BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දේවි කුසුමාසන : ඉතිහාසයට නොරිදවා ඉතිහාසය වෙනස් කළ මිනිසා පිළිබඳ කතාව

T

The Leader Desk

May 5, 2025 • 11:53 AM

දේවි කුසුමාසන : ඉතිහාසයට නොරිදවා ඉතිහාසය වෙනස් කළ මිනිසා පිළිබඳ කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම සිනමා නිර්මාණය "දේවී කුසුමාසන" මැයි 15 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිත.
  • වෙන විදිහකට කියනවනම් ඉතිහාසය ප්‍රතිනිෂ්පාදනය කරන එක.
  • එම නිර්මාණය සම්බන්ධයෙන් සිනමාවේදී අශෝක හඳගම සිය මුහුණුපොතේ තැබූ සටහනක් පහතින්     "කැණීම් හරහා ලබා ගන්න පුරාවස්තු සහ නටබුන් ඔස්සේ ඉතිහාසය සොයා යාම තමයි පුරාවිද්‍යාව කියන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම නිර්මාණය සම්බන්ධයෙන් සිනමාවේදී අශෝක හඳගම සිය මුහුණුපොතේ තැබූ සටහනක් පහතින්


 WhatsApp Image 2025 05 05 at 3.20.13 PM

 

"කැණීම් හරහා ලබා ගන්න පුරාවස්තු සහ නටබුන් ඔස්සේ ඉතිහාසය සොයා යාම තමයි පුරාවිද්‍යාව කියන්නේ. එහෙම හොයා ගන්න ඉතිහාසය කියන්නෙම දැනුමක්.

 
දැනුම අපක්ෂපාතී නැහැ. එය බලය, භාෂාව, දෘෂ්ටිවාදය වගේ දේවල් මත රඳා පවතිනවා. කටකතා, කතන්දර ඔස්සේ එළිදරව් වෙන ඉතිහාසය පිළිබඳ දැනුමත් ඒ වගේ තමයි.
 
“ඉතිහාසයට නොරිදවා ඉතිහාසය වෙනස් කළ මිනිසා පිළිබඳ කතාව……”
 
devi kusumasana 1
ඉතිහාසය කියන්නෙම ප්‍රබන්ධයක්. කතාන්දරයක්. ඉතිහාසය වෙනස් කරනවා කියන්නේ තිබුණු කතාන්දරය වෙනුවට, වෙනත් කතාන්දරයක් කියන එක. මෙච්චර කල් ඉතිහාස කතා කියලා හැදුනේත් තියෙන කතාන්දරම විවිධ මාධ්‍යවලින් නැවත කියන එක. වෙන විදිහකට කියනවනම් ඉතිහාසය ප්‍රතිනිෂ්පාදනය කරන එක.
කතාවක් තියෙන විදිහට නැතුව වෙන විදිහකට කියනවා කියන්නේ සමහරුන්ට හිත රිදෙන අභ්‍යාසයක්. පැරණි කතාව සත්‍යයක් විදිහට අදහන්නේ නැති කෙනෙකුට විතරයි එය දරාගන්න පුළුවන්.
devi kusumasana 2
ජයන්ත චන්ද්‍රසිරි අපේ සිනමාවේ හමුවෙන ශූර කතන්දරකරුවෙක්. අපි අහපු කතාවක් උනත් ජයන්ත කියන කොට ඒක අහගෙන ඉන්න ආසයි. දේවී කුසුමාසන හෙවත් දෝන කතරිනා අවුරුදු තිස් ගාණක් තරම් පොඩි කාලයක් ජීවත් වෙලා ඉතිහාස ගත වුණ ගැහැණියක්.
devi kusumasa 3
 
ඉන්ද්‍රජාලික වගේ පෙනෙන සිනමා කතා ආකෘතියකින් ජයන්ත කියන මේ ඉතිහාස කතාවේ වෙනස මොකක්ද?

LYCA නිෂ්පාදනය, ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය
 
අශෝක හඳගම 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...