි තත්වයක් හේතුවෙන් වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර තිබේ.


493398469 1947305176073248 5631685056769825948 n
මතු පලවන්නේ සමන් ද සිල්වා සම්බන්ධයෙන් Dharmajith Punarjeeva සිය  ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනකි.

ඒ දවස් වල සමන් High rated Singer

කවුරුත් නොදන්නා එහෙත් සරළ කතාවක් තියෙනවා සමන් ගැන.

නිහාල් රූපවාහිනියට 'සාජන්ට් අමතන්න'කියලා Tele Series කරන්න ලැහැස්ති වුණා.

නිෂ්පාදන සැලසුම් සිද්ධ වෙන අතරේ මේකේ තේමා ගීතය කාට කියලා ද කරගන්නේ කියන අදහස මතු වුණා. තේමා ගීතය විසාල බලපෑමක් සිද්ධ කරනවා වැඩේ ඩි. මොකද episode එකෙන් episode එකේ කථාව වෙනස් වුණත් ඒ වෙත ආරම්භයේ දී පොළඹවන එකම Tool ඒක තමයි තේමා ගීතය.

saman 250427
කොහෙන් ආව අදහසක් ද මන්දා නිහාල්ට ඔලුවට ආවේ සමන් ද සිල්වාව. මම හිතනවා සමන්ගේ ගැඹුරු වගේම නාගරික උප සංස්කෘතික ජන ශෘතිය ගෑවුණු හඬ නිහාල්ව පොළඹවන්න ඇති කියලා අද මට හිතෙනවා.
මට මතක හැටියට ගීතය ලිව්වේ ශාන්ත දේශබන්දු. සංගීතය කළේ කවුද කියලා හරියටම මතක නැහැ...රන්ජිත් නවරත්න වෙන්න පුළුවන්.

කොහොම හරි සමන් වැඩේ එළටම කළා.

ඊ ළඟ වැඩේ තමයි සමන්ගේ Professional Payment එක.

නිහාල් හොඳටම දන්නවා ඒ දවස් වල සමන් High rated Singer ඉතින් එයාගේ තත්ත්වයට ගැළපෙන fee එකක් දෙන්නම ඕන.

හිතලා හිතලා බැරිම තැන නිහාල් තීරණය කළා සමන්ගෙන්ම ඒ ගැන අහන්න.

නිහාල් : මචං, වැඩේට Thanks ! මට අමාරුයි ඔයාව තක්සේරු කරන්න. ඒත් මට ඔයාම කියන්න...කොහොම ද ගණන කියලා...?

Saman da Silva 1200px 2023 07 02
සමන් : (ගත්තු කටටම) නිහාල් ! මම කොහොම ඔයාට ගණන් කියන්නේ...අනෙක මම කොහොම ද ඔයාගෙන් සල්ලි ගන්නේ...?? මට ඔයාගේ මේ වැඩේට දායක වෙන්න ආරාධනා කරපු එක මට හරිම සතුටුයි. ඔයා වැඩේ කරගන්න. මගේ pay එක ගැන ඔයා පොඩ්ඩක්වත් worry වෙන්න එපා...
නිහාල් : ඒ වුණාට මචං...එහෙම හරි නැහැ නේද...?

සමන් : පිස්සුද මචං...ඔයා ගැන මම දන්නවනේ...මගේ කටහඬ මගේ ගානේ ඔයාට දෙන තෑග්ගක් හොඳේ...!

නිහාල් : (කඳුළු පිරුණු ඇස් වලින් සමන්ව වැළඳ ගන්න ගමන්) Thank you saman !

සමන් එදා ආපසු ගියේ සෑහෙන වෙලා ගත කරලා අඩියකුත් ගහලා.

(සටහන | ධර්මජිත් පුණර්ජීව)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...