BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

භාෂා හරඹයෙන් පෝෂණය වුණ මන්දාකිණියක කීපදෙනෙක් | නිලක්ෂි බණ්ඩාර

T

The Leader Desk

May 21, 2025 • 7:49 AM

භාෂා හරඹයෙන් පෝෂණය වුණ මන්දාකිණියක කීපදෙනෙක් | නිලක්ෂි බණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තීරු ලිපියෙන්, කවියෙන්, කෙටි කතාවෙන් ලේඛන කලාවට එළඹුණු කසුන් සමරතුංග සෑම ශානරයක ම දස්කම් දක්වන කලාකරුවෙකි.
  • මන්දකිණියෙන් කිහිප දෙනෙක් කතාව ඇරඹෙන්නේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වන චරිත පරණමානගේ සහ නවක ලේඛකයකු අතර ඇතිවන දෙබසක් ඇසුරෙනි.
  • ඒ ඔස්සේ මාධ්‍යලෝකයේ ඇතුළාන්තයේ ඇති දෙබිඩි ක්‍රියාවලි සහ රංගන  හාස්‍යයට ලක්වන  ස්ථාන අපුරුවට එළිදක්වයි.
  • එමෙන් ම සමාජයෙන් සැඟවුණු තොරතුරු රාශියක් හෙළි කිරීමට මේ ඔස්සෙ  කතුවරයා සමත් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්දාකිණියෙන් කිහිපදෙනෙක් ඔහුගේ පළමු නවකතාවව වන අතර මෙහිදී ද අනිකුත් නිර්මාණවල දක්නට ලැබෙන නිර්මාණශීලි බව සේම වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අකටයුතුකම් මනාව හෙළිදරව් කරයි.

මන්දකිණියෙන් කිහිප දෙනෙක් කතාව ඇරඹෙන්නේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වන චරිත පරණමානගේ සහ නවක ලේඛකයකු අතර ඇතිවන දෙබසක් ඇසුරෙනි. ඒ ඔස්සේ මාධ්‍යලෝකයේ ඇතුළාන්තයේ ඇති දෙබිඩි ක්‍රියාවලි සහ රංගන  හාස්‍යයට ලක්වන  ස්ථාන අපුරුවට එළිදක්වයි. එමෙන් ම සමාජයෙන් සැඟවුණු තොරතුරු රාශියක් හෙළි කිරීමට මේ ඔස්සෙ  කතුවරයා සමත් වී ඇත.

Kasun Samarathunga 1

 

එම කතාබහ කතා ශෛලියෙන් ලියවී ඇත. මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ චරිත කීපයක් වටා ගෙතුණු ලිවීමක් වීමයි. මුළු කතාවම ඒ ඒ පුද්ගලයින්ගේ කෝණයෙන් පාඨකයා වෙත ළං කරයි.

අතෘප්තිකර පවුල් ජීවිතයක් ගත කරමින් විවාහ බැම්ම ආරක්ෂා කරගැනීමට නොව කෙසේ හෝ පවත්වාගෙන යාමට උත්සහ කරන කාන්තාවක් මෙම කතාවේ කතා නායිකාව වේ. සුපුරුදු ජීවන රටාව පවත්වාගෙන යෑමට ඇයට ධනවත් ව්‍යාපාරිකයා සමග ජිවත් වීමට සිදුවේ. ස්ත්‍රිපුරුෂ පුද්ගල සම්බන්ධතාවල දුර්වලතා, දරුවන් අහිමි වීම්, අසාර්ථක විවහා ජිවිත නිසා ස්වාමි පුරුෂයාගේ දින චරියාව නිසාත්, ව්‍යාපාරික කටයුතු සහ අසීමිත නිදහස පසුපස හඹා යන ගැහැනිය මෙම නව කතාව තුළ හමුවන ජල ප්‍රවහයන්ය. මෙහිදී විශේෂත්වය වනුයේ ඇය ගැන පාඨකයාට දැනගත්ත හැක්කේ විවිධ චරිත ඇයව දකින දෘෂ්ටිකෝණයෙණි.මෙම චරිත බොහොමයක් මාධ්‍යයට සම්බන්ධ අයයි.

ව්‍යාපාරික ලෝකයෙන් හෙම්බත් වන ඇය ඇතැම් විටෙක සමාජ සේවා කටයුතුවල යෙදෙයි. විශාල ධන පරිත්‍යාගයෙන් කටයුතු කරයි. අපට මෙහි දී ඩයනා කුමරියගේ චරිතය සිහියට නැගෙයි.  ඇය ද තම හීන අනුන් වෙනුවෙන් කැප කල කාන්තාවකි.

 

නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)
වත්මන් සමාජයේ උද්ගතවී ඇති ගැටලු කිහිපයක් මෙහි දී කතුවරයා පාඨක දෑසට ළං කරයි. කාන්තාව පසුගිය කාලයේ දී බොහෝ විට මත්පැන් භාවිතයට යොමු වන්නේ එක්කෝ ඉහළ සමාජයේ සහ වතු ආශ්‍රිතව වාසය කරන්නන්ය. නමුත් වර්තමානයේ සමහර කාන්තාවන් පාසල් වියේ දී තරුණ වියේදීත් මත්පැන් භාවිතයට යොමුව ඇත. ඒ නිසා ඇතිවන සමාජ පරිහානිය ද කතුවරයා ගේ දර්ශනයට ලක්ව ඇත. මත්පැන් භාවිතය නිසා පුද්ගලයින් වෙනත් මානයන්ට යොමුවන ආකාරය ලේඛකයා මනෝ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත.

විවාහ කුටුම්භය තුළ දී කාන්තාවන්ට තමන්ට ස්ථාවර ආර්ථික මට්ටමක් නැතිවිමේ දී තම ආර්ථික ස්වාධීනත්වය අහිමිවන ආකාරය මැනවින් මෙහි පිළිඹිබු කර ඇත. එලෙස ම දෙමාපියන්ගේ නිමක් නැති  නීතිවලට යටත්ව, ඔවුන්ගේ කැමැත්තට  අනුගතවන්නට සිදුවීම හේතුවෙන් ජිවිත ගමන තුළ දරුවන් කොතරම් අතරමංව අසරණ වනවා ද යන්න මැනවින් පෙන්නුම් කරන මන්දකිණියෙන් කීපදෙනෙක් නව කතාව සමාජයේ සෑම පැතිකඩක් දෙසම පුළුල් විග්‍රහයකින් යුතුව රචනා කර ඇති බව පාඨකයාට මනාව තේරුම් යන කරුණකි.

 

484092110 993177722905235 6600745796939743851 n

කතා නායිකාවගේ පවුල් පරිසරය පිළිබඳව යම් කිසි ඉඟියක් තිබුණි නම් මෙවැනි චරිතයක් ගොඩ නැගීමට හේතුව තවත් පැහැදිලිවිමට ඉඩ තිබුණි. මේ ජිවිතයේ රසවත් තැන් සේම විවිධ හැලහැප්පිලි, ඝට්ටන පිළිබඳව කතුවරයා රසවත් ලෙසත්, කතාව ගලායාමට පිටුවහලක් වන අයුරිනුත් යොදාගෙන ඇත. කසුන් සොහොයුරා මන්දකිණියෙන් කිහිප දෙනෙක් නමැති නව කතාවෙන් ආලින්දයට විටින් විට විවිධ අමුත්තන් කැඳවාගෙන ඒම පාඨකයින්ට කුතුහලය දනවන කරුණකි. එය, පාඨකයාට අපූරු අත්දැකීමක් මන්දකිණියෙන් කිහිපදෙනෙක් නවකතාව තුළින් ලේඛකයා ලබා දෙයි. මේ ඔස්සේ තත්කාලීන සමාජයේ සංකීර්ණ පැතිකඩ රාශියක් අපට දැකගත හැකිය.

පොත්: කියවීම, ප්‍රදර්ශනය කිරීම, කියවූ පොත් විකිණීම සහ කළුකඩකාරයෝ - (ජයසිරි  අලවත්ත)

 

125වන පිටුවේ ඇති මලිත්තගේත්  ජනිතගේත් කතාබහ ඔස්සේ කලා ලොව පවතින අඳුරු පැතිකඩ මනා ලෙස ඔප්නංවා පෙන්නුම් වන අවස්ථාවකි. සාහිත්‍ය ලොව සුදුස්සාට නිසිතැන නොලැබෙන බවත් පසුව ඔවුන් සුදුස්සන් ඉදිරියේදී දෙබිඩි චරිතයන් රඟදක්වන ආකාරයත් මේ ඔස්සේ මනාව පැහැදිලි වේ.

“ඒකිගේ පොත මරු මචං! හැබැයි මේක ඒකිගේ පළවෙනි පොතනේ. ඒක නිසා අපේ එයාට සම්මානේ දෙන්නේ නෑ. එයාට තව කල් තියෙනවනේ. අනික ඕකුන් එක පාර වැඩිය උඩ දාන්න හොඳත් නෑ. කට්ට කාලා එන්න එපැයි.''

උත්ප්‍රාසය දනවන ස්ථාන ද මෙහි නැතුවා නොවේ.මලිත්ත චන්දුලාට හිමි නමුත් නොලැබෙන සම්මානය පිළිබඳව පවසද්දී  ජනිත විසින් "මරු, මරු, හොඳ වෙලාවට අරුන්දතී රෝයි වගේ කෙනෙක් ලංකාවේ හිටියේ නැත්තේ මචන්, හිටියා නම් එයාගෙත් පළවෙනි පොතට ලැබෙන්නේ බුකර් සම්මානය නෙවෙයි. ඔය හොඳම ආධුනික නිර්මාණ සම්මානේ තමයි"

484396591 993177709571903 6363891884144771179 n
උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලිවිම නිසා පාඨකයාට පසුවෙන් කතාව තෙරුම් ගැනීමට හැකියාව ලැබේ. සරල භාෂා භාවිතය මෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි. විවිධ පුද්ගලයින්ට අනුගත වන ආකාරයෙන් භාෂාව හැසිරවීමේ ගුණාංගය කතාව පුරා ම අපිට දැකිය හැකි ය. අවස්ථාවට උචිත ලෙස භාෂාව හැසිරවීම නවකතාවක දැකිය හැකි ධනාත්මක ලක්ෂණයකි.

දේශපාලනික අරගලය පිළිබඳ මනා කියවීමක් මේ ඔස්සේ දක්නට ලැබෙන අතර සාමාන්‍ය ජනයා අත්නොවිදින, නොදකින අඳුරු රහස් මෙම කියැවීම ඔස්සේ ලේඛකයා විසින් පාඨක මනසට ළං කරයි.ලෝකයට සුදු චරිතයක් පෙන්වමින් කළු චරිතව හිඳ දේශපාලකයින් රඟන රංගනය යථාර්තවදිව මෙහිදී පෙන්නුම් කිරීම රචකයාගේ ඇති විශේෂත්වය යි.

එලෙස ම සම්ප්‍රදායිකව සිතන ලංකාව බඳු රටක ලිංගිකත්වය සේම සමලිංගිකත්වය පිළිබඳවත් නිදහස් මානසිකත්වයකින් සිතීමේ නිදහසක් ඇති බවත් මෙහිදී පෙන්වන කරුණකි. ලිංගිකත්වය යනු කෙනෙකුගේ ලිංගික සිතුවිලි, ලිංගික හැඟීම්, ආකර්ෂණය සහ හැසිරීම් යන මේ සියල්ලන්ගේ ම එකතුවයි. ලිංගිකත්වය යනු ක්‍රියාවෙන් ඔබ්බට ගිය මානසික ,අධ්‍යාත්මික කාරණාවලින් යුක්ත කරුණකි. ලිංගික අධ්‍යාපනය පිළිබඳ අප පාසල්වල පවා කතාබහ කිරීමට මැළිකමක් දැක්වීම හේතුවෙන් ලිංගික අධ්‍යාපනය පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනෙකු තුළ නොමැති වීම මෙම අනවබෝධයට විසල් හේතුවකි.

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

කාන්තා පිරිමි දෙපාර්ශවයට අමතරව සමාජයේ සිටින තෙවන පාර්ශවය පිළිබඳව අප සමාජයේ බොහෝ දෙනෙකු අමතක කර ඇත. ඔවුන් ද අප මෙන්ම හැඟීම් දැනීම් ඇති සාමාන්‍ය පුද්ගලයින් බව අප අමතක නොකළ යුතු ය. එබැවින් ඔවුන් දෙස ද මානුෂිය ඇසකින් බැලිය යුතු බව ලේඛකයා පාඨකයාට එත්තු ගන්වයි. මෙය රෝගයක් නොව එක් එක් පුද්ගලයින්ගේ ලිංගික අනන්‍යතාව යි. එනම් කෙනෙක් තමන්ගේ ස්ත්‍රී - පුරුෂභාවය පිළිබඳ සිතින් දකින ආකාරය යි. සරලවම දැක්වුවහොත් කෙනෙක්ට තමන්ගේ ලිංගික ආකර්ෂණය ඇතිවන පුද්ගලයාගේ ස්ත්‍රී - පුරුෂභාවය යි. 

මෙය මුල් කාලයේදී ‘Gender dysphoria’ ලෙස හැඳින්වූ අතර තවදුරටත් එය රෝගයක් නොවන බව තහවුරු විය. මන්ද, රෝගයක් නම් ඖෂධ මගින් සුව කළ හැකි විය යුතු අතර මෙය එවැනි තත්ත්වයක් නොවන බව සොයා ගැනීමයි. මෙයට හේතුව ජානමය තත්ත්වයක් හෝ මොළයේ රසායනික වෙනස්වීම්වල තත්ත්වයක් වීමට ද ඉඩ තිබේ. මෙවැනි කරුණු පිළිබඳව ද මනුෂ්‍යයින් වශයෙන් අප අවබෝධයෙන් සිටිය යුතු බව මැනවින් පැහැදිලි වන කරුණකි.

kasun
අප රටේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතු බව හොදින්ම වැටහෙන කරුණක් වන අතර ඒ ඔස්සේ රටේ පවතින විසල් ගැටලු රැසකට විසඳුම් ලැබෙන බව මනාව පැහැදිලි වන කරුණකි.

මෙම කරුණු ඔස්සේ කසුන් සමරතුංග සොයුරා විවිධ මාන රැසක් පිළිබඳව විවේචනාත්මක හෙළිදරව්වක් කර ඇති අතර පළමු නව කතාව වන මන්දකිණියෙන් කිහිපදෙනෙක් කෘතිය සාර්ථක ලිවීමක් බව පැවසිය යුතු ය.

සිය ජීවන අත්දැකීම් ලේඛන ගත කරමින් දියත පතල වූ ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩ් | නිලක්ෂි  බණ්ඩාර(සටහන | නිලක්ෂි බණ්ඩාර)
නිදහස් ලේඛිකා
nilakshibandara0710@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...