BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දේවි කුසුමාසන සමග සිනමාවට එන දුමී

T

The Leader Desk

May 22, 2025 • 7:29 AM

දේවි කුසුමාසන සමග සිනමාවට එන දුමී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන ලද ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදනය කළ ‘දේවී කුසුමාසන’ සිනමා නිර්මාණය අද (මැයි 22 ) සිට තිරගත කිරීම ආරම්භ කරනවා.
  • දුමී රංගනයෙන් දායක වුණු දේවි කුසුමාසන එළැඹෙන 22 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ වෙනවා.
  • හැබැයි හම්බවෙලා කතා කළාට පස්සේ ඔහු මට ගොඩක් කැමැති වුණා.
  • එතැනින් පසුව මට ලොකු සතුටක් ඇතිවුණා මේ චරිතයට තෝරාගැනීම සම්බන්ධව.
අකුරු ප්‍රමාණය (Font Size):


දේවී කුසුමාසන සිනමා නිර්මාණයත් එක්ක සිනමාවට අලුත්ම මුහුණක් එකතුවෙනවා. ඇය පුංචි තිරයට නම් අලුත් මුහුණක් නෙමෙයි. හැබැයි සිනමාවට අලුත් මුහුණක්. නමින් දුමී වන්නිආරච්චි. මේ කතාබහ ඇයත් සමගයි.

WhatsApp Image 2025 05 05 at 3.20.13 PM
දුමී රංගනයෙන් දායක වුණු දේවි කුසුමාසන එළැඹෙන 22 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ වෙනවා. පසුගියදා පැවැති මාධ්‍ය දර්ශනයේදී ඔබට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරයක්ද?

දුමී :

මාධ්‍ය දර්ශනයේදී ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒකට හේතුව මගේ ප්‍රථම සිනමා අත්දැකීම තමයි ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ දේවි කුසුමාසන සිනමා නිර්මාණය. මේ නිර්මාණය ලයිකා නිෂ්පාදන ආයතනයෙන් කරනු ලබන දැවැන්ත සිනමා නිර්මාණයක්.

492472441 693480493078995 7802769907364503777 n

කොහොමද මේ සඳහා ආරාධනා ලැබුණේ?

දුමී :
මේ සිනමා නිර්මාණයේ සහාය අධ්‍යක්ෂ ප්‍රියන්ත අයියා හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ප්‍රියන්ත අයියා තමයි මාව ජයන්ත චන්ද්‍රසිරි මහතාට හඳුන්වාදෙන්නේ. පද්මාගේ චරිතයට තමයි මට ආරාධනාව ලැබෙන්නේ. ඊට පසුව තමයි ජයන්ත සර් එක්ක කතාබහ කරලා මාව මේ චරිතයට තෝරාගනු ලබන්නේ.

ජයන්ත චන්ද්‍රසිරි වැනි දැවැන්ත අධ්‍යක්ෂවරයකුගේ සිනමා නිර්මාණයෙන් සිනමා ගමන ආරම්භ කිරීම ගැන මොකද හිතන්නේ?

දුමී :
ජයන්ත චන්ද්‍රසිරි සර් කියන්නේ අපේ කාලවකවානුවේ සිටින දැවැන්ත නිර්මාණකරුවෙක්. මගේ ප්‍රථම සිනමා ගමන ඔහුගෙන් ආරම්භ කරන්න ලැබීම මගේ වාසනාවක්. ඒක හැමෝටම උදාවෙන්නේ නැති අවස්ථාවක්. මේ සිනමා නිර්මාණයට අතිශය ප්‍රවීණ දැවැන්ත නළු නිළියන් රැසකගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීම මගේ පළමු අත්දැකීම විදිහට කියාගන්න බැරි සතුටක් තිබෙන්නේ. මම හරි වාසනාවන්තයි කියලා හිතනවා ඒ වගේ අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන්.

මුලින්ම දුරථකන ඇමතුම ආවහම මොනවගේ හැඟීමක්ද තිබුණේ?

 

vw46
දුමී :

මට මුලින්ම දුරකථන ඇමතුම ලැබුණම මට ලොකු සතුටක් ආවා. හැබැයි මම ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ජයන්ත සර්ව හමුවෙන්න කලින් මධ්‍යස්ථ තැනක හිටියේ. හැබැයි හම්බවෙලා කතා කළාට පස්සේ ඔහු මට ගොඩක් කැමැති වුණා. මොකද මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය තියෙන නිසා. ඒක නිසාම ජයන්ත සර් මට ලොකු කැමැත්තක් දැක්වූවා රංගනය හදාරන ශිෂ්‍යාවක් හින්දා. එතැනින් පසුව මට ලොකු සතුටක් ඇතිවුණා මේ චරිතයට තෝරාගැනීම සම්බන්ධව.

පද්මාගේ චරිතය වෙනුවෙන් මොනවගේ කැපකිරීමක් ද සිදුකළේ?

දුමී :
පද්මා කියන චරිතය ඉතිහාසයේ මෙන්න මේ වකවානුවේ මෙහෙම හිටියා කියලා නිශ්චිත වශයෙන් තියෙන චරිතයක් නෙමෙයි. මේක මනඃකල්පිතව ඉතිහාසය හොයාගෙන යනකොට නිර්මාණය වුණු චරිතයක්. එතකොට ඒ කාලේ කොයිවිදිහට ද හැසිරිලා තියෙන්නේ වගේ දේවල් අපි මනඃකල්පිත ආකාරයෙන් වගේම අනෙක් චරිත ලියැවිලා තියෙන ආකාරයත් එක්කත් එක්ක තමයි මේ චරිතය නිර්මාණය කරගත්තේ. කුසුමාසන දේවියගේ ළඟම යෙහෙළිය සේවිකාව කියන භූමිකාවන් දෙකම ඒ චරිතය තුළ අන්තර්ගතවෙලා තියෙනවා. මේ චරිතය ගොඩනඟා ගැනීමේදී මහේන්ද්‍ර පෙරේරා අයියා, හේමාල් අයියා, උදාරි වර්ණකුලසූරිය අක්කා මට ගොඩක් උදව් කළා.


මේ දවස්වල ඔබේ රංගන වැඩකටයුතු එහෙම කොහොමද?

දුමී :
පසුගිය මාස කිහිපයේ මම රංගනයෙන් ඈත්වෙලා හිටියා. මොකද සරසවියේ මගේ අවසන් වසර යන්නේ. අනික මේ දවස්වල විභාග කාලය. විභාග කටයුතු අවසන් වුණාට පසුව මම ආපහු වැඩ පටන්ගන්නවා. ලබන මාසයේ ඉඳලා ධනුෂ්ක රේමන්ගේ ද ලේක් කියන මිනි සීරියස් එකකින් හමුවෙන්න පුළුවන්. ඒක තමයි අලුත්ම නිර්මාණය.

රංගනයට එන්න අදහස් කළේ ඇයි?

481278114 653902400370138 5986010574977629301 n
දුමී :

මම පොඩි කාලේ ඉඳලාම ලයනල් රන්වල පදනමේ සාමාජිකාවක් විදිහට වැඩකටයුතු කළා. ඊට පස්සේ මහාචාර්ය මුදියන්සේ දිසානායක සර් හරහා මම උඩරට නර්තනය සම්බන්ධව අවුරුදු හතරේ ඉඳලා හදාරනවා. ඉතිං ඒකත් එක්ක මම පුංචි කාලේ ඉඳලා දක්ෂතාවය දැක්වූයේ කලාවට. මට ඒ සඳහා ගෙදරිනුත් ලොකු සහයෝගයක් දැක්වූවා. අන්තිමට මම උසස් පෙළත් හැදෑරුවේ කලා අංශයෙන් නාට්‍ය, නර්තනය හා ජනමාධ්‍ය කියන විෂයන් ත්‍රිත්වය. ඊට පස්සේ මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා නාට්‍ය හා රංග කලාව පිළිබඳව විශේෂවේදී උපාධිය හදාරන්න. ඉතිං මම හිතනවා මේ ක්‍ෂේත්‍රයට පැමිණෙන්න මූලික අඩිතාලමක් හදාගෙන තිබෙනවා කියලා. ඒක මම දන්න දේ. මම වෙන දෙයක් ඇත්තටම දන්නේ නෑ.


මේ වෙනකොට ඔබේ වෘත්තිය?

481161128 653902370370141 8315512426814530004 n
දුමී :
මම වෘත්තිය සම්බන්ධයෙන් තෝරාගෙන තිබෙන්නේ රංගනය තමයි. මොකද මම වැඩිදුර අධ්‍යාපනය හදාරන්නෙත් රංගනය තමයි. මම මුලදී ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට වැඩකරලා තියෙනවා. ඊට පසුව විශ්වවිද්‍යාලයේ මගේ විභාග කටයුතු එක්ක මම පූර්ණකාලීනව රංගනය සහ විශ්වවිද්‍යාල කටයුතු තෝරාගත්තා.

දැන් නිවේදිකාවගේ භූමිකාවෙන් ඈත්වෙලාද?

දුමී :
ඔව්. මම ඒකෙන් ඈත්වුණා. මොකද මට විශ්වවිද්‍යාල කටයුතු එක්ක ක්‍ෂේත්‍රයන් තුනක වැඩකටයුතු කරන්න ටිකක් අමාරුයි. ඒක හින්දා මගේ වැඩි කැමැත්ත සහ මම දන්න දේ රංගනය සහ නර්තනය. ඉතිං මගේ වෘත්තිය විදිහට මම ඒක තෝරාගත්තා.

 

498164640 122168903072341320 2045406396688589725 n
රංගන වැඩකටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය?

දුමී :
පුංචි කාලේ ඉඳලා මගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒ පැත්තට යොමු කළේ මගේ අම්මයි තාත්තයි. ඒකට මම ඔවුන් දෙපළට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මගේ හෙවණැල්ල වගේ මගේ පිටුපසින් ඉන්නේ මගේ අම්මා. මගේ තාත්තත් එහෙමයි. ඔවුන් නිරන්තරයෙන්ම මේ කාර්ය සඳහා මාත් එක්ක පූර්ණ කාලීනව නිරත වෙලා ඉන්නවා. අධ්‍යාපනයත් එක්ක ආවොත් තමයි මෙහි වටිනාකමක් තියෙන්නේ.

අධ්‍යාපන කටයුතු අවසන් කළාද?

දුමී :
එළැඹෙන ජූනි 30 වැනිදායින් මගේ උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.

492587811 693480466412331 5452100049416122767 n

ඔබ රංගනයෙන් දායකවුණු ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?

දුමී :

මම ක්‍ෂේත්‍රයට එන්නේ සාරංග මෙන්ඩිස් අයියාගේ සංගීතය ටෙලිනාට්‍ය හරහා. මම විශේෂයෙන්ම මතක් කරනවා සුපුන් රත්නායක අයියාව. මොකද ඔහුගේ ෆෝචූන් රෙසිඩන්සි වගේම තත්ත්පරයක් දෙන්න ටෙලිනාට්‍ය හරහා මාව දැකගන්න පුළුවන් වුණා. රවීන්ද්‍ර අයියාගේ බොනිකර තරුවලට සම්බන්ධ වුණා. ඊට පස්සේ මගේ අධ්‍යාපන කටයුතු හින්දා මම පුංචි විරාමයක් ගත්තා. දැන් අලුත්ම ටෙලිනාට්‍ය වන ද ලේක් හරහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ද ලේක් ගැන කතා කළොත්?

481282716 653902393703472 3837367567075325757 n
දුමී :
ද ලේක් ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකවෙන්න ලැබීම ගැන අතිශයින්ම සතුටුවෙනවා. මොකද ඒ නිර්මාණයටත් ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන් ගණනාවක් රංගනයෙන් දායකවෙනවා. ඒක මිනිසීරිස් එකක්.

( divaina.lk | දිනේෂ් විතාන)

දේවි කුසුමාසන’ මැයි 22 සිට රිදී තිරයේ !

දේවි කුසුමාසන : ඉතිහාසයට නොරිදවා ඉතිහාසය වෙනස් කළ මිනිසා පිළිබඳ කතාව

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...