BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මේ, 'සරග' පනස්වන පියවර යි...(වීඩියෝ)

T

The Leader Desk

May 18, 2025 • 6:17 AM

මේ, 'සරග' පනස්වන පියවර යි...(වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Youtube නාලිකාවක සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාවක් පියවර පනහක් දක්වා එනව කියන්නෙ අභියෝගාත්මක වැඩක්. හැබැයි ඒ අභියෝගය ජයගන්න අපිට පුළුවන් වුණා; අපි කියන්නෙ මේක සාමුහික වැඩක් නිසා.
  • ඒ නිසා ඔබ හැම දෙනාට ම ස්තුතියි...!
  • මතු පළවන්නේ The leader TV ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග අද එකතුවන චරිත් තරූෂණ රණබාහු සහ උදිත සිරිවර්ධන ''සරග'' පිළිබඳ ඔවුන් දරන මතය සහ ඉදිරියේ දී සිදු කළ යුතු යැයි ඔවුන් කළ යෝජනා ඇතුළත් වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වැඩේ යෝජනා කරන්නෙ සහ පූර්ණ අනුග්‍රහකත්වය දක්වන්නේ The leader වෙබ්  අඩවියේ ප්‍රධාන සංස්කාරක රුවන් ඒෆ්. ගුරුගේ සොයුරා. එතනින් වැඩේ පැවරෙන්නේ තුෂී (තුෂාරා සෙව්වන්දි) සොයුරිය වෙතට. සම්බන්ධිකරණය කළේ අයේෂා ආරියරත්න සොයුරිය.

චිත්‍රාගාරයේ කටයුතු, කැමරාකරණ කටයුතු සහ සංස්කරණ කටයුතු සඳහා දායක වුණේ: Nafarz Nizme (නෆ්රාස් නිසාම්), Hari Vichnesh (හරි විච්නේෂ්), Minthaka Eranda (මින්තක එරන්ද), Dinitha Jayarathna (දිනිත ජයරත්න) සහ Naqeeb Nawaz (නකිබ් නවාස්) යන සොහොයුරෝ.

මේ හැම දෙනා ම හිටියත් අපි වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ කිසියම් වියදමක් දරාගෙන අපේ තැනට ඇවිත් ''සරග'' සාහිත්‍යකලා වින්දනීය අඩහෝරාව වෙනුවෙන් ඉදිරිපත් වුණ: ලේඛක ලේඛිකාවො, සිනමා සහ රූපවාහිනි නාට්‍ය අධ්‍යක්ෂවරු, පිටපත් රචකයො සහ රචකාවො, සංගීත ශිල්පියෝ, ඡායාරුප ශිල්පින් සහ වෙනත් සාහිත්‍ය කලා කටයුතුවල නියැළෙන පිරිස නොසිටින්නට අපිට කොහොමටත් මේ වැඩේ මෙච්චර දුරකට ඇදගෙන එන්න බැරි වෙනවා.

ඉතිං ඒ අයට leader TV ආයතනය වෙනුවෙන් වගේ ම මගේ පුද්ගලික ස්තුතිය පළ කරන්න හොඳ ම සහ සුදුසු ම අවස්ථාව තමයි මේ. ඒ නිසා ඔබ හැම දෙනාට ම ස්තුතියි...!

ඒ වගේ ම අපගේ දැනුම් දීමට අනුව අදහස් දක්වන්නට පැමිණි, ''සරග'' වැඩ සටහන නරඹන ප්‍රේක්ෂක දෙපළක් වන චරිත් තරූෂණ රණබාහු පුතාට සහ උදිත සිරිවර්ධන සොයුරාටත් බෙහෙවින් ම ස්තුතියි...!

මතු පළවන්නේ The leader TV ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග අද එකතුවන චරිත් තරූෂණ රණබාහු සහ උදිත සිරිවර්ධන ''සරග'' පිළිබඳ ඔවුන් දරන මතය සහ ඉදිරියේ දී සිදු කළ යුතු යැයි ඔවුන් කළ යෝජනා ඇතුළත් වීඩියෝව යි.

නරඹන ඔබටත් පුළුවන් ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න; එය අපිට දිරියක් වගේ ම වැඩසටහනේ අනාගත අභිවෘද්ධියට ඉතා වැදගත්.

ස්තුතියි නැවතත් හැම දෙනාට ම...!

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...