BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නෙෆර්ටිටි හා ප්‍රේමයෙන් බැඳි රාජකීය ප්‍රතිමා ශිල්පියා - අතුරුදන් වූ තුත්මොස්

T

The Leader Desk

May 10, 2025 • 11:57 AM

නෙෆර්ටිටි හා ප්‍රේමයෙන් බැඳි රාජකීය ප්‍රතිමා ශිල්පියා - අතුරුදන් වූ තුත්මොස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුත්මොස් සහ එයාගේ ප්‍රතිමා වැඩපළ ගැන ඊජිප්තු පැපිරස් ලේඛණ වල සඳහන් වෙන්නේ අමර්ණ යුගයේදීයි.
  • ඒ වුණත් අඛ්නාටන් සහ නෙෆර්ටිටිගේ ප්‍රතිමා ශිල්පියා වුණු තුත්මොස් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන සජීවී ලෙස නෙලපු රජ පවුලේ ප්‍රතිමා හේතුවෙන් ඔහුව ”රජුගේ ප්‍රියතම, වැඩෙහි අධිපති ප්‍රතිමා ශිල්පී” යන විශේෂ ගෞරව නාමයෙනුත් හඳුනවලා තියෙනවා.
  • නමුත් ගවේෂණ වලට අනුව අමර්ණ යුගයේ කෙටි රාජ්‍ය සමය අවසන් වීමත් එක්ක, සිදුකෙරෙමින් තිබු නිම නොවූ ප්‍රතිමා රැසක් එක්ක මෙම වැඩපළ එකවර අතර දමා ගිය බවක් තමයි පෙනෙන්න තියෙන්නේ.
  • මේ අතර මව් රැජින ටියේ, මහා රැජින නෙෆර්ටිටි, මහා ප්‍රියාදර භාර්යාව ලෙස හැඳින්වුණු අඛ්නාටන්ගේ දෙවැනි රැජින සහ උප බිසවක් වූ කියා, නෙෆර්ටිටිගේ දියණියන් සහ අඛ්නාටන් සහ නෙෆර්ටිටිගේ යුගළ ප්‍රතිමාත් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැම කාලෙකදිම වගේම අමර්ණ යුගයේදීත් චිත්‍ර ශිල්පීන්ට සහ ප්‍රතිමා නෙලන්නන්ට කටයුතු කරන්න සිද්ද වුණේ එවකට බලයේ හිටපු පාරාවන්ගේ සම්ප්‍රදායනුකුල නීති අනුව. ඒ වුණත් අඛ්නාටන් සහ නෙෆර්ටිටිගේ ප්‍රතිමා ශිල්පියා වුණු තුත්මොස් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන සජීවී ලෙස නෙලපු රජ පවුලේ ප්‍රතිමා හේතුවෙන් ඔහුව ”රජුගේ ප්‍රියතම, වැඩෙහි අධිපති ප්‍රතිමා ශිල්පී” යන විශේෂ ගෞරව නාමයෙනුත් හඳුනවලා තියෙනවා.

Screenshot 2025 05 10 at 4.56.05 PM
පුරාවිද්‍යා කැණීම් වලට අනුව තුත්මොස්ගේ ප්‍රතිමා වැඩපළ පිහිටලා තිබිලා තියෙන්නේ පාරාවන්ගේ මාළිගාවෙන් පිටත ප්‍රදේශයේ දකුණට වෙන්න. කැණීම් වලට අනුව මේ වැඩපළ විවිධ ප්‍රතිමා නෙලීම් කාර්යයන් සඳහා කුටි විශාල ගණනකින් සමන්විත වුණු ගොඩනැගිල්ලක්. එහි ප්‍රතිමා නෙලන්න වැඩියෙන්ම භාවිතා කරලා තියෙන්නේ හුණුගල්, කිරිමැටි සහ දැව. නමුත් ගවේෂණ වලට අනුව අමර්ණ යුගයේ කෙටි රාජ්‍ය සමය අවසන් වීමත් එක්ක, සිදුකෙරෙමින් තිබු නිම නොවූ ප්‍රතිමා රැසක් එක්ක මෙම වැඩපළ එකවර අතර දමා ගිය බවක් තමයි පෙනෙන්න තියෙන්නේ.

තුත්මොස්ගේ ප්‍රතිමා කලාව පිළිබඳව කතා කලොත් ඔහු අතින් වැඩියෙන්ම නිම වෙලා තියෙන්නේ රජ පවුලේ ප්‍රතිමා. මේ අතර මව් රැජින ටියේ, මහා රැජින නෙෆර්ටිටි, මහා ප්‍රියාදර භාර්යාව ලෙස හැඳින්වුණු අඛ්නාටන්ගේ දෙවැනි රැජින සහ උප බිසවක් වූ කියා, නෙෆර්ටිටිගේ දියණියන් සහ අඛ්නාටන් සහ නෙෆර්ටිටිගේ යුගළ ප්‍රතිමාත් තියෙනවා. මේ උඩුකය ප්‍රතිමා වලින් සමහරක් ඒවා මුහුණ, උඩු කොටස, අත් කකුල්, යටි කොටස, ඔටුන්න යනාදිය වෙන වෙනම නිමවලා පසුව ඒවායෙහි ශිලාමය ඇබ තුළට බැස්සවීමෙන් එකිනෙකට පුරුද්දා සම්පුර්ණ ප්‍රතිමාවක් ලෙස නිමවා ඇති බව Egyptian 18th Dynasty Nefertiti 14th century BC queen consort of Pharaoh Akhenaton limestone MeisterDrucke 1056082 1 පෙනෙන බව පැවසෙනවා.

තුත්මොස්ගේ ප්‍රතිමා කලාවේ අග්‍රගණ්‍ය කළා කෘතිය විදිහට අදටත් සැළකෙන්නේ නෙෆර්ටිටිගේ උඩු කය ප්‍රතිමාව. මාංශ පේෂීන්, මුහුණේ ඉරියව් සහ වයස දක්වන රැලි ඇතුළුව ඉතාම සජීවීව නිරූපිත නෙෆර්ටිටිගේ විවිධ වයස් සිමාවන්ගේ ප්‍රතිමාත් තුත්මොස්ගේ කලාකෘති අතර දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම නෙෆර්ටිටිගේ ප්‍රතිමා නෙළන්න කළින් තුත්මොස් ඒ සඳහා දළ සැකැස්මක් සහ දළ ප්‍රතිමාවක් කපලා එය කෙසේ විය යුතුදැයි නිරික්ෂණයක නියැලුණු බව දක්වන ඔහුගේ වෘතිමය නිපුණත්වය පෙන්වන ඒ වගේ දළ උඩුකය ප්‍රතිමාත් මේ වැඩපළේ නෂ්ඨාවශේෂ අතරින් සොයාගෙන තියෙනවා. නෙෆර්ටිටි ගේ වඩාත් ප්‍රසිද්ධ උඩුකය ප්‍රතිමාව එහි දෙතොල් තද රතු පැහැයෙනුත් ගෙල සහ මුහුණ රන්වන් වැලි යොදාගනිමින් දිදුලන රන්වන් පැහැයෙනුත් නිමවා ඇයගේ ප්‍රියතම නෙෆර් පබළු පළඳනාව ද ඊට එක්කොට තිබෙනවා. ඒ වගේම ඇයගේ හකු ඇට සහ උගුරු දණ්ඩ පවා ඉතාම සජීවීව නෙලන්න තුත්මොස් සමත් වෙලා තියෙනවා.

Screenshot 2025 05 10 at 4.55.48 PMඔහු විසින් නිමවපු තවත් ප්‍රතිමාවක් ලෙස සැළකෙන, අමර්ණ යුගයේ පාරාවන්ගේ මව වූ ටියේ රැජිණගේ උඩුකය ප්‍රතිමාවක් මේ වන විට ජර්මනියේ බර්ලින් හි ඊජිප්තියානු කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. රැජිනගේ රාජකීය පළදනාව වූ ද්විත්ව පිහාටු පළඳනාව එහි හොඳින් නිරූපිත අතර මව් රැජිනගේ වයස ඉතා හොඳින් පෙන්වන කම්මුල්වල රැලි පවා එහි සජීවීව නිරූපිතයි.

ඒ අනුව තුත්මොස් කියන්නේ කලාවට සැබෑ අරුතක් එක් කිරීමට උත්සාහ කළ ප්‍රතිමා ශිල්පියෙක් ලෙස හඳුනා ගැනෙනවා. ඒ එම ප්‍රතිමාවල තියෙන ඔහුටම අනන්‍ය වූ සජීවී බව නිසා. පුරාවිද්‍යා ගවේශකයින් කරපු සොයාගැනිමකදී ඔවුන්ට තුත්මොස් විසින් භාවිතා කරන්න ඇති බව සැළකෙන ප්‍රතිමා හිස් අච්චු 22ක් එම වැඩපළ තුළ තිබිලා හමුවෙලා තියෙනවා. ඒ අනුව ඔහු ප්‍රතිමා අච්චු ගබඩාවක් පවත්වාගෙන ගිහින් තියෙන බව හඳුනා ගැනෙනවා. මේ අච්චු අතරේ අඛ්නාටන් පාරාවන්ගේ, තුන්වැනි ඇමෙන්හොටෙප් පාරාවන්ගේ, කියා රැජිනගේ, ආයි ගේ සහ පාරාවන්ගේ දියණිවරුන් කිහිපදෙනෙකුගේ උඩුකය ස්වරූප තිබුණු බව පැවසෙනවා.

එනිසාම තුත්මොස් රාජකීය පවුලට ඉතා සමීපව , ඔවුන්ගේ රාජ්‍ය පාලනයට පවා යම් බලපෑමක් ඇති කල හැකි තත්වයක සිටි කලාකරුවෙක් බව අනුමාන කෙරෙනවා. තුත්මොස් නෙළන ලද යුගල ප්‍රතිමාවක අඛ්නාටන් පසෙක සිටින නෙෆර්ටිටිගේ එකළ සිරුරේ ස්වරූපය ඔහු සජීවී ලෙස නිමවා තිබෙනවා. දරුවන් කිහිප දෙනෙකුට උපත ලබා දීමෙන් පසු මදක් ඉදිරියට නෙරා ආ උදරය, සිහින් වූ කලවා, වැහැරුණු පියයුරු යනාදි වියපත් ලකුණු එලෙසම ඔහු එහි නිමවා තිබෙනවා.පැරණි ඊජිප්තු රාජකීයන් නිතරම තරුණව සහ සුන්දරව තම රූප නිර්මාණය කරගැනීමට වග බලාගත්තත් නෙෆර්ටිටි එම සම්ප්‍රදාය නොසළකා අත්ම විශ්වාසයෙන් යුතුව සිය වැහැරුණු බවේ ලක්ෂණ සජීවීව නෙළීමට තුත්මොස්ට ඉඩ දී ඇති බවක් මේ ප්‍රතිමාවෙන් නිරූපණය වෙනවා.


Screenshot 2025 05 10 at 4.55.35 PM
මේ අසාමාන්‍ය තත්වය අසාමාන්‍ය බැඳීමක් නෙෆර්ටිටි සහ තුත්මොස් අතර තිබුණු බවට යම් ඉඟියක් බවට විද්වතුන් මත පළකරනවා. ඒ අනුව මොවුන් සැක පළකරන්නේ මොවුන් දෙදෙනා අතර පැවති රහස් ප්‍රේමයක් හේතුවෙන්, රැජිනගේ සිරුරේ සෑම අංගයක්ම හොඳින් දැකපුරුදු කෙනෙකු ලෙස තුත්මොස් මෙම ප්‍රතිමා මෙතරම්ම සජීවීව නිමවා ඇති බවයි. කොහොමවුණත් අමර්ණ යුගය අවසන් වීමත් එක්ක ඇතිවුණු කිසියම් ගැටළුවක් හේතුවෙන් සිදුවුණු සිත් බිඳීමක ප්‍රතිපලයක් ලෙස තුත්මොස් මෙලෙස ප්‍රතිමා වැඩපළ හදිසියේ අතැර දමා අතුරුදන්ව ඇති බවක් පෙන්නුම් කරන බව පුරාවිද්‍යා ගවේශකයින් පවසනවා. එම යුගයෙන් පසු ඉතිහාසය තුල තුත්මොස් නම් විශිෂ්ඨ ප්‍රතිමා නෙළන්නා ගැන කිසිදු හෝඩුවාවක් නැහැ.

relief battle of meggido bust pharaoh thutmose iii
අමර්ණ යුගයේ කලාව තුළ තුත්මොස් අතින් සිදුවුණු තවත් විප්ලවීය වෙනසක් වෙන්නේ එතෙක් රජුට වඩා අඩු උසකින් නිරූපණය කෙරුණු රැජින, තුත්මොස්ගේ කාලය තුල සමාන උසකින් නිරූපණය කිරීමයි. ඒවගේම එතෙක් රැජිනව වර්ණ ගන්වා තිබුණේ රජුට වඩා අඩු පැහැපත් බවකින්. එහෙත් තුත්මොස් එය වෙනස් කරමින් දෙදෙනාම එකම පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කොට තිබෙනු පෙනෙනවා. මෙය ඊජිප්තුවේ ද්වි රූප කලාවට නව, විප්ලවීය මුහුණුවරක් දෙන්න ඇති කියලා විශ්වාස කෙරෙනවා. ඒත් සමහරෙක් මත පළ කරන්නේ අමර්ණ යුගය තුලදී අඛ්නාටන් හා සමාන බලයක් නෙෆර්ටිටි ත් දරපු නිසා ඒ සමාන බාවයෙන් නිරූපණය වෙන්නේ ඒ සමාන බලය කියලයි.


කොහොමවුනත් ඊජිප්තු රාජකීයන්ගේ විශිෂ්ඨතම සහ සජිවීම ප්‍රතිමා නිමවෙලා තියෙන්නේ තුත්මොස් කියන කලාකරුවා අතින් කියන එක අවිවාදිතයි. ඒත් ප්‍රේමයත් බලයත් අතර කිසියම් රහසක් ඔහුව ඉතිහාසයෙන් අතුරුදන් කොට තිබීම තවමත් අභිරහසක් !    

 

 

සටහන : Yesha Fernando

Yesha F

 

 

 

 

 

සබැඳි ලිපි:  

ගිබ්ලි vs ඇමරිකන් AI

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර් 

බැන්ක්සි බලපෑම 

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු 

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...