BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අම්මාවරුන් වෙනුවෙන් 'මදර් ලංකා' තිරයට

T

The Leader Desk

May 14, 2025 • 11:03 AM

අම්මාවරුන් වෙනුවෙන් 'මදර් ලංකා' තිරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය මැයි 11වන දිනට යෙදී තිබුණ ලෝක අම්මාවරුන් ගේ දිනයට සමගාමීව අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ "මදර් ලංකා" චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සැවෝයි සිනමා ශාලාවේදී පැවත්විණ.
  •   ශාලු නම් ඇය තම මව් බිම රනින් සැරසූ අභිමානවත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවක්ව සිටියදී, සියළු සිහින එක් නිමේෂයකින් දියව යන්නේ හදිසි ගැබ් ගැනීමක් හේතුවෙනි.    දරුවෙක් කියන්නෙම අම්මෙකුට රටක් හා සමාන බව නොරහසකි.
  • සියල්ල අ'තැර හුදකලා සටනක නිරතවන ශාලු ගේ එකම අරමුණ තම දියණිය එමී ව , තමන් හිටි ලෙසම ඉහල තලයකට ඔසවා තැබීමයි.
  • දක්ෂ බැඩ්මින්ටන් සූරියක් වන එමී, ලෝක ශූරතාවය දක්වා බාධක මැද රැගෙන යන දිරිය මවක වු ශාලු ගේ අනුවේදනීය කඳුළු කතාව "මදර් ලංකා " ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 WhatsApp Image 2025 05 13 at 8.33.15 AMඅනූෂ සංජීව එදිරිමුණි
ආදරණීය අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවා වෙනුවෙන් උපදින දාරක ප්‍රේමයත් , බැඳීම හා සෙනෙහසත් කුමන අවහිර බාධක පැමිණියද නොබිඳී නොසැලී තම ලෙයින් උපන් දරුවාගේ  යහපත වෙනුවෙන් දහසක් දුක් ඉසිලූ අම්මා වරුන් කොතෙකුත් අපවටා නොවෙත්ද ? එවන් අම්මා කෙනෙකුගේ කඳුළු කතාවයි " මදර් ලංකා " සිනමා කෘතිය.
 
ශාලු නම් ඇය තම මව් බිම රනින් සැරසූ අභිමානවත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවක්ව සිටියදී, සියළු සිහින එක් නිමේෂයකින් දියව යන්නේ හදිසි ගැබ් ගැනීමක් හේතුවෙනි. 
 
දරුවෙක් කියන්නෙම අම්මෙකුට රටක් හා සමාන බව නොරහසකි. ඇය පිළිසිඳ ගත්තේ කෙළෙසද , කුමන ආකාරයෙන් ද යනු ඇයට අදාලම නැත. සියල්ල අ'තැර හුදකලා සටනක නිරතවන ශාලු ගේ එකම අරමුණ තම දියණිය එමී ව , තමන් හිටි ලෙසම ඉහල තලයකට ඔසවා තැබීමයි. පියා කවුරුද නොදත් එමීටත් , ශාලුටත් සහයට එන්නේ, තවත් අසරණ වු ගැහැණියක් වන සත්‍යායි. දක්ෂ බැඩ්මින්ටන් සූරියක් වන එමී, ලෝක ශූරතාවය දක්වා බාධක මැද රැගෙන යන දිරිය මවක වු ශාලු ගේ අනුවේදනීය කඳුළු කතාව "මදර් ලංකා " ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.
 
472716117 613952330997526 996327768042294720 n 670x301
මෙහි ශාලු ලෙසින් තරින්දි ප්‍රනාන්දු, එමී ලෙසින් සෙනුකි දිශල්‍යා (හඳුන්වා දෙන),සහ සත්‍යා ලෙසින් ධනංජ සිරිවර්ධන විශිෂ්ඨ රංගනයක යෙදෙන අතර, බිමල් ජයකොඩි, සනත් ගුණතිලක , දිල්හානි අශෝකමාලා, හර්ෂිකා රත්නායක, ධර්මප්‍රිය ඩයස්, කළණ ගුණසේකර, චතුරංග කොඩිතුවක්කු, හේෂානි ලියදිපිට, මාදිනි මල්වත්ත, සරත් කොතලාවල, කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන්‍ රැසක් රංගනයෙන් දායකව ඇත. 
474857707 640900671636025 6833378308410133020 n 670x279
 
තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත්, කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන්, සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න, සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන, සමූහ අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි එක්වී ඇති "මදර් ලංකා" ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි .


සටහන : ඇන්ටන් .ජේ. ප්‍රනාන්දු 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...