BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මගේ කතාව ලෝකයට දෙන්න මට ඕන වුණා | ලේඛක, පොතුවිල් අස්මින්

T

The Leader Desk

May 1, 2025 • 8:37 AM

මගේ කතාව ලෝකයට දෙන්න මට ඕන වුණා | ලේඛක, පොතුවිල් අස්මින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “දෙවියන් විසින් ලියූ කවි පොත ජලයයි පොතේ ඇසුරුම් කතාව මුහුද විසින් ලියා තිබේ ආරම්භක කතාව ඇදහැලෙන දියඇලි විසින් සම්පූර්ණ කර තිබේ.ගඟ, ඇළ, වැව, දොළ, ලෙසින් පොතේ අන්තර්ගතය විහිදෙයි”
  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දෙමළ කවියෙකු සහ ප්‍රකට සිනමා ගීත රචකයෙකු වන පොතුවිල් අස්මින්ගේ ජීවිත කතාව “POTTUVIL ASMIN: From Pottuvil to the World – A Global Tamil Voice” නමින් දැන් ප්‍රකාශයට පත් කොට ඇත.
  •   පොතුවිල්හි සිට ලෝකය වෙත ඔහුගේ අභිමානවත් ගමන දැක්වා මෙහි ඇත.
  • එසේම දෙමළ සාහිත්‍යය, සිනමාව සහ සංස්කෘතිය පිළිබඳ ඔහුගේ ගෝලීය දායකත්වය මේ පොත මඟින් පාඨකයන්ට සාක්ෂියක් ලෙස තිළිණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ පොතුවිල් අස්මින්ගේ ජයග්‍රාහී කාව්‍යයක් වන “ජලය කියවමු…!” හි එන පැදි පෙළකින් උපුටා ගත්තකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දෙමළ කවියෙකු සහ ප්‍රකට සිනමා ගීත රචකයෙකු වන පොතුවිල් අස්මින්ගේ ජීවිත කතාව “POTTUVIL ASMIN: From Pottuvil to the World – A Global Tamil Voice” නමින් දැන් ප්‍රකාශයට පත් කොට ඇත.

ගෝලීය දෙමළ ප්‍රජාව සඳහා සාහිත්‍යමය ලියවිල්ලක් වශයෙන් මෙය ඉතා වැදගත්ය.

 

szdghrfhd


පොතුවිල්හි සිට ලෝකය වෙත ඔහුගේ අභිමානවත් ගමන දැක්වා මෙහි ඇත. එසේම දෙමළ සාහිත්‍යය, සිනමාව සහ සංස්කෘතිය පිළිබඳ ඔහුගේ ගෝලීය දායකත්වය මේ පොත මඟින් පාඨකයන්ට සාක්ෂියක් ලෙස තිළිණ වේ. ලේඛක – පොතුවිල් අස්මින් සමඟ කළ සාකච්ජාව මෙසේ දිගහරිමු.

පොතුවිල්වලට ඔබේ සබඳතාව මුලින්ම කතා කරමු?

පොතුවිල් අස්මින්:
මං උපන්නේ 1983 අවුරුද්දේ. පොතුවිල් කියන්නේ මගේ උපන් ගම. ඒ විතරක් නොවෙයි, මම හැදුණු, වැඩුණු මට මගේ ජීවන අඩිතාලම ලැබුණ් මේ ගම නිසයි. ගහකට පොත්තක් කොයි තරම් බැඳීමක් තියෙනවාද? ඒ තරම් ලොකු බැඳීමක් මගේ උපන් ගම වන පොතුවිල් සමඟ මට තියෙනවා.

පොතුවිල් ගම ඔබ කවියෙකු ලෙස තනන්නට යොමු කළේ කොහොමද?

 

channels4 profile
පොතුවිල් අස්මින්:

ඒ පළාතේ හිටිවන කවිකාරයෝ, විරිඳුකාරයෝ ගොඩක් ඉන්නවා. විශේෂයෙන් මඩකලපුවේ නොයෙක් ආකාරයේ කවිකාරයෝ ඉන්නවා. මගේ පියාගේ පියා ඉන්දියානු ජාතිකයෙක්. ඉන්දියාවේ රාමනාදපුරම් දේව්පට්නම් තමයි එයාගේ උපන් ගම. එයා කවි කියනවා. සීයගේ මල්ලි කෙනෙක් හිටියා එයා කවි ලියනවා. මේ කවි මගේ ලේවල තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මට කවි ගැන ඇහුණා. ඒ වගේම කවි දැනුණා.

මගේ පියා නිතරම පත්තර සහ පොත් කියවන කෙනෙක්. ඒ නිසා ගෙදර නිතරම පත්තර ඇහැ ගැටෙන්න තිබුණා. ඒ වගේම අපේ ගෙදර පැය 24 ම රේඩියෝව දාලා. ඒ හින්දා නිතරම සින්දු ඇහුණා. මේ වටාපිටාව මං හිතන්නේ මා තුළ කවි ගොඩනැඟෙන්න ඉවහල් වුණා. පාසල් යන කාලේ පටන් මගේ කාව්‍ය නිර්මාණ ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ වුණා.

ඔබ අතින් රචනා වුණු වෙනත් දෙමළ කාව්‍ය ග්‍රන්ථ මොනවාද?

pottuvil2පොතුවිල් අස්මින්:

• “විඩියලින් රාගන්ගල්” (2001)

• “විදෙ තෙඩුම් විනාක්කල්” (2002)

• “පාඹුගල් කුලිකුම් නදී” (2013)

ඔබේ “POTTUVIL ASMIN: From Pottuvil to the World – A Global Tamil Voice” කෘතිය ලියුවේ ඇයි?

 

pottuvil1
පොතුවිල් අස්මින්:

මේ මගේ සිවු වන ග්‍රන්ථයයි. මම අවුරුදු 27ක් තිස්සේ සාහිත්‍ය‍ෙය්, කවියේ, මාධ්‍ය‍ෙය් වගේම සිනමාවේත් සජීවීව නිර්මාණකරණයේ නියැළෙනවා. ඒ වගේම අවුරුදු 15ක් තිස්සේ මම ඉන්දියානු සිනමාව වෙනුවෙන් ගීත ලිවීමේ කාර්යයේ නියැළෙනවා. මගේ මේ කවි සහ සින්දු මේ වන විට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වගේම මට බොහෝ සම්මාන සහ විවිධාකාර ඇගයීම් ප්‍රශංසා ලැබුණා. ඒ නිසා මම කල්පනා කළා මම ගැනත්, මගේ නිර්මාණ ගැනත් විශ්ව ප්‍රජාවට ලිඛිතව වඩාත් හොඳින් දැනගන්න නම් මෙවන් ආකාරයට පොතක් ලියන්න ඕනෑ කියලා මම හිතුවා. ඒ වගේම මම ගැන වඩාත්ම හොඳින්ම දන්න කෙනාත් මමනේ. ඒ නිසා මෙය මමම ලියා නිම කරන්න තීරණය කළා.

 

මම හිතන්නේ මේ ජීවිත චරිතය, පොතුවිල් සිට ලෝකය වෙත මගේ අභිමානවත් ගමන එළිදැක්වීමක්. දෙමළ සාහිත්‍යය, සිනමාව සහ සංස්කෘතිය පිළිබඳ මගේ ගෝලීය දායකත්වය මේ පොත තුළින් පාඨකයන්ට සාක්ෂියක් ලෙසට තිළිණ කරන්න ඕනෑ කියලත් මම හිතුවා.

කවිය ඔබට දැනෙන්නෙ කොහොමද?

S2giLGCh 400x400
පොතුවිල් අස්මින්:
කවිය කියන්නේ මගේ ආත්ම භාෂණය කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මගේ හදවතෙන් උපදින දේවල්වල ප්‍රකාශන මාධ්‍ය කවිය. ඒ වගේම සින්දුත් කියන්න පුළුවන්. මම පොඩි කාලේ කවදාවත් හිතුවේ නෑ මම ලොකු වුණාම කවි නිර්මාණ ලියන කෙනෙක් වෙනවා කියලා. ඒත් මටත් නොදැනීම මම කාව්‍ය පද බඳින්නෙක්, නිර්මාණකරුවෙක් වුණා. ඒ ගැන මට සතුටුයි.

ඔබ සිනමාවට සම්බන්ධ වූයේ කෙසේද?

පොතුවිල් අස්මින්:

විජය ඇන්ටනී ඔහු සංගීතය කළ “Naan” චිත්‍රපටයට ගීත රචකයෙකු තෝරාගන්න විශ්වීය මට්ටමින් තරගයක් පැවැත්වූවා. ඊට, 20,000කට වැඩි තරගකරුවන් පිරිසක් ඉදිරිපත් වෙලා හිටියා. ඒ සියල්ල අතරින් ජයග්‍රහණය හිමි වූයේ මටයි. ඒ මම රචනා කළ “තාප්පෙල්ලාම් තප්පේ ඉල්ලයි” ගීතය වෙනුවෙන්. මෙතැනින් පටන් ගත් මම Tamil සිනමාව වෙනුවෙන් ගීත රචනා කරන්න පටන් ගත්තා. මම ගීත ලියා තිබූ පළමු චිත්‍රපටය වූයේ “Endha Nerathilum” ඒ (2017) දී.

එතැනින් පටන් ගත් මම කලා, සාහිත්‍යය, මාධ්‍යය සහ සිනමාවට මේ වන විට වසර 27කට වැඩි කාලයක් දායකත්වය ලබා දීලා තියෙනවා. මේ වන විට මම සිනමාපට 40කට වඩා වැඩි ප්‍රමාණයකට ගීත ලියා තියෙනවා.

ඔබට හිමි වූ ජාත්‍යන්තර ඇගයීම් සහ වෙනත් ඇගයීම් පිළිබඳ ඔබට යම් අදහසක් ඇති?

පොතුවිල් අස්මින්:
ඔව්. දෙමළ කවියෙකු වන වෛරමුතු විසින් සකස් කළ, අගමැති එම්. කරුණානිධි මහතාට ළමයින් සන්සුන් කිරීම සඳහා නිර්මාණය කළ “කලාඥර් 100 කවි තෛගල් 100” සංග්‍රහයේද මගේ නිර්මාණ ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මගේ “වානේ ඉඩින්දතම්මා” ගීතය, තමිල්නාඩුවල හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා මියගියාට පස්සේ ඇගේ ස්මාරකයේ මාස දෙකකට වඩා නිරන්තරයෙන් වාදනය වූ ගීතය බවට පත් වුණා. මේ ගීතය බොහෝ දෙනාගේ සිත් සොරාගන්නට සමත් වුණු ගීතයක් වුණා.

 



ඒ වගේම ශ්‍රී ලංකාවේ නිපදවූ වැඩිම නැරඹුම් ගණනක් ලැබූ දෙමළ ගීතය වුණු “අය්‍යෝ සාමීනී එණක්කූ වෙණාම්” මේක මගේ නිර්මාණයක්.

 

GKLKmq3WQAUBeJh

ජාතික හා ජාත්‍යන්තර සම්මාන 30කට වඩාවැඩි ගණනක් මට ලැබිලා තියෙනවා. 2003 දී, ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් පැවැත්වූ ජාතික කවි තරගයේ “රන් පදක්කම” හිමිවුණා. දෙවරක් ජනාධිපති අතින් සම්මාන ලැබුවා. 2019 දී, ශ්‍රී ලංකා රජය මට “Kalaichudar” නාම උපධිය පිරිනැමුවා.

GKLKmtrWQAshIM

 

එම වසරේම, කාම්බෝජයේ පැවැතුණු ලෝක කවියන්ගේ සමුළුවේදී “Sarvadesiya Kavi Yamarasu Kannadasan Award” දිනාගත්තා.

2011 දී, මැලේසියාවේදී Kavikko Abdul Rahman මූලිකත්වයෙන් පැවැත්වූ ජාත්‍යන්තර කවියන් රැස්වීමේදී, මගේ කවි ප්‍රශංසාවට ලක් වුණා.

ගෝලීය දෙමළ කාව්‍ය හා ගීත රචනා ක්ෂේත්‍රයට මා ලබා දුන් දායකත්වය වෙනුවෙන් කාම්බෝජ කලා හා සංස්කෘතික අමාත්‍යාංශය විසින් “ජාත්‍යන්තර කවි‍ය රසූ කන්නදසන් සම්මානය” පිරිනැමුවා. ඒ වගේම “මුට්ටකාන්නි” නමින් ඇති දෙමළ සංගීත ඇල්බමයට, ශ්‍රී කාන්ත්දේවා විසින් සංගීතය සැපයීමත් එය මුල්ලෛ සසි විසින් ගායනය කිරීමත් එක්කම, 2025 ජාත්‍යන්තර ගායන-ගීත රචකයන්ගේ සංගමය (ISSA Awards) ශ්‍රේෂ්ඨතම වීඩියෝ ගීතය සහ ශ්‍රේෂ්ඨතම ගීත රචකයා යන ප්‍රධාන කාණ්ඩ දෙකෙහි නාමයෝජනා ලබා දුන්නා. මේ ආකාරයට ලැබූ සම්මාන සහ ඇගයීම් බොහෝමයක් තියෙනවා. ඒ වගේම ජනප්‍රිය වුණු නිර්මාණ බොහෝමයක් තියෙනවා.''

( සටහන | ශ්‍යාමා සමරසිංහ)
ඡායාරූප – නිශ්ශංක විජේරත්න

උපුටා ගැනීම - dinamina

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...