BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඉන්දියානු ෆ‍්‍රීඩා - අම්රිතා ෂෙර් ගිල්

T

The Leader Desk

May 13, 2025 • 8:41 AM

ඉන්දියානු ෆ‍්‍රීඩා - අම්රිතා ෂෙර් ගිල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක වගේ දෙදෙනෙක් මේ ලෝකේ ඉන්න පුළුවන්ද? එක වගේම නොවුණත් සමහරවිට එකම උමතුව බෙදාගන්න මිනිස්සු මේ ලෝකේ ඉන්න පුළුවන්.
  • ෆ‍්‍රීඩා ගේ නිදහස් කලා සහ සාමාජීය හැසිරීම ඒ විදිහටම  අම්රිතා ළඟත් දකින්න තිබුණු බව තමයි පැවසෙන්නේ.
  • 1913 වසරේදී හංගේරියානු ජාතික මවකට සහ ඉන්දියානු ජාතික පියෙකුට දාව අම්රිතා උපත ලබන්නේ හංගේරියාවේදි.
  • ඇයගේ චිත‍්‍ර කලාව වැඩි දියුණු කරන්න ඇයව පැරීසියේ ලලිත කලා පාසලකට ඇතුළත් කළත් එහි සම්ප‍්‍රදායන්ට කොටු වූ චිත‍්‍ර කලාවට ඇයගේ කැමැත්තක් ඇති වුණේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කලාව ඇතුළෙත් ඒක එහෙමයි. අම්රිතා ෂෙර් ගිල් - හැඳින්වෙන්නේ ඉන්දියාවේ ෆ‍්‍රීඩා කාලෝ විදිහට. ෆ‍්‍රීඩා ගේ නිදහස් කලා සහ සාමාජීය හැසිරීම ඒ විදිහටම  අම්රිතා ළඟත් දකින්න තිබුණු බව තමයි පැවසෙන්නේ.

USG 441913 වසරේදී හංගේරියානු ජාතික මවකට සහ ඉන්දියානු ජාතික පියෙකුට දාව අම්රිතා උපත ලබන්නේ හංගේරියාවේදි. කුඩා කළ ඉදන්ම ඇය පාලනය කිරීමට අපහසු විප්ලවකාර දැරියක්. ඇයව එක් තැනකට කොට තබන්නට හැකි එකම දෙය වුණේ චිත‍්‍ර. ඇය පාසල් යන්න කැමැත්තක් නොදක්වුවට උපතින්ම අපුරු බුද්ධි ප‍්‍රභාවක් ගෙන ආපු අයෙක්. ඇයගේ චිත‍්‍ර කලාව වැඩි දියුණු කරන්න ඇයව පැරීසියේ ලලිත කලා පාසලකට ඇතුළත් කළත් එහි සම්ප‍්‍රදායන්ට කොටු වූ චිත‍්‍ර කලාවට ඇයගේ කැමැත්තක් ඇති වුණේ නැහැ. පසුව ඇය චිත‍්‍ර කලාව පුරුදු පුහුණු වෙන්න පැරිසියේ Ecole Nationale des Beaux Art ආයතනයට ඇතුළත් වුණා. එහිදී තමන්ගේ නිදහස් මානසිකත්වයෙන් සිය අනන්‍යතාවය සොයාගත් ඇය අඟුරු භාවිතයෙන් පිරිමි සහ ගැහැණු සිරුරු වල සිතුවම් සිය ගණනක් එහිදී නිර්මාණය කළා. එහිදී සිතුවම් ප‍්‍රදර්ශනයක්ද පැවැත්වූ ඇයගේ පුර්ණ කුසලතාවයන් හේතුවෙන් වයස විස්සක් වැනි ඉතාම අඩු වයසකදී එහි කලා කෞතුකාගාරයක හවුල්කාරිනියක් බවට පත්වුණා.

portrait amrita sher gil aware women artists artistes femmes

 

1935 වසරේදී ඇය ඉන්දියාවට ආවේ සිය මුල් ඇති රට තුල තම චිත‍්‍ර කලාව වර්ධනය කරගන්න වගේම එරට තුල සිය කලාව පතුරුවා හරින්න. එහිදී ඇයගේ සිත වඩාත් ඇද බැද ගෙන තිබුණේ අජන්තා සහ එලෝරා ගුහා චිත‍්‍රයි. ඒවායෙහි ඇති අනුරාගය ඇය තුළ නව ගිනි පුපුරක් දල්වනු ලැබුවා. ඉන්දියානු විසිතුරු සාරි සහ ආභරණ වලින් සැරසී සිටින තමාගේම ආලේඛ්‍ය සිතුවම් වගේම තමන්ගේම නග්න සිරුරේ විවිධ ඉරියව් විධි දක්වන මිනිස් හැඟීම් අවුස්සන සිතුවම් ඇයගේ අනන්‍යතාවය වුණා. ඇයගේ මේ ශෛලිය සහ නිදහස් ගති පැවතුම් එවකට ඉන්දියානු කලා ලෝකය කළඹවනු ලැබුවා.

 

1 OHRxnna4CnKoyppzB50UXw

තමන්ගේ කලා දැනුම සපුරා ගන්න ඇය ඉන්දියාව පුරා සංචාරය කළා. එතෙක් ඉන්දියානු කලාකරුවන් අතින් සැඟවී තිබුණු එහි දිවියේ දුක්ඛිත බව අම්රිතා අතින් සිතුවමට නැගුණා. ඇය ඇයගේම මෙහෙකාරියන් නිරූපිකාවන් ලෙස ගෙන එම දුක්ඛිතබාවය තුලින් පවා සුන්දරත්වය විදහා පෙන්නුවා. එවකට ඉන්දියාවේ තිබු ධනපති කුල ක‍්‍රමය හා පාලනය ඇය සිය සිතුවම් ඔස්සේ අභියෝගයට ලක් කළා. ඇය ගත කල ජීවිතයම ඇය උමතුවෙන් කියල ඔවුන් විසින් ඇයව හංවඩු ගසන තැනට නිදහස් ජීවිතයක්. ඇය පුරුෂ මූලික ඉන්දියාව තුළ එම සමාජ ක‍්‍රමයට අභියෝග කරන ප‍්‍රබල ස්ත‍්‍රී සංකේතයක් වුණා. එරට කලාව තුළ පිරිමින්ගේ ආධිපත්‍යට ඇය අභියෝග කළා. ඇය තමන්ගේ කලා නිර්මාණ තුලින් ලිංගිකත්වය ගැන නොබියව අදහස් පළ කළා.

Lot 13 1626241684035

 

ඒ විතරක් නෙමෙයි ඇය තමන්ගේ ද්වි ලිංගික නැඹුරුව ප‍්‍රසිද්ධියේ පෙන්වූ අයෙක්. වරක් ඇය පැරිසියේ සිය කාමරය බෙදාගත් යෙහෙළිය හා සමරිසි ප්‍රේමයක වෙලී සිටියා. ඉන්දියාව තුළදීත් වරින් වර ඇයගේ ප්‍රේම කතන්දරල ඇයගේ සරාගී නිරූපණ සහ සිතුවම් ආන්දෝලානාත්මක තත්වයක් ඇති කළා.  
අම්රිතා ෂෙර් ගිල් වරක් මෙහෙම ප‍්‍රකාශයක් කළා ” යුරෝපය පිකාසෝට, මතිස්ට සහ බ‍්‍රාක් වැන්නවුන්ට අයිතියි. නමුත් ඉන්දියාව අයිති මට පමණයි.” අම්රිතාත්, ෆ‍්‍රීඩා මෙන් උසස් විලාසිතා රසයකින් යුතු වූ අයෙක්. ඇය විචිත‍්‍ර ආභරණ, සාරි සහ මල් වලින් නිතර සැරසුණා.

 

Painting Sleep 1932
ඇය 1938 වසරේදී තම හංගේරියානු ජාතික ඥාති සොහොයුරෙකු වූ වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන වික්ටර් ඊගන් හා විවාහ වෙලා ඉන්දියාවේ ෂිම්ලා නුවර වෙනවා. නමුත් ඉන් පසුවත් අයගේ මේ නිදහස් හා නොබිය කලා ප‍්‍රකාශන වල හෝ ඇයගේ ප්‍රේම චාරිකා වල වෙනසක් වෙන්නේ නැහැ. චිත‍්‍ර අදින එකට අමතරව ඇය තම පෙම්වතුන්ට සමීපතමයන්ට බොහොම අනුරාගී හා සුන්දර ලියුම් රැසක් ලියලා තියෙනවා. අම්රිතාගේ පවුලේ ඥාතියෙකු වන විවාන් සුන්දරම් නැමැත්තා පසුකාලීනව එම ලිපි එක් රැස් කරලා Amrita Sher- Gil - Self portraits in letters and writings නම් චරිතාපදානමය කෘතියක් ප‍්‍රකාශයට පත් කරලා තියෙනවා. එම කෘතියට පෙරවදන ලියලා තියෙන්නේ සල්මන් රුෂ්ඩි වන එක විශේෂත්වයක්. අම්රිතාගේ විප්ලවීය කලා ප‍්‍රකාශන වලින් ඉන්දියාවේ දුක්ඛදායක බාවය මතට හෙලපු ආලෝකය ගැන ඔහු එහි සඳහන් කරලා තියෙනවා.

 

shergil det scaled

අම්රිතාගේ දෙමව්පියන් සංස්කෘතින් දෙකක පුද්ගලයන් වීම නිසා අම්රිතාගේ සුන්දරත්වය වගේම අයගේ ආත්ම ප‍්‍රකාශනයත් අපුරු සුන්දරත්වයකිනුත්, කැරළිකාර බවකිනුත් යුක්ත වුණු එකක්. නමුත් ඇය නිරන්තරයෙන් තමන්ගේ ඉන්දියානු බව වැඩි වශයෙන් කැපී පේන්නට සලසපු අයෙක්. එනිසාම පැරිසීයේදී පැවැත්වූ චිත‍්‍ර ප‍්‍රදර්ශනදී ඇය දීප්තිමත් ඉන්දියානු සාරි වලින් සැරසී ඒ තුල තම අනන්‍යතාවය නිසි ලෙස පිළිඹිබු කළා.

bBrides Toilet

 

1936 වසර වසරේදී ඉන්දියාව තුල අයගේ චිත‍්‍ර වඩාත් ප‍්‍රකට වූ අතර එහි විශේෂත්වය ඔවුන් අවබෝධ කරගත්තා. සමස්ත ඉන්දියානු ලලිත කලා සංගමය මඟින් එම වසරේ පැවැත්වූ සිතුවම් ප‍්‍රදර්ශනයේදී ඇය සම්මාන ද්විත්වයක් දිනාගත්තා. එම වසරේදීම ඇය බොම්බායේදී චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වුවා. වරක් ඇයගේ සිතුවම් පිළිබඳ ප‍්‍රශංසා ලිපියක් යොමු කරන ජවහර්ලාල් නේරූ ‘Bride’s Toilet’ , ‘South Indian Villager Going to Market’ වැනි ඇයගේ සිතුවම් එම ශතවර්ෂයේ  ඉන්දියාවේ විශිෂ්ටතම චිත‍්‍ර බව පවසනවා.

ෆ‍්‍රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් වෙනස් රටවල වෙනස් සංස්කෘතීන් දෙකක් තුළ ජීවත් වුණත් ඔවුන් විසි වැනි සියවසේ කලාව වෙනුවෙන් සිදු කල පුරෝගාමී මෙහෙවර නිදහස්කාමි සහ ප‍්‍රගතිශීලි බැවින් සෑහෙන සමානයි. තමන්ගේම රූපයට ලොල් වූ ඔවුන් කැන්වසය මත ප‍්‍රතිනිර්මාණය කළේ ඔවුන් සිහිනයි. එනිසාම අම්රිතා ෂෙර් ගිල්ව හඳුන්වන්නේ ෆ‍්‍රීඩා කාලෝ කියලයි. ඒ වගේම ෆ‍්‍රීඩා වගේම අම්රිතත් තමන්ගේ නිදහස්කාමී නිර්භීත ජීවිත වෙනුවෙන් වරින් වර මානසික හැල හැප්පීම් වලට ලක්වුණා. අයගේ ප්‍රේම චාරිකා ඇයව විවාහ ජීවිත තුළ පීඩාවට පත් කළා. ෆ‍්‍රීඩා වගේම අම්රිතත් එතරම් යහපත් සෞඛ්‍යයෙන් හිටපු අය නෙමෙයි. අම්රිතාට සිය කුසින් දරුවෙක් වදන්න උවමනා වුණත් ඇයගේ පළමු දරුගැබ ගබ්සා වනවා. ඉන්පසු 1941 වසරේ දෙසැම්බර් මසදී ඇයගේ දෙවැනි දරුගැබත් ගබ්සා වන අතර අවුරුදු 28 ක් වූ ඉතාම කෙටි වයසේදී එම ගබ්සා වීම මේ විශිෂ්ඨ කලා ශිල්පිනියගේ ජීවිතය උදුරා ගන්නවා. ගබ්සාව අතරතුර ඇයගේ මරණය සිදු වූ බවට වාර්තා වූවත් ඇතැමුන් පවසන්නේ ඇයගේ නිදහස් පැවැත්මෙන් සහ විවිධ පෙම් සබඳතා වලින් හති වැටී, කෝපයෙන් සිටි ඇයගේ වෛද්‍ය සැමියා ගබ්සාව අතරතුර ඇයව මරණයට ගෙන යන යම් දෙයක් සිදු කරන්නට ඇති බවයි.

 

amrita shergill3
කෙසේවෙතත් කෙටි ජීවිත කාලයක් සිය උපරිම තෘප්තියෙන් ගත කළ අම්රිතා ෂෙර් ගිල් එලෙස ඉන්දියාවට අහිමි වී යනවා. ඔව් ඇය ෆ‍්‍රීඩාටත් කලින් නික්ම යනවා. නමුත් ඇය විසින් සිදු කළ පුරෝගාමී විශිෂ්ඨ කලා සේවයට ගෞරව දැක්වීමක් වශයෙන් ඉන්දීය රජය 1976 වසරේදී අම්රිතා ෂෙර් ගිල් එරට ජාතික වස්තුවක් බවට ප‍්‍රකාශයට පත් කරනවා. 

 

සටහන : Yesha Fernando

 

රචිකාවගේ වෙනත් ලිපි :  

ද සිම්ප්සන්ස් අනාවැකිකරුවෝ

මත්පැන්, ගැහැනු සහ අඳුරු මනසට ගොඳුරු වූ සිත්තරා

ගිබ්ලි vs ඇමරිකන් AI

නාමල්ගේ හුදෙකලා අනාගතය දුටු ස්පෙන්සර් 

බැන්ක්සි බලපෑම 

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු 

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...