BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලක්ෂ්මේන්ද්‍ර ගේ 'තුන්සක දඩය' කාව්‍ය සංග්‍රහය අමාත්‍ය නලින්ද වෙත පිළිගන්වයි

T

The Leader

July 16, 2025 • 10:11 PM

ලක්ෂ්මේන්ද්‍ර ගේ 'තුන්සක දඩය' කාව්‍ය සංග්‍රහය අමාත්‍ය නලින්ද වෙත පිළිගන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් විසින් රචිත පස්වන කාව්‍ය සංග්‍රහය වන “තුන්සක දඩය” කාව්‍ය සංග්‍රහය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පසුගිය දා පිළිගන්වනු ලැබී ය.
  • ඔහුගේ පළමු කාව්‍ය නිර්මාණ සංග්‍රහය 2010 වර්ෂයේ දී එළිදැක්වුණු අතර “කල්‍යාණි නදී” නම් එම නිර්මාණයට නැගෙනහිර පළාත් සාහිත්‍ය සම්මානය හිමි විය.
  • මීට අමතරව ''පන්නෝවේ සිනහසෙන කුමරිය'', ''තහනම් පෙමක'', ''ඉල්ලන්කා'' යන කාව්‍ය සංග්‍රහ ඔහු රචනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් කවියෙකු, කෙටිකතාකරුවෙකු, ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු සහ පුවත්පත් කලාවේදියකු ලෙස දක්ෂතා ප්‍රගුණ කර ඇති නිර්මාණ ශිල්පියෙකු වේ.

“තුන්සක දඩය” කාව්‍ය සංග්‍රහය තුළින් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් වර්තමාන සමාජ සංසිද්ධීන් දෙස අපූර්වත්වයකින් යුතුව නිරීක්ෂණයක යෙදේ.

ඔහුගේ පළමු කාව්‍ය නිර්මාණ සංග්‍රහය 2010 වර්ෂයේ දී එළිදැක්වුණු අතර “කල්‍යාණි නදී” නම් එම නිර්මාණයට නැගෙනහිර පළාත් සාහිත්‍ය සම්මානය හිමි විය. මීට අමතරව ''පන්නෝවේ සිනහසෙන කුමරිය'', ''තහනම් පෙමක'', ''ඉල්ලන්කා'' යන කාව්‍ය සංග්‍රහ ඔහු රචනා කර ඇත.

ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහා භාණ්ඩාගාරය, අම්පාර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්, තඹලගමුව ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නියෝජ්‍ය ලේකම්, ග්‍රාමීය කර්මාන්ත පළාත් අධ්‍යක්ෂ, පේෂකර්මාන්ත අධ්‍යක්ෂ, වරකාපොළ ප්‍රාදේශීය ලේකම්, පඬුවස්නුවර (බටහිර) ප්‍රාදේශීය ලේකම්, අලව්ව ප්‍රාදේශීය ලේකම් හා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අධ්‍යක්ෂ (පරිපාලන) ලෙස සේවය කර රාජ්‍ය සේවයේ හසළ අත්දැකීම් ඇති අතර, දැනට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලෙස සේවය කරයි.

(සටහන | දීප්ති විජේතුංග)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...